Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ ගුණ ගාථාවලී 01

Saturday, October 10, 2009 , at 4:10 PM


01
යථේව පුප්ඵරාසිම්රෑහා, ගන්ථෙය්‍ය මාලා සෝභනා
එවං බුද්ධගුණගාථා, විරචිං සහස්රෑසාධිකා.

මල් රැසක් එක් කොට සොඳුරු මල් දමක් ගොතන්නේ යම් සේ ද, එසේ ම දහසකට අධික වූ බුදු ගුණ ගාථා මෙසේ සකසන ලදි.

02
සෝපි භගවා අරහං, සම්රෑමාසම්බුද්ධෝ සයම්රෑභූ
විජ්ජාචරණසම්රෑපන්නෝ, බුද්ධං තං පණමාමහං.

ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. තමන් වහන්සේ විසින් ම සියල්ල අවබෝධ කළ සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි.

03
පුරිසදම්මසාරථී, ලෝකවිදූ අනුත්තරෝ,
සත්ථාදේවමනුස්සානං, බුද්ධං තං පණමාමහං

ඒ භාග්‍යවතුන් වහන්සේ පුරුෂයින් දමනය කරන සේක. සියලු ලොව අවබෝධ කළ සේක. අනුත්තර වන සේක. දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි.

04
සුගතෝ සුගදෝ සාමී, සුඛදෝ සන්තිපදායකෝ
සබ්බලෝකානුකම්රෑපකෝ, බුද්ධං තං පණමමහං.

ඒ බුදු රජාණන් වහන්සේ සොඳුරු නිවනට වැඩි සේක. සොඳුරු වචන ඇති සේක. ලොවට සැපත ලබා දෙන සේක. ශාන්ත නිවන ලබා දෙන සේක. සියලු ලෝකයට අනුකම්පා ඇති සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

05
වරෝ වරඤ්ඤූ වරදෝ, වරුත්තමෝ වරාහරෝ
වරධම්මං අදේසයි, බුද්ධං තං පණමාමහං.

ඒ බුදු රජාණන් වහන්සේ උත්තම වන සේක. උතුම්භාවය (නිවන) දන්නා සේක. උතුම් භාවය ලබා දෙන සේක. උතුම් අය අතරින් උත්තම වන සේක. සත්වයින් (හීන ස්වභාවයෙන් නගා සිටුවා) උත්තම භාවයට පමුණුවන සේක. උතුම් ධර්මය දේශනා කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails