අසාධුං සාධුනා ජිනේ....
Wednesday, June 9, 2010
, at 11:26 AM
දයාබර යාලුවනේ,
පුංචි කාරණයක් මතක් කරල දෙන්න ඕන කියල හිතුන,
දීඝ නිකාය පොත් වහන්සේ ගේ තිබෙන බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව, සමහර විට හැමෝ ම වගේ කියවල ඇති. ඒ සූත්‍ර දේශනාවේ තිබෙනවා අපූරු කථාවක්.
ඒ දවස්වල අප ගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පන්සීයක් පමණ වුන භික්ෂූන් වහන්සේලාත් සමග රජගහ නුවරත් නාලන්දා නුවර අතර දීර්ඝ මාර්ගයේ වැඩම කරමින් සිටියා. ඒ මාර්ගයේ ම යි සුප්පිය කියන පරිබ්‍රාජකයා ත් ඔහු ගේ ගෝලයා වුන බ්‍රහ්මදත්ත කියන මානවකයාත්, භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂුසංඝයාට ත් පිටුපසින් පැමිණෙමින් සිටියේ. සුප්පිය පරිබ්‍රාජකයා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට ත් ශ්‍රී සද්ධර්මයට ත් ආර්ය මහා සංඝරත්නයටත් නොයෙක් අයුරින් ගර්හා කරමින්, නින්දා අපහාස කරමින් තමයි පිටුපසින් පැමිණියේ. ඔහු ගේ ගෝලයා තුණුරුවනට නොයෙක් අයුරින් ප්‍රශංසා කරමින් පැමිණියා. එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් අදහස් ඇති මේ ගුරු ගෝල දෙදෙනා ගැන ස්වාමීන් වහන්සේලා පසු අවස්ථාවක සාකච්ඡා කරමින් සිටියා. ඒ අවස්ථාවේ එතැනට වැඩම කළ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට හරි ම සුන්දර දහම් අවවාදයක් කළා.
"මහණෙනි, අන් අය මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියනවා නම්, ඒ කරුණ මුල් කර ගෙන ඔබ කෝපයක්, නො සතුටක්, සිතේ අමණාපයක් උපදවා නො ගත යුතු යි. අන් අය මා හට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගන විට ඔබ කෝප වෙනවා නම්, නො සතුටක් ඇති කරගන්නවා නම්, සිතේ අමණාපයක් උපදවා ගන්නවා නම් එයින් ඔබලාට ම යි හානි වෙන්නේ. මහණෙනි අන් අය මා හට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගන විට ඔබ කෝප වෙනවා නම්, නො සතුටක් ඇති කරගන්නවා නම්, සිතේ අමණාපයක් උපදවා ගන්නවා නම්, අන් අය ප්‍රකාශ කළ ඒ දේ සුභාෂිතයක් ද දුර්භාෂිතයක් ද කියා (සත්‍ය අසත්‍ය භාවය) දැනගන්නට ඔබලාට හැකි වෙනවා ද..?
"ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එය දැන ගන්නට නො හැක්කේ ම ය" කියා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
" මහණෙනි, අන් අය මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියනවා නම්, 'එය මේ කාරණයෙනුත් අභූත දෙයක්, එය මේ කාරණයෙනුත් අසත්‍ය දෙයක්, මේ කියන දෝෂය අප තුළ නැහැ, මේ දෝෂය අප තුළ දකින්නට ලැබෙන්නේ නැහැ' කියා, ඒ දොස් රහිත දේ දොස් රහිත දෙයක් හැටියට ම නිරවුල් කරගත යුතු යි. (ලිහා ඉවත් කළ යුතු යි.)"
දයාබර යාලුවනේ, මම මේ උපුටලා දැක්වූවේ බුදු පියාණන් වහන්සේ ලබා දීපු දහම් අවවාදයෙන් ඉතාම පුංචි කොටසක් විතර යි. ඒ උතුම් දහම් අවවාදය, දීඝ නිකාය පළවෙනි පොත් වහන්සේ ගෙන් කියවන්න කියල ආරාධනා කරනවා. ඉතින් මේ දහම් අවවාදය මතක් කරල දෙන්න ඕනි කියල හිතුනේ පුංචි කාරණාවක් නිසයි.
------------------------------
මේ තරම් ම සංසිදීමට උපකාරී වෙන, සැනසිල්ල උපදවා දෙන්නට උපකාරීවන ධර්මයක් ත්‍රිපිටක පොත් වහන්සේලා තුළ තිබෙනවා කියල මට නම් දැන ගන්ට ලැබුණේ, පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ නිසා. '' 'තමන් වහන්සේට නින්දා අපහාස කරන අයට පවා මෙත් වඩන්න' කියල ශ්‍රාවකයින් ව හික්මවපු, ශාස්තෘන් වහන්සේ නමක්ව නේ ද අපි සරණ ගියේ'' කියල, ධර්මය තුළින් ම හදුනාගන්න අවස්ථාව උදාකරල දුන්නෙත් ඒ පින්වතුන් වහන්සේ ම තමයි. ඒ වෙනුවෙන් කිසි දවසක කෙළෙහිගුණ සළකලා ඉවර කරන්න බැහැ කියල මම දන්නවා.
කෙසේ නමුත්, නින්දා ප්‍රශංසා ආදී අටලෝ දහමට වරින් වර ලෝක සත්වයාට මුහුණ දෙන්ට වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. ඉතින් සෝමාවතිය පින්කමෙන් පස්සෙ, වෙබ් සයිට් කිහිපයක ම, පටු හිතකින් හිතල (පටු හිතකින් කියල කිව්වෙ, ගුණ වශයෙන් මහත් භාවයට පත් වුන හිතකින් ඒ වගේ ලිපි කිසි දවසක ලියන්ට බැරි නිස යි..) පූජනීය ස්වාමීන් වහන්සේට එක එක දේවල් කියපු ලිපි පළකරල තියෙනවා මම දැක්ක. ඒ වගේ දේවල් දැක්ක ම උන්වහන්සේ ගෙන් බණ පදයක් හරි අහපු බෝහෝ දෙනෙකුට, ඒ ලිපි ලියපු අය ගැන සමහර විට පුංචි ම හරි නො සතුටක්, අමණාපයක් ඇති වෙන්ට ඇති. සමහර අය ඒ අමණාපය, නො සතුට මුල් කරගෙන කමෙන්ට්ස් එහෙමත් දාන්න ඇති.
කෙසේ නමුත් දයාබර යාලුවනේ, අපි එතන දීත් කරන්ට ඕනෙ, බුදු පියාණන් වහන්සේ, ස්වාමීන් වහන්සේලාට ලබා දීපු අර අවවාදය මතක් කර ගන්න එක ම යි. එහෙම නේ ද..? පටු හිත් වලින්, අකුසල් පිරුණු හිත් වලින් එක එක දේවල් ලියපු අය ගැන අපි අනුකම්පාව ම උපදවා ගනිමු. මෛත්‍රිය ම පතුරවමු. මොකද දන්නව ද, එහෙම කරන්න කියල නේ ද බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තුළින් ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියල දුන්නෙ. ඉතින් අපි ඒ කියා දීපු විදියට ම කටයුතු කළොත්, යම් තරමකින් හරි උන් වහන්සේට කළගුණ සැලකුවා වේවි. ඒ නිසා එක එක කථා කියන අය ගැන පුංචි ම වත් තරහ සිතක් ඇති කර ගන්ට එපා. තරහ අරගෙන වචන ප්‍රකාශ කරන්ට යන්ටත් එපා.
යහපත් දේට වගේ ම යහපත් දෙවල් කරන අය ගැන ත් හිත පහදවා ගන්ට බැරි අය, එදත් ලෝකෙ හිටිය. අද ත් ලෝකෙ ඉන්නවා. හෙට ත් ලෝකෙ ඉදීවි. ඒක සාමාන්‍ය දෙයක්. බොහොම සුලභ දෙයක්. හැබැයි ඒ වගේ මිනිස්සුන් ගෙන් පිරුණු ලෝකෙක, එහෙම අයට ත් අනුකම්පා කරන්න කියල කියා දෙන ධර්මය දුර්ලභ යි. ඒ ධර්මය කියා දෙන පින්වත් ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වගේ කළ්‍යාණ මිත්‍ර උතුමන් දුර්ලභ යි. හරි ම දුර්ලභ යි. ඒ දුර්ලභ කරුණු දෙක ම මුණ ගැසුණු අවස්ථාවේ, එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්ට නම්, ඒ උතුම් ධර්මයේ කියා දීල තිබෙන විදියට ම අපි කටයුතු කරන්ට ඕන.
එහෙම නූනොත් මේ ධර්මය අපිට ත් අහිමි වෙලා යාවි. එම නිසා දයාබර යාලුවනේ, අපිට මුහුණ දෙන්ට වෙන හැම සිදුවීමක දී ම අපි ඒ සුදෝ සුදු චිත්ත සන්තානයක් දරා වැඩ සිටි, අප ගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ ව ම සිහි කරමු. අපමණ සැනසුම ලබා දෙන ඒ මිහිරි ධර්මය ම සිහි කරමු. ඒ දහම කියා දෙන කළණ මිතුරු ගුණ ම සිහි කරමු. එය අපිට හැමදා ම යහපත පිණිස පවතීවි.

තෙරුවන් සරණ යි...!
අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කධරියං දානේන
සච්චේන අලිකවාදිනං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කධරියං දානේන
සච්චේන අලිකවාදිනං
ක්‍රෝධ කරන කෙනාව ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනු යි.
අයහපත් ගුණැති කෙනාව ජයගත යුත්තේ යහපත් ගුණවලිනු යි.

මසුරු තැනැත්තා ව ජයගන්ට තිබෙන්නේ දන් දීමෙනු යි.
බොරු කියන කෙනාව ජයගන්ට තිබෙන්නේ සත්‍යවාදී වීමෙනු යි.
----- ධම්ම පදය -----
සිල් රකිනා සග රුවන රැකේවා..
පිල් බෙදනා මිසදිටු දුරු වේවා..
කල් නො යවා බුදු සසුන රැකේවා..
ගෞතම සසුනේ පිහිට ලැබේවා..
පිල් බෙදනා මිසදිටු දුරු වේවා..
කල් නො යවා බුදු සසුන රැකේවා..
ගෞතම සසුනේ පිහිට ලැබේවා..
ඉතාම කාලෝචිත ලිපියක්,
මෙය පිලී ගඳ පතුරුවන බ්ලොග් ලියන්නන්ගෙ ඇස ගැටේවා.
ඔබට තෙරුවන් සරණයි!!!
අශ්ට ලොක දාර්මතාවය කාටත් පොදුයි!නින්දා ප්‍රසන්සා අයසෝ යසෝච..........
ma satahana thulin hitha pawathina akusalaya akusalayak sa dakiwa. pinwath loku suwamin wahanseta chathurarya sattya awaboda wawa.. sadu sadu sadu...