Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 05

Saturday, October 10, 2009 , at 4:25 PM


21
අමඞ්ගලනිසාහන්තා, මඞ්ගලභානුභස්සරෝ
මඞ්ගලාලෝකවිකිණ්ණෝ, බුද්ධං තං පණමාමහං

සියලු අමංගල කරුණු නැසූ සේක. මංගල හිරු රැස් විහිද වූ සේක. මංගල ආලෝකයෙන් ගැවසීගත් සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

22
බාහුසච්චෝ බුජ්ඣනකෝ, ධම්මචක්ඛුඋප්පාදකෝ
තිභවමඞ්ගලඞ්කාරී, බුද්ධං තං පණමාමහං

ඒ බුදු රජාණන් වහන්සේ බොහෝ දහම් දත් සේක. සිරි සදහම් අවබෝධ කළ සේක. දහම් ඇස උපදවන සේක. තුන් භවයට ම යහපත, මංගල්‍යය ඇති කරවන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

23
මහාවත්තා පවත්තා ච, අත්ථස්ස නින්නේතා පභූ
අමතස්ස දාතා විඤ්ඤූ, බුද්ධං තං පණමාමහං

ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහා වක්තෘන් වහන්සේ වන සේක. දහම් සක පවත්වන ප්‍රවක්තෘන් වහන්සේ වන සේක. සදහම් අරුත් මතුකර දක්වන නේතෘන් වහන්සේ වන සේක. තුන් ලොවට අමෘතය දන් දෙන අමෘතදායකයාණන් වහන්සේ වන සේක. මහා නුවණැති සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

24
දිවා තපති ආදිච්චෝ, රත්තිං දිප්පති චන්දිමා
රත්තිංදිවං තපි නාථෝ, බුද්ධං තං පණමාමහං

දිවාකල ලොව එළිය කරමින් හිරු බබළන්නේ ය. රාත්‍රියේ සඳ බබළන්නේ ය. සතුනට රැකවරණ සළසන බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙකෙහි ම ලොව එළිය කරමින් බබළන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

25
සන්නද්ධෝ ඛත්තියෝ තපති, ඣායී තපති බ්‍රාහ්මණෝ
නිරන්තරං තපි නාථෝ, බුද්ධං තං පණමාමහං

ක්ෂත්‍රීයයා සන්නද්ධ වූ විට බබළන්නේ ය. බ්‍රාහ්මණයා ධය්‍යාන වඩන විට බබළන්නේ ය. ලොවට පිහිට සළසන බුදු රජාණන් වහන්සේ සැමවිට ම ලොව දිදුලවමින් බබළන්නේ ය.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails