Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 06

Saturday, October 10, 2009 , at 4:27 PM


26
දුක්ඛදෝමනස්සනාසී, සෝකපරිදෙවක්ඛයෝ
ජාතිමච්චුජරාතිගෝ, බුද්ධං තං පණමාමහං

භාග්‍යවතුන් වහන්සේ දුක් දොම්නස් නැසූ සේක. සෝක වැලපීම් ක්ෂය කළ සේක. ඉපදීම ත් මරණය ත් වසයට යෑම ත් ඉක්මවා ගිය සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

27
යථාවාදී තථාකාරී, තථවාදී තථාගතෝ
යථාකාරී තථාවාදී, බුද්ධං තං පණමාමහං

ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් පවසන්නේ ද, එය ම සිදු කරන සේක. යථා ස්වභාවය ම පවසන සේක. යමක් සිදු කරන්නේ ද එය ම පවසන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

28
භග්ගරාගෝ භග්ගදෝසෝ, භග්ගමෝහෝ සෝ භගවා
භග්ගමානෝ භග්ගමායෝ, බුද්ධං තං පණමාමහං

ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය බිඳලූ සේක. ද්වේශය බිඳලූ සේක. මෝහය බිඳලූ සේක. මානය බිඳලූ සේක. මායාවන් බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

29
භග්ගකාමෝ භග්ගකොධෝ, භග්ගකෝපෝ භග්ගකුහෝ
භග්ගකසාවෝ භග්ගින්ධෝ, බුද්ධං තං පණමාමහං

කාමය බිඳලූ සේක. ක්‍රෝධය බිඳලූ සේක. කෝපය බිඳලූ සේක. කුහකගති බිඳලූ සේක. කෙළෙස් කසට බිඳලූ සේක. තණ්හාව නැමති කණුව බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

30
භග්ගජාති භග්ගමච්චූ, භග්ගලෝකෝ භග්ගභවෝ
භග්ගසංසාරෝ භග්ගෝඝෝ, බුද්ධං තං පණමාමහං

ඒ බුදු රජාණන් වහන්සේ ඉපදීම බිඳලූ සේක. මරණය බිඳලූ සේක. සියලු ලෝක බිඳලූ සේක. සියලු භව බිඳලූ සේක. සංසාර චක්‍රය බිඳලූ සේක. සංසාර ඕඝය (සැඩ පහර) බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails