Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- ( සිව්වැනි කොටස)

Tuesday, November 10, 2009 , at 10:15 AM


46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.

47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.

48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපණ්ණක’ වන සේක.

49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ:- නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.

50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ:- කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිඩය්හමාන’ වන සේක.

51. සෝ භගවා ඉතිපි අපචයෝ:- සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.

52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ:- කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිහානධම්ම’ වන සේක.

53. සෝ භගවා ඉතිපි අපචයගාමී:- සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.

54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ:- මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.

55. සෝ භගවා ඉතිපි අපචිතෝ:- තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.

56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී:- අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.

57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ:- අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.

58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

59. සෝ භගවා ඉතිපි අපළාසී:- අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’ වන සේක.

60. සෝ භගවා ඉතිපි අපළායි:- කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළායි’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails