Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Old Age...

Tuesday, October 20, 2009 , at 8:57 PM


මහලූ වයස....

1. සසර - සරණ - සතට - දුබල -
මහලූ - වයස - පැමිණි - කලට
ගත ද - හැකිලෙ - වත ද - මැලවෙ -
සෙලවෙතේ - දතා..!

2. එවර - දෙඇස - නො පෙනෙ - දෙකන -
බිහිරි - ගතිය - සමග - දෙතොල
සැලූම - යුතු ව - කටිනි - හඩ ද -
ලො - ලො - ලො - ගා - යතා..!

3. අදර - ගුණැති - හිතැති - මිතුරො -
නෑයො - සමග - ඉවත - බලති
පණසෙ - විසුව - පෙමැති - කත ද -
නුරුස්සා - යතා..!

4.ඉඳු - නිල්මිණි - දෙකක් - සදිසි -
දෙනෙත් - සුදුව - කබ - ගලමින්
ගිලූණු - බැවින් - හඳුනන්නට -
බැරිය - දුටුදනා..!

5. මොණර - පිල්සෙ - නිල්වන් - කෙස් -
වැටිය - සුදුව - කපු - කුල්ලක්
විලස - තිබී - ටිකෙන් - ටික ම -
තට්ටෙ - පෑදුනා..!

6. මිහිරි - හඬින් - දන - මන - ගත් -
කැකුළු - වදන් - බැරිව - කිසිත්
කබල් - ඛෙරය - ගසන - විසල -
කලක් - කළ - කතා..!

7. කැකුළු - කොඳසෙ - තිබුණ - දසන් -
කෙතකට - බැඳි - වැට - විලසින්
තිබි - පසුව - වැටී - ගියෙන් -
ලොඹුව - හැකිළුණා..!

8. ලොඹු - දෙකොණින් - කෙළ - පෙරමින් -
ලොල් - ලොල් - ගා - කියන - බසට
මෙකල - මෝඩ - කොල්ලො - පෙලක් -
සිනාසෙති - ඉතා..!

9. රහස් - කියන - විටත් - ඇසුනු -
දෙකන් - බිහිරි - වෙලා - වගේ
හෙණ - ගැහුවත් - පටිපස්සට -
සද්දයක් - නැතා..!

10. ගෙදර - සිටින - ජාත - පුතු ද -
අපිය - කරයි - දකින - කලට
බලව - තිඛෙන - දුකෙක - මහත -
මේ - ජරා - පතා..!

11. අනේ - බලනු - මැන ව - සසර -
ජරා - මරුව - දෙන - හිරිහැර
මෙලොව - සැමට - වෙති - මේ හැම -
වඩව් - මෙත් - සිතා..!

Bookmark and Share

Currently have 1 comments:

  1. Unknown says:

    මෙබව - මනා - ණුවණින් - දැන -
    නොපමා - වී - මෙසසුන - තුළ
    ලෝභ - ද්වේශ - මෝහ - නසනු -
    අරි - අටැඟි - මඟා....!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails