Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 04

Saturday, October 10, 2009 , at 4:21 PM


16
මහාමඞ්ගලත්ථං මග්ගී, ලද්ධෝ ධම්මසුමඞ්ගලෝ
මඞ්ගල’ද්ධානං ඤාපෙසි, බුද්ධං තං පණමාමහං

මංගල අර්ථය සෙවූ සේක. අතිශයින් සොදුරු වූ ධර්මය ලබා ගත් සේක. මංගල මාර්ගය අවබෝධ කරවූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

17
අගාරිකත්ථං ඤාපේසි, මහාමඞ්ගලමුත්තමං
ගිහී සහායකෝ සාමී, බුද්ධං තං පණමාමහං

ගිහිඅයට යහපත ඇති කරගැනීම ගැන අවබෝධ කොට දුන් සේක. සුවිසල් උතුම් මගුල් කරුණින් යුතු වන සේක. ගිහියන් හට ද යහපත පෙන්වා දෙන සේක. අප ගේ ස්වාමී වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

18
මහාමඞ්ගල’ලඞ්කිතෝ, මහාමඞ්ගලභූසනෝ
මහාමඞ්ගලසේඛරෝ, බුද්ධං තං පණමාමහං

මහා මංගල සළකුණු වලින් අලංකාර වූ සේක. මහා මංගල කරුණු වලින් සුන්දර වූ සේක. මහා මංගල කරුණු වල මුදුන් මල්කඩ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

19
මහාමඞ්ගලංසුමාලී, මඞ්ගලාභෝ සමුජ්ජලෝ
මඞ්ගලංසුං උජ්ජෝතේසි, බුද්ධං තං පණමාමහං

මහා මංගල කරුණු ඇමිණු මල්දමක් වැනි ය. මංගල ආලෝකය දැල්වූ සේක. මංගල ප්‍රභාව බැබලවූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

20
මහග්ඝ මඞ්ගලෝදධි, මහන්තමඞ්ගලණ්ණවෝ
මහාමඞ්ගලසාගරෝ, බුද්ධං තං පණමාමහං

මහා අනර්ඝ මංගල කරුණු පිරි විලක් වැනි ය. මංගල කරුණු පිරි මහ මුහුද වැනිය. මහා මංගල සාගරයක් වැනිය. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails