Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- ( පස්වැනි කොටස)

Wednesday, November 11, 2009 , at 10:12 AM


61. සෝ භගවා ඉතිපි අපායකුසලෝ:- කුසල් පිරිහෙන ආකාරයන් දැන ගැනීමේ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපායකුසල’ වන සේක.

62. සෝ භගවා ඉතිපි අපිහාලූ:- කිසිවකට ත් ප්‍රිය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපිහාලූ’ වන සේක.

63. සෝ භගවා ඉතිපි අපුරෙක්ඛරානෝ:- සසර පෙරටුකොට ගෙන නො සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපුරෙක්ඛරාන’ වන සේක.

64. සෝ භගවා ඉතිපි අපේතකද්දමෝ:- කාම මඩ බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතකද්දම’ වන සේක.

65. සෝ භගවා ඉතිපි අපේතසෝකෝ:- ශෝකය බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතසෝක’ වන සේක.

66. සෝ භගවා ඉතිපි අපේතභයභේරවෝ:- බිය තැති ගැනීම් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතභයභේරව’ වන සේක.

67. සෝ භගවා ඉතිපි අසමෝ:- සමාන යැ යි දැක්වීමට වෙනත් කිසිවෙකු නැති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම’ වන සේක.

68. සෝ භගවා ඉතිපි අසමසමෝ:- බුදු රජාණන් වහන්සේලාට ම පමණක් සමාන වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමසම’ වන සේක.

69. සෝ භගවා ඉතිපි අසංසට්ඨෝ:- පිරිසෙහි නොම ඇලෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසට්ඨ’ වන සේක.

70. සෝ භගවා ඉතිපි අසංගචිත්තෝ:- කෙලෙස් දුරු වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංගචිත්ත’ වන සේක.

71. සෝ භගවා ඉතිපි අස්සත්ථෝ:- නිවනෙහි සැනසෙන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සත්ථ’ වන සේක.

72. සෝ භගවා ඉතිපි අසහායෝ:- එකලා ව නිවනට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසහාය’ වන සේක.

73. සෝ භගවා ඉතිපි අසම්මූළ්හෝ:- කිසි දිනෙක මුලා නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හ’ වන සේක.

74. සෝ භගවා ඉතිපි අසංසග්ගරාමෝ:- පිරිසෙහි නො ඇලීම නිවහන කොට වසනා හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසග්ගරාම’ වන සේක.

75. සෝ භගවා ඉතිපි අසංකිලිට්ඨචිත්තෝ:- නො කිලිටි සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංකිලිට්ඨචිත්ත’ වන සේක.

Bookmark and Share

Currently have 1 comments:

  1. Unknown says:

    බලන් අපමණ බුදු ගුණක මහිම..... මහා අසිරිය.... මෙවන් උතුමෙක්, මෙවන් දහමක් කෙලෙස-කවදා-කවරකට නම් සම කළ හැකි වන්නේද....?
    සෝ භගවා ඉතිපි අසමෝ:- සමාන යැ යි දැක්වීමට වෙනත් කිසිවෙකු නැති හෙයින් හෙයින් ඒ භාග්යවතුන් වහන්සේ ‛අසම’ වන සේක.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails