Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු.

Wednesday, September 29, 2010 , at 10:27 AM

෴ජාත චේතිය වන්දනා කරමු෴
(මහා බෝසතාණන් වහන්සේ උපත ලද ලූම්බිණී පින්බිම වන්දනා කිරීම)
මායාසුතෝ සුගත සාකිය සීහනාථෝ
ජාතක්ඛණේ සපදසා මහි චංකමිත්වා
යස්මිං උදීරයි ගිරිං වර ලූම්බිණිම්හි
තං ජාත චේතියමහං සිරසා නමාමි ෴

මායා බිසව්ගේ කුසින් - වැඩි බෝසතාණෝ
ඒ මොහොතෙ දී පියවරින් - සක්මන් කළෝ මෙහි
විහිදූ මිහිරි සිහනදින් - ලූම්බිණී උයන්හී
ඒ ජාත චේතිය උතුම් - සිරසින් වඳිම් මම්

෴සම්බෝධි චේතිය වන්දනා කිරීම෴

(බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් බුද්ධගයා පින් බිම වන්දනා කිරීම)
යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතිය මහා සිරසා නමාමි෴

වාඩි වී වජිරාසනේ මත
- වීරියෙන් දිනු බුදු රජාණෙනි
නේක දොස් ඇති සියළු කෙලෙසුන්
- නසා ජය ගත් මුනි රජාණෙනි
ඤාණබලයෙන් යුතුව සම්බුදු
- බවට පත් වූ සිහරජාණෙනි
බෝධිචේතිය වඳිමි සිරසින්
- සිතා සම්බුදු ගුණ සුවාමිනි

෴ධම්ම චේතිය වන්දනා කිරීම෴

(බුදුන්වහන්සේ දම්සක පැවත්වූ බරණැස ඉසිපතන මිගදාය පින් බිම වන්දනා කිරීම)
සම්කම්පයං දස සහස්සිය ලෝකධාතුං
දේසේසි යත‍්‍ර භගවා වර ධම්මචක්කං
බාරණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමි෴

කම්පා කරවමින් සහස්සී - දසලෝකධාතූ
දෙසු සේක අප සම්බුදුන් - ධම්සක් දෙසුම් ඒ
බරණැස් පුරේ අසල වූ - මිගදාය වනයේ
ඒ ධම්ම චේතිය උතුම් - සිරසින් වදිම් මම්

෴නිබ්බාණ චේතිය වන්දනා කිරීම෴

(බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරා පින් බිම වන්දනා කිරීම)
කත්වාන ලෝකහිතමත්ථ හිතං ච නාථෝ
ආසිතිකෝව උපවත්තන කානනම්හි
යස්මිං නිසජ්ජ භගවා නිරුපාධිසේසං
නිබ්බාණ චේතියමහං සිරසා නමාමි෴

ලෝ සත කෙරෙහි හිත සුවේ - යෙදුවෝ තිලෝනා
වැඩි සේක සාල උයනට - අසූ වෙනි වියෙහි දී
යම් තැනක සැතපී සිට - පිරිනිවන් පා වදාළෝ
නිබ්බාන චේතිය උතුම් - සිරසින් වදිම් මම්

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails