Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'වස්සානේ බුදු ගුණ සුවඳ​' :: 05

Tuesday, August 17, 2010 , at 11:09 AM

පිපෙනා මලකට - ගලනා දොලකට - දැනෙනා බුදු ගුණ​
කළුගල් කුලකට - බොල් මැටි පිඬකට - දැනෙනා බුදු ගුණ​
ඉර හඳ දෙපලට - මේ මහ පොළොවට - දැනෙනා බුදු ගුණ​
124. පින්බර පින්සිරි නෙත් කැලුමාණෙනි වන්දේ
125. සිරි දළදා ඇති බුදු සමිඳාණෙනි වන්දේ
126. මිහිරි සිනහ ඇති මුණිවරයාණෙනි වන්දේ
127. බැම හකුලා නොබලන මුනිඳුනි වන්දේ
128. ආදරයෙන් බලනා මුනිඳාණෙනි වන්දේ
129. වැළපෙන හද සනසන මුනිඳාණෙනි වන්දේ
130. විපතින් මා වළකන මුනිඳාණෙනි වන්දේ
131. ලෙඩ දුක් දුරුකරනා නිදුකාණෙනි වන්දේ
132. බවදුක් දුරුකරනා මුනිඳාණෙනි වන්දේ
133. ලෝ සත සනසන බුදු සමිඳාණෙනි වන්දේ
134. සැපත සදාලන බුදු සමිඳාණෙනි වන්දේ
135. භය දුරු කරනා බුදු සමිඳාණෙනි වන්දේ
136. නිරතුරු මා සුරකින මුනිඳාණෙනි වන්දේ
137. බිය සැක දුරු කරවාලන මුනිඳුනි වන්දේ
138. සදහම් නද පතුරන මුනිඳාණෙනි වන්දේ
139. මරණින් මුදනා මඟ දෙසුවාණෙනි වන්දේ
140. අමරණීය මග පෙන්වන්නාණෙනි වන්දේ
141. දෙව්සැප සලසන මුණිවරයාණෙනි වන්දේ
142. මනු සිහිළැල් ගුණ දායකයාණෙනි වන්දේ
143. බිළිඳුන් සුරකින බුදුසමිඳාණෙනි වන්දේ
144. රෝ-දුක් වලකන බුදුසමිඳාණෙනි වන්දේ
145. ගත-සිත සනසන මුණිනිදුකාණෙනි වන්දේ
146. අම සුව සලසන බුදුසමිඳාණෙනි වන්දේ
147. මරණය නොදකින මුණිවරයාණෙනි වන්දේ
148. මෝක්‍ෂ සුගන්ධිත දායකයාණෙනි වන්දේ
149. බුද්ධි ප්‍රබෝදිත පුණ්‍යවතාණෙනි වන්දේ
150. වන්දනීය මුණි නන්දනයාණෙනි වන්දේ


සාදූ..! සාදූ.!! සාදූ!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails