Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

රැස් කරනා පින එයි පසු පස්සේ.... 04

Thursday, April 15, 2010 , at 10:09 PM

………මේ විමානය හරි උසයි.මැණික්වලින් කරපු කණු තියනවා.යොදුන් දොළොසක් දුරට පැතිරිලා තියනවා.උස් මුදුන් ඇති ගෙවල් හත්සීයයක් තියනවා.වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියනවා.සිත්කලූයි. සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා.අනුභව කරනවා.දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා.දිව්‍ය වූ රසය තියනවා.පංචකාම ගුණත් තියනවා.රන් අබරණවලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා.
 
ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
 
මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ.ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා.මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
 
සුගතයන් වහන්සේගේ ස්ථුපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරල තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදු ගුණ මනසිකාරය සිතේ පිහිටුවා ගත්තා. ඒ මහා ඉර්ධි ඇතිව මහා ආනුභාව ඇතිව දිව්‍ය වූ කාමගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ.ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි.

මාහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි.මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදූ! සාදූ!! සාදූ!!!

උපුටා ගැනීම:
මහමෙව්නා ත්‍රිපිටක පරිවර්තන -
ඛුද්දක නිකාය 2 - විමානවත්ථු පාළි - 07.සුනික්ඛිත්ත වර්ගය - එකොළොස්වන සුනික්ඛිත්ත විමානය
(සකළ සත හට කරුණාවෙන් උතුම් බුද්ධ වචනය සරළ සිහළට හැරවූ කිරිබත්ගොඩ ඥාණානන්ද සුපින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා!!!)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails