Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ඔබ පෙම් කරනා......

Monday, October 12, 2009 , at 1:55 AM

ඔබ පෙම් කරනා පංච කාමයෝ
ඔබෙ
දිවියම කා දමනා අයුරින්
පෙර
සසරෙහි ඔබ පෙම් කරනා සඳ
අවිදු
අඳුර වෙත රැගෙන ගියේ.....

ඔබ
පෙම් කරනා පංච කාමයෝ
අවිදු
අඳුර වෙත රැගෙන ගියේ.....

රාගය
නම් වූ අඳුරු මුලාවක
ද්වේශය
නම් වූ රුදුරු වලාවක
මෝහය
නම් සැඩ පහරට හසු වී
පෙර
භවයෙදි මුළු සසර පුරාවට
අවිදු
අඳුර වෙත රැගෙන ගියේ.....

ඔබ
පෙම් කරනා පංච කාමයෝ
අවිදු
අඳුර වෙත රැගෙන ගියේ.....

කාම
සිළෙන් සිත් මල ගිනි ගත් දී
වෛර
ඉරිසියා උතුරා යත් දී
අධර්මයෙන්
සිත මුලාව ගිය සඳ
පුහු
සැප පෙන්වා දුක සඟවා කොට
අවිදු
අඳුර වෙත රැගෙන ගියේ.....

ඔබ
පෙම් කරනා පංච කාමයෝ
අවිදු
අඳුර වෙත රැගෙන ගියේ.....

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails