"මහමෙව්නාව" යනු අපිට නුහුරු නුපුරුදු වචනයක් නොවේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු ධර්මය දේශනා කළ උයන එදා මුලින්ම මහමෙව්නාව යන නමින් හැඳින්වුණා. මහා මේඝයක් ඇදහැළීමත් සමගයි මේ නම බිහි වුණේ. සැබැවින්ම එදා මෙන්ම වර්තමානයේ ද මහා මේඝයක් සේ මිථ්යා දෘෂ්ඨි අළු දූවිලි සෝදා හරිමින් ඇදහැළෙමින් පවතින සදහම් වර්ෂාවක් වෙතයි දැන් මේ කතාබහ යොමු වන්නේ. මේ මහා මේඝය අදත් හඳුන්වන්නේ "මහමෙව්නාව" නමින්මයි. එ වෙන කවරක් හෝ නොව, අප කවුරුත් දන්නා "මහමෙව්නාව භාවනා අසපුව" යි.
මේ මහා මේඝය ඇරැඹී මේ වන විට වසර දහයක් සම්පූර්ණ වී හමාරයි. මෙම දස වසර තුළ දිවයින පුරා මෙන්ම ලෝකය පුරා ද බොහෝ බෞද්ධයන් අතර අති විශාල කීර්තියකට පාත්ර වූ මහමෙව්නාව භාවනා අසපුව හරහා නැවතත් හඳුන්වා දෙන ලද්දේ නිර්මල බුද්ධ වචනයයි. ඉතින් මේ මහා මේඝයේ ආරම්භය සොයා එහි උල්පත් සැඟව ගිය මේඝ වළාවන් අතර සැරිසරන්නට අපිත් කල්පනා කළා. ඉතින් අපිට මුණගැසුණේ මේ උතුම් දහම් වැඩපිළිවෙළේ නිර්මාතෘවරයන් වන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස...ෘ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භකොට 2009 අගෝස්තු 14 වැනි දිනට දස වසරක් සම්පූර්ණ වුණා. ඇත්තටම අපි අහල තියෙනවා ඔබවහන්සේ ඉන්දියාවේ හිමාලයේ පවා චාරිකා කරමින් සත්ය ගවේෂණයේ යෙදුන බව. ඇත්තටම මේ භාවනා අසපුව බිහි කරන්නට ඔබ වහන්සේට හිතුනේ ඇයි?
මම පැවිදි වුණේ සේරුවාවිල රජ මහා විහාරයට සම්බන්ධවයි. එA වයස 17 දීයි. ඇත්තටම මම කුඩා අවධියේ සිට ධර්මයට යොමු වුණ කෙනෙක්. මට මතකයි මා වයස අවුරුදු 17 දී පමණ කඳුබොඩ භාවනා මධ්යස්ථානයේ වැඩ සිටි සුමතිපාල ස්වාමීන් වහන්සේ යටතේ භාවනා කළා. මම විශ්වවිද්යාල ශිෂ්යයකු වශයෙන් සිටියදී තමයි ධර්මය සොයන්නට පෙළඹුණේ. ඉතින් මට වයස විසිපහ පමණ වන විට රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ සියලුම පොත් කියවා අවසන් කර තිබුණා. එ වගේම මා වයස 27 දී පමණ සියල්ල අතහැර ආරණ්යගත වුණා. ආරණ්යගත වී ධර්මය අධ්යයනය කරමින් ජීවිතාවබෝධය ක0රන මාර්ගය සොයමින් සිටියා. අවසානයේදී මාගේ වාසනාවට මට බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය කියවන්නට ලැබුණා. මේ ධර්ම විනය කියවා ප්රගුණ කරමින් යද්දී මට සිතුනා මේ ධර්මය අන් අයට කියා දිය හැකි නම් එය මා මේ ජීවිතයේ රැස් කරන විශාල පින්කමකැයි කියා. මේ අනුව 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ මනරම් භූමි භාගයක අසපුවක් ඉදිකිරීමට කටයුතු යෙදුණා. එA මහමෙව්නාව භාවනා අසපුව මා ආරම්භ කළේ මේ ගෞතම බුදු සසුන තුළ ජීවිතාවබෝධය කරන ගෞතම ශ්රාවකයන් දැකීමේ නිර්මල අපේක්ෂාවෙනුයි.
මෙම පුණ්ය භූමියට මහමෙව්නාව යන නම යෙදුවේ කවර හේතුවක් මතද?
දැන් කෙනෙකුට දකින්නට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ෙ-තවනාරාමයේ නමින් එදා ලංකාවේ ෙ-තවනාරාමයක් බිහි වුණා. අදත් එ නමින් විහාර පවතිනවා. එ වගේම වේලුවනාරාමය, ඉසිපතනාරාමය නමින් ද විහාරස්ථාන පවතිනවා. කොටින්ම කොළඹ රාජගිරියත් අනගාරික ධර්මපාලතුමාගේ යුගයේ ඇති වූ නමක්. ඉතින් මේ නිසා ශ්රද්ධාවන්ත අය තම තමන් බිහි කළ ස්ථාන එ නමින් හඳුන්වනවා. එයට විරුද්ධවීම සාධාරණ මිනිස්කමක් නොවෙයි. මහමෙව්නාව යන නම මම දැම්මේ, මහමෙව්නාව තුළින් මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව ගෞතම බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම පිණිස දෙවනපෑතිස් රජතුමා පූජා කළ මහමෙව්නා උයනේ ගෞතම බුද්ධ ශාසනය බැබලවීමට පුණ්ය තීර්ථයක් කරගත් නිසයි. ඉතින් මා කල්පනා කළා "මහමෙව්නාව" යන නම දාන්නට, ගෞතම බුදු රජුන්ගේ ධර්මය පැතිරෙන ආයතනයක් මා බිහි කරන නිසා. එ හැරෙන්නට වෙනත් අදහසක් මට තිබුණේ නැහැ. නමුත් මම සිහිනෙකින් වත් නොසිතූ තරම් වේගයකින් මහමෙව්නාව භාවනා අසපුව ඉතා ඉක්මනින් ලක්ෂ සංඛ්යාත සැදැහැවත් පිරිසකගේ දහම් පිපාසය සංසිඳවන කීර්තිමත්ම පුණ්ය තීර්ථය බවට පත් වුණා. එය ඉවසිය නොහැකි කණ්ඩායම් තුළින් ගොඩනැඟුණු අදමිටු බලවේගවල ප්රතිඵලයක් වශයෙන් මහමෙව්නාව යන නාමයට පවා දැඩි විරෝධයක් දක්වන පිරිසක් ද බිහි වුණා. මේ විරෝධය ගැන විස්තර අසන විට මට එ උදවිය කෙරෙහි මහත් අනුකම්පාවක්මයි හට ගන්නේ.
මහමෙව්නාව යන නමත් සමගින් මෙම ස්ථානයේ අසපුව නමින් වචනයක් අපිට අසන්නට ලැබෙනවා. එ වගේම අසපුව යන නමටත් ඇතැම් අය විශාල විරෝධයක් දක්වනවා නේද? සැබැවින්ම මේ අසපුව යන වචනය අශාසනික වචනයක්ද?
"අසපුව" යන වචනය මෑත කාලයේදී යෙදුණ අවස්ථාවක් මා හට සිහිපත් කර දිය හැකියි. අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්රිය ස්වාමීන් වහන්සේගේ ප්රස්ථාවනාවක උන්වහන්සේ එවකට වැඩ සිටිය මහරගම පිහිටි ස්ථානය, "චන්ද්රශේඛරාරාම අසපුව" නමින් හඳුන්වා දී තිබෙනවා. එය තිබෙන්නේ 1959 කෝදාගොඩ ඤාණාලෝක මාහිමියන් විසින් සංස්කරණය කරන ලදුව පළ කරන ලද අමාවතුර නමැති ග්රන්ථයට සැපයූ පෙරවදනක් තුළයි. එනිසා එවැනි පැරැණි උතුමන් පවා තමන් වැඩ සිටි තැන "අසපුව" නමින් හඳුන්වා තිබෙනවා. අසපුව යනු "ආශ්රමය" යන සංස්කෘත වචනයේ හෙළ වචනයයි. ඇත්තටම මේ ලංකාවේ බෞද්ධ ආශ්රමය නමින් පන්සල් තිබෙනවා. එවිට එය සිංහලයෙන් ගත් කල බොදු අසපුව නමින් හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ වසර 50 කට වඩා පැරැණි බෞද්ධ ආයතනයක් පවතිනවා. යෝගාශ්රම සංස්ථාව නමින්. එය සිංහලට හැරෙව්වොත් යෝග අසපු සංස්ථාවයි. කෙනෙක් මේ යෝග අසපු සංස්ථාව යන මෙය සිංහලට හැරවෙන විට එය හින්දුන්ගේ හෝ නිගන්ඨයන්ගේ හෝ ස්ථානයක් යෑයි කියා චෝදනා කළහොත් එය කොතරම් පාපී චෝදනාවක් ද? එහි දයානුකම්පා විරහිත අදමිටුකමක් නොවෙයි ද තියෙන්නේ...ෘ
මේ නිසා මෙවන් අවස්ථාවල වල්පොල රාහුල ස්වාමීන් වහන්සේගේ "බුදුන් වදාළ ධර්මය" පොතේ සඳහන් දෙයක් සිහි වෙනවා. උන්වහන්සේ එ පොතේ සඳහන් කරනවා.
"රෝස යෑයි කියන මල... කුමන නමකින් කීව ද.... මිහිරි සුවඳ ම පතුර යි" එ වගේම තමයි, "අසපුව යෑයි කියන තැන... කුමන නමකින් කීව ද... නිමල දහම ම පතුරයි."
එ නිසා අප මෙම ආයතනවල නම් සමග ගැටෙන්නේ මක් නිසාද? එහි අරුත පිරික්සන්නේ නැත්තේ මන්ද? අසපුව යන්න නිගන්ඨයන් වසන තැන යෑයි කියා ඉතාම නින්දා සහගත ප්රකාශයන් අපට මාධ්ය තුළින් දකින්නට ලැබෙනවා. එයින් පෙනෙන්නේ ඔවුන් සූත්ර පිටකය කියවා නැති බවයි. සූත්ර පිටකයේ නිගන්ඨයන් වසන තැන හඳුන්වන්නේ නිගන්ඨාරාමය වශයෙනි. පරිබ්රාජකයන් වසන තැන හඳුන්වන්නේ පරිබ්රාජකාරාමය වශයෙනි. පැහැදිලිවම ඔවුන් වාසයකොට තිබෙන්නේත් ආරාම වලයි. එ අනුව යමෙක් සූත්ර පාඨ උපුටා දක්වා කීවොත් "ආරාමය" යනු ද නිගණ්ඨයන් වසන තැන යෑයි කියා එවිට දීමට තිබෙන පිළිතුර කුමක්ද? ඒ වගේම නින්දා අපහාස කිරීම ලොව ඇති ලෙහෙසි දෙයකි. සත්යය හඳුනා ගැනීම ලොව තිබෙන අපහසු දෙයකි.
ඔබවහන්සේ මෙම මහමෙව්නාව භාවනා අසපුව බිහි කිරීමෙන් පසු සිදු කළ සේවාව පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?
මම මහමෙව්නාව භාවනා අසපුව බිහි කළේ සැබවින්ම එක පැතුමක් මුල් කරගෙනයි. එනම්, ගෞතම බුදුරජුන්ගේ නිමල දහම පැතිරවීමේ ආශාවයි. සැබැවින්ම මා, මෙම දස වසරක් පිරෙන මොහොතේ කියන්නට සතුටුයි කොතරම් ගල්මුල් ආවද, කොතරම් මල් වරුසා ආවද, නිමල දහම පැතිරවීමේ මාගේ පැතුම සෑහෙන දුරකට ඉටු වී හමාරයි. මේ වන විට අපි මහමෙව්නාව නමින් ඉතාමත්ම සාර්ථක අන්තර්ජාල දහම් සේවාවක් පවත්වාගෙන යනවා. එ වගේම ශ්රී ලංකාවේත් ලෝකයේත් මාසිකව දහම් වැඩසටහන් පවත්වාගෙන යනවා. හතළිහකට අධික මහමෙව්නාව භාවනා අසපු දිවයින පුරා විහිදී පවතිනවා. එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඉන්දියාව, ඔස්ටේ්රලියාව ආදී රටවල් පුරා ද මහමෙව්නාව භාවනා අසපු බිහිවී තිබෙනවා. එ වගේම මුදල් පරිහරණයෙන් සහ විකාල භෝජනයෙන් වැළකුණ 400 කට අධික ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී සඟරුවනක් මා විසින් මහමෙව්නාව භාවනා අසපුව තුළින් ගෞතම බුද්ධ ශාසනයට දායාදකොට තිබෙනවා. එ වගේම ගෞතම බුදුරජුන්ගේ නිමල දහම සරල බසින් මිනිසුන්ට කියවන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. එ වගේම ලක්ෂ සංඛ්යාත පිරිස් සමග නොයෙක් අන්දමේ අසදෘශ පින්කම් සිදුකොට බොහෝ දෙනකුට පින් රැස්කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මා හිතන්නේ මධ්යස්ථව කෙනෙක් මෙය විමසා බැලුවහොත් සති ගණනක් අධ්යයනය කොට සැදැහැ සිත් උපදවා ගත යුතු කරුණු රාශියක් මේ දස වසර තුළ මා විසින් මේ සිරිලක් බිමට දායාද කොට තිබෙනවා.
එ වගේම ස්වාමීන් වහන්ස, වසර දහස් ගණනක සිට ධර්ම අධ්යයනයට උපකාරී වුණ අටුවා ග්රන්ථයන් ඔබ වහන්සේ විසින් ප්රතික්ෂේප කරන බවට සමාජයේ කටකතාවක් පැතිර යනවා. ඇතැම් විට ජනමාධ්යවලින් පවා මේ පිළිබඳ කතාබහට ලක්වෙනවා. මෙහි පවතින සත්ය අසත්යතාව පිළිබඳ යමක් පැවසිය හැකිද?
මෙය නම් ඇත්තටම කුමන්ත්රණකාරී මතයක්. මාගේ සියලු පොත්පත් අධ්යයනය නොකිරීමෙන් ඇති කරගත් මතයක්. අටුවා පිළිබඳ "අටුවා පරීක්ෂණ" නමින් පොතක් පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන් විසින් ලියා තිබෙනවා. අටුවා ග්රන්ථ පිළිබඳ සෘජු විවේචන හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි වැනි හිමිවරුන් විසින් ඇතැම් පොත්පත්වල සිදුකොට තිබෙනවා. එ වගේම තවත් බොහෝ ස්වාමීන් වහන්සේලා අටුවා පිළිබඳ සෘජු විවේචන කරනවා. මා පැහැදිලිවම අටුවා සහය කරගත් කෙනෙක්. උදාහරණයක් වශයෙන් සුත්ත නිපාතය සිංහලට පරිවර්තනය කොට මා ලියූ "අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති" යන නමින් පළ කළ, එ පොතේ සියලුම සූත්රවල නිධාන කථා මා ගත්තේ අටුවා ග්රන්ථවලින්.
මා දැනට "අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය" නමින් ධම්ම පදයේ එක් එක් වර්ගයට එක් එක් පොත බැගින් ලියාගෙන යනවා. මා එම පොත් ලියන්නේ ද අටුවා ඇසුරින්. මට නින්දා කරනු කැමති අය විසින් මම අටුවා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන කෙනෙක් බවට මතයක් ප්රචාරය කරමින් සිටිනවා. අවාසනාවන්ත තත්ත්වය නම් ඉතාම ලේසියෙන් කෙනෙක් නින්දා අපහාස පිළිගන්නවා. සත්යය විමසා බලන්නේ නැහැ. ඉතාම ලේසියෙන් කෙනෙක් අපහාසය පිළිගනිමින් එම අපහාසය උපුටා දක්වමින් අපහාසම කරනවා. නමුත් සත්ය තත්ත්වය විමසා බලන්නේ බුද්ධිමතුන් විතරයි. බුද්ධිමත් කියා මා අදහස් කරන්නේ ප්රඥවන්තයන්ටයි. ප්රඥවන්තයන් කියා කියන්නේ, නුවණ මෙහෙයවාගත හැකි තැනැත්තා මිස "සාමාන්ය අධ්යාපනයෙන් උගත් වූ" යන අර්ථයෙන් නෙවෙයි. සැබැවින්ම බුදුරජුන්ගේ කාලයේ සිටි සච්චක වැනි මහ උගතුන්ට පවා ප්රඥාවන්තයන්වීමට නොහැකි වුණා. නමුත් කසළ සෝදමින් සිටින සුනීත, සෝපාක වැනි සැඩොල් කුලයේ දරුවන් සැබෑ ප්රඥවන්තයන් බවට පත් වුණා. එසේනම්, එ සැබෑ ප්රඥව තිබෙන අයට මා කළ සේවය මැනවින් තෝරා ගන්නට පුළුවන්.
ස්වාමීන් වහන්සේගේ ජීවිතය අන්යාගමික ප්රභවයකින් ආරම්භවීම නිසා ඔබවහන්සේ බුදු සසුනට හානියක් කරන්නේ යෑයි මතයක් පවතිනවා. මෙහි සත්යතාව කුමක්ද? එමෙන්ම මේ තරම් මේ ගැන කතා කරන්නේ අන්යාගමික ප්රභවයක් සහිතව සිට බුදු සසුනේ පැවිදි වූ එකම ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ නිසා වත්ද?මම හිතන්නේ ලංකාවේ බොහෝ ප්රසිද්ධ ස්වාමීන් වහන්සේලාගේ පවුල්වල ඥතීන් ඉන්නවා අන්යාගම්වලට සම්බන්ධ වුණ. එ වගේමයි, මගේ දෙමාපියන් පවා මුලින් අන්යාගමිකව යි හිටියේ. මා ඉපදී මාස හයකින් මුළු පවුලම බුදුදහම වැළඳ ගත්තා. මගේ උප්පැන්න සහතිකයේත් තියෙන්නේ මා අදහන ආගම බුද්ධාගම යන නමින්. මා හැදුනේ වැඩුනේ ගමේ පන්සලේ පන්සල් වත්තේ. එ පන්සල තමයි, කඩවත ශ්රී සුනේත්රාරාම මහා විහාරය. එ වගේම එ පන්සලේ ස්වාමීන් වහන්සේ මා ගැන සම්පූර්ණ විස්තරය දන්නවා. බෝ මළුවේ සෙල්ලම් කරපු මට ටික ටික ධර්මය කරා එන්නට වාසනාව ලැබුණා. නමුත් මේ කාරණය ඕනෑ තරම් මට සඟවා සිටින්නට අවස්ථාව තිබුණා. මා විසින්ම මෙය හෙළි කරන ලද්දේ මා බෞද්ධවීමෙන් අත් විඳි වාසනාව කියා පාන්නට මා කළ උදානයක් නිසයි.
මහමෙව්නාවෙන් ඉවත් කළ දෙදෙනකු විසින් මෙම උදානයෙන් කරුණු උපුටා ගනිමින් මගේ අන්යාගමික ප්රභවය මුල් කරගෙන මොවුන් විසින් කල් තියාම නොමඟ යෑවූ බොහෝ භික්ෂූන් තුළට මෙවන් අදහස් ඇතුළත්කොට එවා විශ්වාස කිරීමට සලස්වා සිදු කළේ මට පහර ගැසීම පිණිස කඳවුරු බැඳගෙන සිටින ඔවුන්ට අවි සැපයීමක් බඳු දෙයකැයි මා හට පෙනී ගොස් තිබෙනවා.
මගේ මෑණියන් තවම ජීවතුන් අතර සිටිනවා. ඇය ඉතාම ශ්රද්ධාවන්ත ගුණවන්ත බෞද්ධ කාන්තාවක්. එ වගේම මාගේ පවුලේ බොහෝ අය බුදුදහම වැළඳගෙන ධර්ම මාර්ගයෙහි හැසිරෙනවා. එ නිසා මෙහි තතු හරිහැටි නොදැන කතා කිරීම මෙහි ඇති භයානකම තත්ත්වයයි. මා දන්නා පරිදි ඇතැම් බෞද්ධ යෑයි කියන භික්ෂුන් පවා නත්තල සමරන්නට පල්ලිවල දානවලට ගිහින් පාදිලිවරු සමග ඉඳගෙන දානය සාංඝික කරගෙන වළ¹ තිබෙනවා. අන්න එවා තමයි අන්යාගම්කරණය කියල කියන්නේ. එ වගේම සියලුම ආගම් එක සමාන යෑයි පවසනවා. එවැනි දේවල් පෙනි පෙනී ගෞතම බුදු සසුනේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස කැමැත්තෙන් නෙත් අයා බලා සිටින අපි වැනි අයට කරන නින්දා අපහාසවල විපාක කුමක්වේදැයි මම නොදනිමි.එ වගේම අන්යාගම්කරණයට ලක්වූ සූරියවැව ප්රදේශයට මහමෙව්නාවේ සදහම් වැඩපිළිවෙළ හරහා සාර්ථක පිළිතුරක් ලබාදුන්නා. ඇත්තටම සූරියවැව ඇති වුණ තත්ත්වය ධර්මය තුළින්ම ගොඩනැඟුණු එකක්. අහිංසක දුගී දුප්පත් පවුල් රාශියක් සිටින මුළු ගම්මානයක්ම අන්යාගම්කරණයට ලක් වුණා. එවැනි තත්ත්වයක් යටතේ තමයි සැදැහැවත් පිරිසක් අපට අසපුවක් සඳහා ඉඩමක් පූජා කළේ. ඉතින් එ අසපුව ඉක්මනින්ම බිහි වුණා. ඉන් පසු එහි නේවාසික වූ අපගේ ශිෂ්ය ස්වාමීන් වහන්සේ පුරුදු පරිදි පිඬුසිඟා වඩිමින් දානය වළඳන්නට පටන් ගත්තා. ධර්මය කියන්නට පටන් ගත්තා. මේ විදියට ටික කලකින්ම එ ගමේ සිටි අන්යාගම් වැළඳගත් එම පිරිස තුළ ශ්රද්ධාව ඇති කරන්නට අපගේ ශිෂ්ය ස්වාමීන් වහන්සේලාට හැකි වුණා. එ නිසා නැවත ඔවුන් තමන් වැළඳගෙන සිටි එම මිථ්යා දෘෂ්ඨික ආගම අතහැර අවබෝධයෙන් ශ්රද්ධාව ඇති කරගත් බෞද්ධයන් බවට පත් වුණා. මෙය අපි කළේ හාල් පොල් බෙදීමෙන්, හැලි වළන් බෙදීමෙන් හෝ එළවළු කුකුළන් බෙදීමෙන් නොවෙයි. ගෞතම බුදුරජුන්ගේ නිර්මල ධර්මය බෙදාදීමෙනුයි. ධර්මයේ ඇති ආශ්චර්යය අදටත් අසිරිමත්මයි. එහි සත්යය අදටත් සත්යයක්මයි. එනිසා කවුරුන් විසින් කවර දෙයක් බලවත් කරන්නට මහන්සි ගත්ත ද සත්යයේ ඇති ආශ්චර්යය මත... සත්යයෙන් බිහිවූ ධර්මය හුදෙකලාවේ නමුත් බබලනවාමයි...! එ නිසා මම හිතන්නේ අන්යාගම්කරණයට හොඳම පිළිතුර නිමල දහම පැතිරීමයි.
Currently have 0 comments: