Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

16 Dreams of King Kosala (part 03)

Wednesday, October 28, 2009 , at 12:45 PM


ඉතින් කොසොල් රජතුමා තමන් දුටු පස්වෙනි සිහිනය ගැන ත් බුදු රජාණන් වහන්සේ ට මේ විදියට ප්‍රකාශ කළා.

"සවාමීනි, මම දෙපැත්තෙන් ම කටවල් දෙකක් තියෙන අශ්වයෙක් ව දැක්කා. ඒ අශ්වයාට ඒ කටවල් දෙකෙන් ම කන්න පුලුවනි. ඉතින් ඒ අශ්වයා දෙ‍පැත්තෙන් ම කනවා. මේක තමයි මම දැක්ක පස්වෙනි හීනය. මේ හීනයේ විපාක මොනවා ද?"

"මහරජතුමනි, මේ හීන‍යේ කරුණු ත් අනාගතයේ අධර්මිෂ්ඨ වූ රජදරුවන් කාලයේ තමයි ඇති වන්නේ. අනාගතයෙහි අධාර්මිෂ්ඨවූ අඥාන වූ රජදරුවෝ තමනුත් අධර්මිෂ්ඨ වෙලා අධර්මිෂ්ඨ මිනිසුන් ව නඩු විසඳීම පිණිස, අධිකරණ වල යොදවනවා. ඒ මිනිස්සුන්ට කුසල් අකුසල් ගැන වැටහීමක් නැහැ. ඒ අය අධිකරණ ශාලාවේ විනිශ්චය කරන්නට ගිහින්, පැමිණිලි කරුවන් අතින් වගේ ම විත්ති කරුවන් අතිනුත් අල්ලස් ගන්නවා. හරියට කටවල් දෙකකින් කන අශ්වයා වගේ දෙපැත්තෙන් ම අල්ලස් කනවා. ‍මේ හීනය නිසා ඔබට භයක් ඇති වන්නේ නැහැ. හය වෙනි සිහිනය ත් කියන්න."

එතකොට කොසොල් රතුමා තමන් දැක්ක හය වෙනි සිහිනය මේ විදියට ප්‍රකාශ කළා.

"ස්වාමීනි, මහජනයා ලක්‍ෂයක් වටිනා රන්තලියක් අරගෙන මේක මැද මුත්‍රා කරන්ට යැ යි කියා, එක්තරා නාකි නරියෙක් අසල ඒ තලිය තැබුවා. ඒ නාකි කැනහිලා ත් ඒ ඝනරන් තලියේ මුත්‍රා කළා. මේක තමයි මම දැක්ක හය වෙනි හීනය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේකට විපාක මොනවා ද?"

"රජතුමනි, මේ සිහිනයට ත් විපාක අනාගතයේ ම යි සිදු වන්නේ. මහරජ අනාගතයෙහි ජාතිසමපන්න නො වන්නා වූ අධර්මිෂඨ රජදරුවෝ ජාති සමපන්න කුලපුත්‍රයන්ට 'මොවුන් අපට කිසියම් අනතුරක් කරයි දෝ..?' කියන සැකයෙන් යුතු ව යසස් ලබා දෙන්නේ නැහැ. ජාති සම්පන්න නො වන අයට යසස් ලබා දෙනවා. ඒ පිරිස් ම වර්ධනය කරනවා. මේ නිසා මහා සම්පත් ඇති ජාතිසම්පන්න මිනිසුන්ට ජීවත් වී ගන්නට නො හැකි වෙනවා. ඒ නිසා ඔවුන් ජීවත් වීම පිණිස, ජාති සම්පන්න නො වන අයට දූ දරුවන් පාවා දෙනවා. මේ විදියට ඒ ජාති සම්පන්න කුලදූවරුන්, ජාති සම්පන්න නො වන අය ත් සමග කරන සංවාසය හරියට නාකි හිවලෙක් රන්තලියක මූත්‍රා කරනවා වගෙ යි. මේ සිහිනයෙනු ත් ඔබට නම් භයක් ඇති වන්නේ නැහැ. එම නිසා හත් වැනි සිහිනය ත් ප්‍රකාශ කරන්න."


"සවාමීනි භාග්‍යවතුන් වහන්ස, එක මිනිහෙක් ලනුවක් අඹර අඹරා තමන් ගේ පාමුල තබනවා. ඒ පුරුෂයා ඉඳගෙන හිටපු පුටුව යට වැතිරිලා ඉන්න හැකිලුනු කුස ඇති හිවල් දේනුවක්, ඒ පුරුෂයාට නො දැනෙන විදියට ඒ ලනුව කනවා. මේක තමයි මම දැක්ක හත් වෙනි හීනය. ස්වාමීනි, මේ මගේ හත්වෙනි හීනයට විපාක මොනවා ද?

"මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ ම යි. මහරජතුමනි අනාගතයේ සත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වෙනවා. ලස්සනට සැරසෙන්නට ලොල් වෙනවා. පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න ලොල් වෙනවා. සැප සම්පත් වලට ලොල් වෙනවා. දුශ්ශීල වෙනවා. දුරාචාරයේ හැසිරෙනවා. ඒ විදියට කාමයන්ට ලොල් වුන ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයන් ගොවිතැනින්, වෙළඳාමෙන් ආදියෙන් බොහෝ වෙහෙස මහන්සි වී රැස් කරන ධන සම්පත් ආදිය හොර මිනිසුන් සමග එක් වී, මත් පැන් බොමින්, සැරසෙමින්, සුවඳ ගල්වමින්, මල් පළඳමින්, විනාශ කරනවා. නිවෙස් වල අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කටයුතු පවා මග හරිනවා. ඔවුන් විමසිලිමත් වන්නේ සොර සැමියන්‍ ‍ගේ යාම් ඊම් ආදිය කෙරෙහි යි. වැපිරීමට තිබෙන ධන ධාන්‍ය ආදිය පවා වැය කරමින් සොර සැමියන්ට කෑම් බීම් ආදිය සපයනවා. සිය ස්වාමියා වෙහෙස වී රැස් කරන ධනය සොර මිනිසුන් සමග එක් වී ඒ අයුරින් කා දමනවා. එය හරියට ලණුව අඹරන මිනිසා‍ ගේ පුටුව යට සිටින කැනහිල් දේනුව හොරෙන් ම ඒ වර මන්ද කා දමනවා වගෙයි. මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා අටවැනි සිහිනය ත් කියන්න."

(මතු සම්බන්ධ යි..)


(This article is written with the assistance of jathakakatha.org)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails