Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දසවැනි කොටස)

Monday, November 16, 2009 , at 9:55 AM


151. සෝ භගවා ඉතිපි අනාරම්භවිමුත්තෝ:- ඇරඹීම් වලින් තොර නිවනෙහි මිදුණු සිත් ඇති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාරම්භවිමුත්ත’ වන සේක.

152. සෝ භගවා ඉතිපි අනාතුරෝ:- කෙළෙසුන්ගෙන් ආතුර නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාතුර’ වන සේක.

153. සෝ භගවා ඉතිපි අනාලයප්පත්තෝ:- ආලය ක්ෂය වීම නම් වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලයප්පත්ත’ වන සේක.

154. සෝ භගවා ඉතිපි අනාලයෝ:- ඇල්ම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලය’ වන සේක.

155. සෝ භගවා ඉතිපි අනින්දිතෝ:- කරුණු සහිත ව කිසිවෙකුගෙනුත් නින්දා නො ලබන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනින්දිත’ වන සේක.

156. සෝ භගවා ඉතිපි අනිස්සුකී:- ඉරිසියා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සුකී’ වන සේක.

157. සෝ භගවා ඉතිපි අනිදස්සනප්පත්තෝ:- සංස්කාර මගින් නො දැක්විය හැකි වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිදස්සනප්පත්ත’ වන සේක.

158. සෝ භගවා ඉතිපි අනිරාකතජ්ඣානෝ:- නො නැසූ ධ්‍යාන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිරාකතජ්ඣාන’ වන සේක.

159. සෝ භගවා ඉතිපි අනිකේතවිහාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයේ නො වසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතවිහාරී’ වන සේක.

160. සෝ භගවා ඉතිපි අනිමිත්තවිහාරී:- නිමිති රහිත විහරණයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තවිහාරී’ වන සේක.

161. සෝ භගවා ඉතිපි අනිච්ඡෝ:- කැමැත්ත බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිච්ඡ’ වන සේක.

162. සෝ භගවා ඉතිපි අනිස්සිතෝ:- කිසිදු සංස්කාරයක් ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සිත’ වන සේක.

163. සෝ භගවා ඉතිපි අනිකේතසාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයෙහි නො හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතසාරී’ වන සේක.

164. සෝ භගවා ඉතිපි අනීතිහමදස්සී:- තමන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂයෙන් ම දහම් දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිහමදස්සී’ වන සේක.

165. සෝ භගවා ඉතිපි අනීතිකප්පත්තෝ:- සියළු උපද්‍රව දුරු වීම නම් වූ නිර්වාණයට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකප්පත්ත’ වන සේක.

166. සෝ භගවා ඉතිපි අනීඝෝ:- අකුසල් නිසා ඇති වන සියලු දුක් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීඝ’ වන සේක.

167. සෝ භගවා ඉතිපි අනීතිකධම්මප්පත්තෝ:- සියලු විපත් දුරු වූ නිවනට පැමිණ වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකධම්මප්පත්ත’ වන සේක.

168. සෝ භගවා ඉතිපි අනුප්පත්ථසදත්ථෝ:- පිළිවෙලින් තම අර්ථයට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුප්පත්ථසදත්ථ’ වන සේක.

169. සෝ භගවා ඉතිපි අනුධම්මචාරී:- ධර්මයට අනුව ජීවිතය පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුධම්මචාරී’ වන සේක.

170. සෝ භගවා ඉතිපි අනුස්සුකෝ:- සංස්කාර රැස් කිරීම කෙරෙහි උත්සාහ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සුක’ වන සේක.

171. සෝ භගවා ඉතිපි අනුස්සිතෝ:- මානයෙන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සිත’ වන සේක.

172. සෝ භගවා ඉතිපි අනුපාරම්භචිත්තෝ:- දොස් රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාරම්භචිත්ත’ වන සේක.

173. සෝ භගවා ඉතිපි අනුත්‍රාසී:- කිසි කලෙක ත්‍රාසයට පත් නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්‍රාසී’ වන සේක.

174. සෝ භගවා ඉතිපි අනුපලිත්තෝ:- ලෝකයෙහි නො තැවරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපලිත්ත’ වන සේක.

175. සෝ භගවා ඉතිපි අනූපයෝ:- කිසිඳු ක්ලේෂයකට සමීප නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූපය’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails