Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 02

Saturday, October 10, 2009 , at 4:15 PM


06
මහාමඞ්ගලමඞ්ගල්‍ය, මඞ්ගලෝ මඞ්ගලාලයෝ
මඞ්ගලායතනෝ නාථෝ, බුද්ධං තං පණමාමහං

මහා අභිවෘද්ධි දායකයාණන් වහන්සේ වන සේක, යහපත ඇති කරන සේක. සියලු ලොවට ශුභ ආකාර ඇති කරන සේක. සියලු මංගල කරුණු වල උත්පත්ති ස්ථානය වන සේක. ලොවට රැකවරණය ඇති කරන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

07
මඞ්ගලින්දෝ මඞ්ගලිකෝ, මහාමඞ්ගලනායකෝ
මඞ්ගලධම්රෑමං දේසේසි, බුද්ධං තං පණමාමහං

ලොවට යහපත ඇති කරන්නවුන් අතර රජු වන සේක. මංගලික වන සේක. අභිවෘද්ධිය ඇති කරන්නවුන් අතරින් නායකයාණන් වහන්සේ වන සේක. සියලු යපහත ඇති කරන ධර්මය දේශනා කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

08
මඞ්ගලග්ගෝ මඞ්ගලඤ්ඤූ, මඞ්ගලත්ථපදායකෝ
මඞ්ගලපන්ථදස්සාවී, බුද්ධං තං පණමාමහං.

ශුභ ලකුණු ඇතියවුන් අතරින් අග්‍ර වන සේක. ශුභ වූ නිවන දැනගත් සේක. යහපත ඇති කරන නිවන් සුවය ලබා දෙන සේක. පරම මංගල වූ නිවනට යන මාර්ගය පෙන්වා දෙන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි.

09
මඞ්ගලිච්ඡෝ මඞ්ගලිද්ධෝ, මඞ්ගලමභිවද්ධනෝ
මඞ්ගලේහි පරිපුණ්ණෝ, බුද්ධං තං පණමාමහං

ලොවෙහි යහපත කැමති වන සේක. මංගල කරුණු වලින් සමෘද්ධිමත් සේක. අභිවෘද්ධිය වඩවන සේක. සියලු මංගල කරුණු වලින් පරිපූර්ණ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

10
මඞ්ගලාභා උජ්ජෝතේසි, මඞ්ගලත්ථපභාකරෝ
මඞ්ගලාලෝකමණ්ඩිතෝ, බුද්ධං තං පණමාමහං

මංගල ඕභාසය දැල්වූ සේක, යහපත ඇති කිරීමෙහිලා හිරු මෙන් වන සේක. සියලු මංගල ආලෝකයෙන් ගැවසීගත් සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails