Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සුවඳවත් මංපෙත් ඔස්සේ සොඳුරු ඉසව්වක් කරා....

Saturday, August 14, 2010 , at 10:27 AM

සුදෝ සුදු අහස් ගැබ යට
තද නිල් පැහැයෙන් බැබළුනු
හැම තැනම අතු පතර විහිදුනු
ගස්වැල් වලට යටින්
හෙමින් හෙමින් ගලා හැලෙන​
සීතල දිය දහරක්...

පාට පාට මල්වලින් ගැවසුනු
මුලු පරිසරයම වෙලාගත්ත
හමන​ සුවඳට පේලි පේලි සැදී ආව
පුංචි සමණළ පැටව්
සුන්දර දසුන් පෙලක්..

ගුමු ගුමු ගා හඬ ගාගෙන මල්වල රොනට ඇදුනු මී මැසි රංචු
දෙසවන සනසන මිහිරි නදක්..

මතකද ඒ අපේ පුංචි සන්දිය..
කෙත් යායේ ඇළේ දොළේ පහස ලබා
ගස්වැල් වල අතු පතර එල්ලීගෙන
සෙල්ලම්කරන්නට තැනූ පුංචි අපේ සෙල්ලම් ගේ..

අනේ අපොයි...!
කෝ අපේ පුංචි එවුන්ට එදා අපි තැනූ සෙල්ලම් ගෙවල්
අද අපේ එවුන් කාටූන් ලොවක අතරමන් වෙලා නෙවැ
කොම්පියුටරේ බොත්තම් අතරෙ හිරවෙලා නොවැ

නොදන්නා ඉසව්වක නොදන්නා ඉලක්ක හඹා
නොනිමෙන තරඟයක පිම්මේ දුවන ගමන්
පොඩියකට නැවතිලා බලන්න ඔබත්...

අපේ පුංචි එවුන්ට උරුම නොවු ඒ සුන්දර අපේ පරිසරය
යලි උරුම කර දෙන්න්ට කාලය එළඹිලාන් නේද?

ඔබත් එන්න අපිත් එක්ක..
අපි එකතු වෙලා තනමු
අපේ ලොවක්..

පාට පාට සමණලුන්ට
ගුමු ගුමු නද දෙන මී මැස්සන්ට
ඇරයුම් කරමු යලිත් එන්න
පුංචි අපේ ගෙවත්තට..
පුංචි අපේ, අපේ ලෝකෙට....

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails