Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මම බලා සිටියෙමි...

Tuesday, October 20, 2009 , at 12:49 PM


උදා හිරු කිරණේ
මුදු සුමුදු පහස වුව
දරා ගත නො හැකි වී
තණග රැඳි පිණි බිඳිති
වියැකිලා යන අරුමය
මම බලා සිටියෙමි...

අඳුරු ලොව එකළු කරමින්
පෙරදිග අහස තුළ මතු ව ආ..
සොඳුරු හිරු මඩල
අවරන්ගිර මුදුනින්
නො කියා ම බැස යන
අරුමය මම බලා සිටියෙමි...

විසල් නුබ ගැබ බිඳගෙන
මිහි මව මතට පැමිණෙන
රිදී රේඛා විලස වූ විදුලි එළි
ඇතිවෙලා නැතිව යන අරුමය
මම බලා සිටියෙමි...
සුදෝ සුදු ගිරි හිස් අතර ඉපදී
ගල්මුල් සේ ම වැලි තල අතර කැළතී
නො නැවතී සයුරු තෙර සොයා යන
සොඳුරු නදියක අරුමය
මම බලා සිටියෙමි...

නො දන්නා ඉමක ඉපදී
දුක් සුසුම් සන්තාප තුළ කැළඹී
මරණයේ තෙර සොයා යන
(අ) සුන්දර ජීවිත නදී අරුමය
මම බලා සිටියෙමි....

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails