Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 07

Saturday, October 10, 2009 , at 4:29 PM


31
භෝගභග්ගෝ සොකභග්ගෝ, රොගභග්ගෝ භග්ගරජෝ
සූලභග්ගෝ සල්ලභග්ගෝ, බුද්ධං තං පණමාමහං

සියලු කාම සම්පත් බිඳලූ සේක. ශෝකය බිඳලූ සේක. සංසාර රෝගය බිඳලූ සේක. කෙළෙස් දුහුවිලි බිඳලූ සේක. තණ්හා අවිය බිඳලූ සේක. තණ්හා හුල බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

32.
ආසාභග්ගෝ ඉස්සාභග්ගෝ, එජාභග්ගෝ භග්ගජටා
ඡන්දභග්ගෝ බන්ධභග්ගෝ, බුද්ධං තං පණමාමහං

ඒ බුදු රජාණන් වහන්සේ ආශාව බිඳලූ සේක. ඊෂ්‍යාව බිඳලූ සේක. තණ්හාව බිඳලූ සේක. මෝහ ජාලය බිඳලූ සේක. කැමැත්ත බිඳලූ සේක. සංසාර බන්ධනය බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කර කරමි.

33
වීතරාගෝ වීතදෝසෝ, වීතමෝහෝ වීතාසවෝ
වීතකාමෝ වීතකෝධෝ, බුද්ධං තං පණමාමහං

භාග්‍යවතුන් වහන්සේ වීතරාගී වූ සේක, වීතදෝසී වූ සේක. වීතමෝහී වූ සේක. ආශ්‍රව දුරු කළ සේක. කාමයන් දුරු කළ සේක. ක්‍රෝධය දුරු කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.


34
වීතපාපෝ වීතපුඤ්ඤෝ, වීතභාරෝ වීතමලෝ
වීතවිකාරෝ වීතින්ධෝ, බුද්ධං තං පණමාමහං

පාපයන් දුරු කළ සේක. පුඤ්ඤාභි සංස්කාර දුරු කළ සේක. සංසාර බර දුරු කළ සේක. කෙළෙස් මල දුරු කළ සේක. වෙනස්වීම් දුරු කළ සේක. තණ්හා ටැඹ දුරු කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

35
වන්තරාගෝ වන්තදෝසෝ, වන්තමෝහෝ වන්තමලෝ
වන්තකසාවෝ වන්තීඝෝ, බුද්ධං තං පණමාමහං

රාගය බැහැර කළ සේක. ද්වේශය බැහැර කළ සේක. මෝහය බැහැර කළ සේක. කෙළෙස් මල බැහැර කළ සේක. කෙළෙස් කසට බැහැර කළ සේක. සියලු දුක් බැහැර කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

36
සග්ගුරු තිලෝකගුරු, සබ්බසත්තානමග්ගගුරූ
නේතාරේසු මහානේතා, බුද්ධං තං පණමාමහං

යහපත් ගුණ දහම් උගන්වන ගුරුවරයාණන් වහන්සේ වන සේක. තුන් ලොවට ම නිවන් මග පෙන් වන තිලෝගුරු මුනිඳුන් වන සේක. සියලු සතුනට අග්‍ර වූ ගුරු දෙවිඳුන් වන සේක. නිවනට පමුණුවන්න් අතරින් මහා නේතෘන් වහන්සේ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails