Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

‘WIN 2THOUSAND12’

Tuesday, March 2, 2010 , at 1:48 PM

2012 පෙරවදනක්.....



වසර 2010 එළඹිලා යන්තම් දෙමසක් පිරුනා විතරයි. 2011ටත් තව දවස් 306ක්ම තියෙනවා. ඉතින් එහෙව් එකේ ඊටත් දවස් 365කට පස්සේ එළඹෙන 2012 ගැන දැන්ම තියාම පෙරවදන් ලියන එක කෙනෙකුට පෙනෙන්න පුළුවනි මූදට හත් ගව්වක් තියා අමුඩ ගැහීමක් විදියට​. මූදට ටිකක් දුර බව නම් හැබෑව තමයි. ඒත් මේ 2012 එක විදියක සුනාමියක් වගේ. අපි මූදට යන්න කලින් මූද අපි ළඟට එනවා. ඉතින් අමුඩයක් ගහගෙන ඉන්න එක නෙව නුවණට හුරු. අපි පටන් ගත්තේ ඉංග්‍රීසියෙන් ‘WIN 2THOUSAND12’ කියලනෙ. එකපාරටම ගියර් මාරු කලේ කාටත් ඔරොත්තු දෙන විදියට ගමන යන්න හිතාගෙන​. එහෙමනං අපි subject එකට enter වෙමු නේද​.....?

‘WIN 2THOUSAND12’ කියන්නේ අර 2012දි අධිරාජ්‍යවාදයේ මහගෙදර, ඒ කිව්වේ ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් එහෙම නම් නෙවේ. ඊට වඩා වැදගත්, ජයගත යුතු යෝධ අභියෝගයක් ගැන​. භය හිතෙන දෙයක් ගැන​. හීන් දාඩිය දාන දෙයක් ගැන​. හිතන කොටත් ඇඟ හීතල වෙන දෙයක් ගැන​. සමහරෙක් දැනටමත් බය වී දඟලන දෙයක් ගැන​. නමුත් ඇතමෙක් අවඥාවෙන් බැහැර කරන දෙයක් ගැන​.

DOOMSDAY 2012............ www.2012doomsday.com

21වෙනි සියවසේ ආරම්භයත් එක්ක අපිට කනින් කොනින් මේ ගැන අහන්න ලැබුනා. හැළියේ වතුර නටන​ තුරුම දිය කෙළිනා කකුළුවො වගේ අපිත් හිටියා. දැන් ටිකෙන් ටික රස්නෙ දැනෙන්න පටන් අරගෙන​. කකුළුවා එහෙම හිටියේ ඌට වෙන කරන්න දෙයක් නැති නිසා. ගැලවීමක් නැති නිසා. නමුත් අපි......? අපි එහෙම ඉන්නේ අපිට ගැලවීමක් තියෙන බවවත් අපි නොදන්න නිසා. මහා අන්ධකාරයක් තුළ ගිලිල ඉන්න නිසා. 'WIN 2THOUSAND12' තුලින් DhammaMedicine හි අපේ වෑයම ඒ ඝනාන්ධකාරය තුළ පහන් සිළක් දැල්වීම යි.

ලංකාවෙ අපි අතරෙ ඇත්තෙන්ම මේ ගැන පුළුල් කතිකාවත් තවමත් ඇරඹිලා නැහැ. නමුත් බටහිර වගේම ඈත පෙරදිග තත්වය මීට වඩා හුඟාක් වෙනස්. ඔවුන් මේ ගැන කතා කරනවා. විසඳුම් හොයනවා. අනේක දේවල් කරනවා. නමුත් ඒ අයට පෙනතෙක් මානෙක විසඳුමක් නම් නෑ. මොකද ඒ අය විසඳුම හොයන්නේ බාහිරින්. භෞතික ලෝකයෙන්. මේ සිදුවන්නට යන ව්‍යවසනය සඳහා බාහිරින් ලබා ගත හැකි කිසිදු විසඳුමක් නෑ. එය නම් සක්සුදක් සේ පැහැදිලියි​. මේ සිදු වෙමින් පවතින​, සිද්ධ වීමට යන මහා ව්‍යවසනය ගැන ඇතමුන් තවමත් දරන්නේ 'Y2K' ප්‍රශ්නයේදී දැක්වූවා හා සමාන නිද්‍රාශීලී ආකල්පයක්. ඒ යකා කොතරම් කළු දැයි නොදැන අනවබෝධය නිසාම ඇතිකරගත්ත තත්ත්වයක්. විසඳුම් නැති බටහිර පඹගාලක පැටලෙද්දී විසඳුමක් ඇතත් ඒ බව නොදත් බොහොමයක් 'අපි'..... 'අපි වෙනුවෙන් අපි'.... එතකොට ඔවුන් වෙනුවෙන්? ඒත් අපිම තමයි.

බුදුන් වදාළේ සත්‍යයක්ම යි. දස දිසාවේ කුමන ලෝකයේ කොහේ සිටියත් ඉපදුනු සෑම සත්වයෙක්ම මේ උතුම් සත්‍යයන් හතරට යට යි. පාට​, ජාති, ආගම්, කුල​, භාෂා වලින් බෙදා වෙන්කළ නොහැකි මේ මහා සත්‍යය ඇමරිකාවෙ ඔබාමා ටත්, චීනයේ ජින්ටාඕ ටත්, රුසියාවේ දිමිත්‍රි ටත්, දකුණු අප්‍රිකාවේ සූමා ටත්, මේ කියවන ඔබටත් එකසේ පොදු වූවක්. ඒ සත්‍යයේ පණිවුඩය දරාගත් කිසිවෙකුත් කිසි දිනෙක පරාජය වුනේ නෑ. සන්දිට්ඨික වූත් අකාලික වූත් මේ දහම 100% ම ප්‍රායෝගික යි. හිතේ අමාරුවට මෙන්ම බඩේ අමාරුවටත් මේ දහම අත්දුටු, ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්. ඒකයි අපි යළි යලිත් කියන්නේ.... 2012 ට විසඳුම් තියෙන්නෙත් මේ තුළම පමණයි. මේක දිනන්න පුළුවන් අභියෝගයක්. හැබැයි තියෙන්නෙ එකම පාරයි. යන්න තියෙන්නෙ දෙපයිනුත් නෙවේ. ඔළුවෙන්.

ඉතින් මිතුරනේ අපි ඒ 'එකම පාර​' ගැන කතා කරමු. පාර නොදත් අයට මඟ පෙන්වමු. භාෂාව ප්‍රශ්නයක් නැහැ. ඔයාලටත් පුළුවනි නිර්මාණකරණයෙන් දායක වෙන්න​. අපිත් එක්ක එකතු වෙන්න​. Let’s guide the world to ‘WIN 2THOUSAND12’.

පාට කණ්ණාඩි ඉවතලා, මහ පොළොවේ පයගසා, නිරුවත් දෑසින් යතර්ථාවාදීව මෙදියත දකින්නට​......

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails