Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

පුරමු පින් අහසක් ~ වෙනුවෙන් පින්සාර හෙටක් :: 02

Wednesday, September 22, 2010 , at 3:41 AM

ථම්භාරෝපක ථේරාපදානය

ධම්මදස්සී බුදුරජුන් පිරිනිවී කල්හී එම බුද්ධ ශේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධජස්ථම්භයක් නැංවීමි. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑ සමන් මල් ගෙන සෑයට පිදීමි.


එකී පුණ්‍ය කර්මය හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ථූප පූජාවෙහි විපාකයයි.


මින් සිව් අනූවන කපෙහි මහත් බල ඇති ථූප සිඛර නම් වූ සොළොස් සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළි සිඹියාවෝ ද, අෂ්ඨ විමෝක්ෂයෝ ද, ෂඞ් අභිඥවෝ ද, සාක්ෂාත් කරන ලදි. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදි. මේ අයුරින් ආයුෂ්මත් ථම්භාරෝපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
නාගසමාල ථේරාපදානය

මම සියලූ නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිඛී බුදු රජුන්ගේ ස්ථූපයට ආදර සහිතව පළොල් මලක් ගෙන තැබීමි.


මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණ්‍යකර්මයක් කලෙම් ද, එ් හේතුවෙන් දුගතියකට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භූමීය නම් සක්විති රජෙක් වීමි.


මේ ජීවිතයේදී සිව් පිළි සිඹියාවො ද, අෂ්ඨ විමෝක්ෂයෝ ද, ෂඞ් අභිඥවෝ ද, සාක්ෂාත් කරන ලදි. බුදුරජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදි. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails