Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (තෙවැනි කොටස)

Monday, November 9, 2009 , at 10:44 AM

31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පසද්දකාම’ වන සේක.

32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:- නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක.

33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පගබ්භ’ වන සේක.


34. සෝ භගවා ඉතිපි අප්පකිච්චෝ:- අල්ප ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පකිච්ච’ වන සේක.

35. සෝ භගවා ඉතිපි අප්පමිද්ධෝ:- නිදි දුරු කිරීම සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමිද්ධ’ වන සේක.

36. සෝ භගවා ඉතිපි අප්පට්ඨෝ:- අල්ප කටයුතු ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පට්ඨ’ වන සේක.

37. සෝ භගවා ඉතිපි අප්පමාදරතෝ:- නො පමා බව කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදරත’ වන සේක.

38. සෝ භගවා ඉතිපි අප්පමජ්ජතෝ:- කෙලෙස් මත් බව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමජ්ජත’ වන සේක.

39. සෝ භගවා ඉතිපි අප්පටිච්ඡන්නකම්මන්තෝ:- නො සැඟවුණු ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිච්ඡන්නකම්මන්ත’ වන සේක.


40. සෝ භගවා ඉතිපි අප්පමාණවිහාරී:- පමණ කළ නො හැකි විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාණවිහාරී’ වන සේක.


41. සෝ භගවා ඉතිපි අප්පසද්දස්සවණ්ණවාදී:- නිහඬබව වර්ණනා කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පසද්දස්සවණ්ණවාදී’ වන සේක.

42. සෝ භගවා ඉතිපි අප්පමත්තෝ:- ප්‍රමාදී නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමත්ත’ වන සේක.


43. සෝ භගවා ඉතිපි අප්පාහාරෝ:- කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පාහාර’ වන සේක.


44. සෝ භගවා ඉතිපි අප්පටිකුජ්ඣතෝ:- කිසි විටෙක ත් පෙරළා නො කිපෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිකුජ්ඣත’ වන සේක.


45. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails