Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

නිවැරදිව ධර්ම සාකච්ඡාවක් සිදුකරන්නේ කෙසේ ද​?

Monday, June 21, 2010 , at 11:32 AM


ගෞතම බුදු සසුනේ පහස ලද සුපින්වත් මිතුරනේ,

මනුෂ්‍ය ජීවිතයකදී අපට ලබන්න පුළුවන් ලොකුම තෑග්ග, පරම ලාභය අපට ලැබිලා තියෙනවා. අපට හමුවෙලා තියෙනවා. උතුම් බුදු සසුනක් ලොව පවතිනා කාලයක අපට මේ මනුලොව උපදින්න ලැබුනා. ඒ මිහිරි දහම් පද අපට තේරෙන අයුරින් කියාදෙන, අපගේ පින මතු කරදෙන්නට සමත් පරම කළ්‍යාණමිත්‍රයෙක් මුණගැහුනා. මේ දේවල් ලෝකයේ බොහොම දුර්ලභයි. ඒ දුලභ බව තේරුම් ගන්න තරම්වත් අපි දක්‍ෂ වෙන්න ඕනි. අපේ පින අඳුනාගන්න අපි දක්‍ෂ වෙන්න ඕනි. එහෙම නැති වුනොත් ඒක මේ මිනිස් මොළයට, හැකියාවන්ට කරණ නිග්‍රහයක්.

අපිට කළ්‍යාණමිත්‍රයා මුණගැහුනා. පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුනා. ඒ සාධක අපට ලැබෙන්නේ බාහිරින්. යෝනිසෝමනසිකාරය හා ධම්මානුධම්ම පටිපදාව අපේ අභ්‍යන්තරය හා බැඳුනු සාධක දෙකක්. මේ කාරණා 4 එක්තැන් වුන පුද්ගලයින් බොහෝ වාසනාවන්තයි. ඒ අයට ඒ අමා සුව නම් බොහෝ දුර නොවේ.කොහොම නමුත් මේ සාධක හතර වටා අපි පුරුදු පුහුණු කළයුතු තවත් වැදගත් දෑ බොහොමයක් තියෙනවා. අප මුළු හදින් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් මංගල කාරණයක් ලෙස වදාරණ ලද නිසි කලට සිදුකල යුතු 'ධර්ම සාකච්ඡාව' ඉන් සුවිශේෂයි. ධර්ම මාර්ගයේ හැසිරෙන අය විසින් සිදු කළ යුතු අනිවාර්‍ය අංගයක් ලෙසයි බුදුරජාණන් වහන්සේ මෙම කරුණ වදාළේ.

අද සමාජයේත් මේ 'ධර්ම සාකච්ඡා' විවිධ ආකාරයෙන් සිදු කරන විවිධ පිරිස් අපට ගිහි-පැවිදි දෙපාර්‍ෂවය තුළම හමුවෙනවා. ඒ අතරින් අපට පෙනී යන අවාසනාවන්ත කාරණයක් තමයි මේ අය ධර්ම සාකච්ඡාවක් කියල මොකක්ද මේ කරන්නේ කියන එක.

'ධර්ම සාකච්ඡා' කියල පටන් ගන්න දේවල් ඉවර වෙන්නේ මුලට 'අ' යන්නකුත් එකතු කරල. මේක අනවබෝධය නිසාම ඇතිවන සක්ඛාය දිට්ඨියේ තවත් කණගාටුදායක තත්ත්වයක්. ඇතමුන් තමාගේ මතය හුවා දැක්වීම පිණිස මේ 'ධර්ම සාකච්ඡා' යොදා ගන්නවා. තවත් කොටසක් තම මතය දිනවීම පිණිස, හුදු තර්ක හා වාද විවාද ගොඩනඟා ගැනීමටත් 'ධර්ම සාකච්ඡා' භාවිතා කරනවා. තවත් පිරිසක් තම පුද්ගලික ප්‍රතිරූපය ඉස්මතු කොටගෙන සමාජයේ ප්‍රසිද්ධ වීම හා කැපී පෙනීම උදෙසාත් මේ 'ධර්ම සාකච්ඡා'වම යොදා ගන්නවා. තවත් සමහරු 'ධර්මය බබලන්නේ විවෘත වූ විට' යැයි පවසමින් ඔවුනට වටහා ගැනීමට අපහසු ධර්ම කරුණු මේ ස්වාක්ඛාත වූ ධර්මයේ දුර්වලතා ලෙස පවසමින් ඒ ඔස්සේ වාද විවාද ගොඩනඟමින් අසරණ ලෙස හැසිරෙනු අපට දකින්නට ලැබෙනවා. තවත් සමහරක් ඔවුන් සරණ ගිය ඔවුන් වැනිම සමහරකුන්ගේ මිථ්‍යා මතයන් සමාජගත කිරීම සඳහාත් භාවිතා කරන්නේ මේ 'ධර්ම සාකච්ඡා' මයි. මෙයාල සමාජයට කරන හානිය සුළුපටු එකක් නම් නෙවෙයි. අන්‍යාගමිකයන් විසින් බුදු දහමට කරන විනාසයට වඩා සිය දහස් ගුණයක හානියක් මේ පිරිස් විසින් ශාසනයට සිදුකරනවා. මේක බුදුරජාණන් වහන්සේ පවා මීට වසර 2500 කට ඉහතදී දේශනා කරන ලද්දක්. මේ අය රැස් කරගන්නා පව් නම් අප්‍රමාණයි.

අපිත් ධර්මය ඉගෙන ගන්නේ, ධර්මය ප්‍රගුණ කරන්නේ මේ වගේ වටා පිටාවක් තුළ. ඉතින් අපි කොහොමද මේ 'මර උගුල්' වලින් බේරෙන්නේ...? මේ වගේ පිරිස් අඳුනාගෙන බැහැර කරන්නේ....? අපේ දහම් ගැටළු අපි සාකච්ඡා කළ යුත්තේ මොන ආකාරයට ද...? අපි ඒවා සාකච්ඡා කළ යුත්තේ කා සමඟ ද...? ඒවා කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද...? ඒවායේ අවසානය කෙසේ විය යුතු ද...? කුමන ප්‍රතිඵලයක් අපේක්‍ෂා කළ යුතු ද....?

අපගේ කළ්‍යාණමිත්‍ර සුපින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම උතුම් බුද්ධ දේශනා අනුසාරයෙන් වදාරන්නට යෙදුනු මේ කෙටි දේශනාව නිවන් කැමති, නිවන් පතන සැමගේ සදා නිවීම පිණිසම හේතුවේවා....!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails