Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මේ දිවිය ම කමටහනකි සිහිය උපදවන්න..

Sunday, October 18, 2009 , at 11:11 PM


මේ දිවිය ම කමටහනකි සිහිය උපදවන්න

01. උදෑසනින් අවදි වෙලා මුව සෝදා ගන්නේ
බුදු හිමි සදහම් සග ගුණ සිහියට අර ගන්නේ
සතිපට්ඨානය තුළ ම යි දවස ම ගත වන්නේ
එහෙම යි මම බුදු සමිඳුගෙ දුවනි කෙනෙක් වන්නේ

02. ඛේමා උත්පලවණ්ණා වගෙ වීරිය අර ගන්න
මම ආසයි බුදු සමිඳුනි සසරින් ගොඩ එන්න
විශාඛා වගේ උත්තම ගුණ ඇතියක් වෙන්න
වීරිය වඩමි පළවෙනි මග ඵලය ලබා ගන්න

03. උපාසක කෙනෙක් නම් ඒ උග්ග වගේ වෙන්න
උපාසිකාවන් මාතා නන්ද වගේ වෙන්න
මුනිඳුනි ඔබ කී එවදන් නිතර මෙනෙහි වෙන්න
සුත්ත නිපාතයෙ කවි ආසයි මම කියවන්න

04. මෙත් සිත පතුරා සැමට ම වෛරය දුරු වෙන්න
ගිනි දැල් බුර බුරා නැගෙන විට වෛරෙන් උන්න
එදවස වුන් සාමා වාගේ දැරියක් වෙන්න
මෙත් වඩනෙමි සමිඳුනි මඹ විහරණයක් වෙන්න

05. හිත මිතුරන් මිය යන විට බැරිවුනි ඉවසන්න
කිසා ගෝතමී සිටියා මගෙ සිහි කැඳවන්න
කිසිවෙක් නො මැරුණ ගෙයකින් අබ බැහැ ලැබගන්න
ඉපදුන කාටත් උරුම යි දුක එය දැනගන්න

06. පන්සිල් පද රැක ගන්නට සිහිය මෙහෙයවන්න
අපහසුම යි වීරිය නැති සිතින් එය කරන්න
හොඳ දෙය නො ව නරක දෙය යි හිත කැමති කරන්න
ආරිය වූ අය අකමැති ම යි දුගතියෙ යන්න

07. දවසක් දා බුදු සමිඳුන් අයෙක් හික්මවන්න
ඝන මහ කැලයට වැඩියා දහමක් පවසන්න
"මම ඉන්නේ නතර වෙලා ඔබ ත් නතර වෙන්න
එවදන් උපකාර වුනා සසරින් නික්මෙන්න

08. අංගුලිමාලගෙ පෙර පින බුදු නෙතගට ගැටුනා
ගල් වරුසා නතර වෙලා මල් වැසි ඇද හැලූනා
අප සැමට ත් දුකින් එතෙර වෙන්න මගක් ලැබුණා
පුරිසදම්ම සාරථී බුදු සමිඳුන් මුණ ගැසුනා

09. සත් වතාවකට වැඩියෙන් යළි නො ම ඉපදෙන්න
බියක් නැති ව දෙව් මිනිසුන් ලොවෙහි සැරිසරන්න
මග ඵල ලැබගෙන අපාය සතරෙන් ගොඩ යන්න
මුනිඳු පාකමල් වඳිමින් දැඩිව සිතට ගන්න

10. හොඳට තියේ ආර්ය මග කාට ත් පිවිසෙන්න
දෑස පෙනේ නම් හිමි දෙසු ඒ මග දැක ගන්න
කිම බැදිවල යන්නේ තව බැද්දෙ මුලා වෙන්න
මේ දිවිය ම කමටහනකි සිහිය උපදවන්න

තෙරුවන් සරණ යි!
තේජා දිල්රුක්ෂි දයාරත්න.

Bookmark and Share

Currently have 2 comments:

  1. Unknown says:

    WOW!!!!!...... Excellent!
    දහම තුළ හික්මුනු චිත්ත සන්තානයන් කොතරම් සුන්දර දෝ....

  1. Unknown says:

    දහම තුළ හික්මුනු චිත්ත සන්තානයන් කොතරම් සුන්දර දෝ...."
    සාදු! සාදු!! සාදු!!! එය එසේමයි.තුණුරුවන් සරණම වේවා!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails