Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 03

Saturday, October 10, 2009 , at 4:19 PM


11
මඞ්රගලත්ථමනුප්පත්තෝ, මඞ්ගලත්ථපරායණෝ
සබ්බදා මඞ්ගලකරෝ, බුද්ධං තං පණමාම්‍යහං

පරම මංගල කරුණ වූ නිර්වාණයට පැමිණි සේක. නිවන පිහිට කොට ඇති සේක. සැම දා ලොවට යහපත ඇති කරන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

12
මඞ්ගලමග්ගමන්වේසි, පත්තෝ මඞ්ගලමුත්තමං
මඞ්ගලායනං දස්සේතා, බුද්ධං තං පණමාමහං

මංගල මාර්ගය වූ නිවන් මග සොයාගත් සේක. උත්තම මංගල භාවය වූ නිවනට පත් වූ සේක. ඒ පරම මංගල වූ නිවන පෙන්වා දෙන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

13
මඞ්ගලමහිමාධාරී, මඞ්ගලකාරී නායකෝ
සබ්බධි මඞ්ගලදාතා, බුද්ධං තං පණමාමහං

මංගල මහිමහ දරා වැඩ සිටි සේක. මංගල භාවය ඇති කරවන සේක. තුන් ලොවට නායක වන සේක. සියලු තැන්හි ම යහපත ලබා දෙන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

14
මඞ්ගලස්ස කෝවිදෝ ච, අමඞ්ගලස්ස කොවිදෝ
පරමං මඞ්ගලං ලද්ධෝ, බුද්ධං තං පණමාමහං

මංගල කරුණු ද අමංගල කරුණු ද තේරුම් ගැනීමේ දක්ෂ වන සේක. පරම මංගල භාවය ලැබූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

15
සබ්බමඞ්ගලසම්පන්නෝ, මඞ්ගලඝෝසඝෝසකෝ
මඞ්ගලූත්තමං දේසේසි, බුද්ධං තං පණමාමහං

සියලු ශුභ කාරණා වලින් සමන්විත වන සේක. මංගල ඝෝෂය ඇති කළ සේක. උත්තම මංගලත්වය වන නිවන දේශනා කළ සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails