Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

රැස් කළ පින - වෙත්වා සැම - අනුමෝදං.......

Friday, March 26, 2010 , at 2:49 AM

අසිරිමත් ගෞතම බුදු සසුනේ පහස ලබන සුපින්වත් මිතුරනේ,

'පින' කියන්නේ 'සැපය'ට කියන තවත් නමක්. ඔබ අපි සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් අප හට වදාළේ ඒ අකාරයට නෙ. අපි කරන පින තමයි අපේ පිහිටට එන්නේ කොහේ ගියත්. මේ නිසා අපි අවබෝධයෙන්ම පින් කරන්න දැන් දැන් පෙළඹිලා ඉන්නවා. මේක බොහොම යහපත්, ධනාත්මක නැඹුරුවක්. සියළු සත හටම මෙලොවටත්, පරලොවටත් යහපතම සලසන්නක්.

අපි විවිධාකාරයෙන් පින් රැස් කරනව නෙ. වන්දනා මාන කරල​, පුද පූජා පවත්වල​, දාන මාන දීල​, සිල් රැකලා, බණ භාවනා කරල​, ධර්මයේ හැසිරිලා වගේ නොයෙක් ක්‍රම වලින් පින් රැස් කරන්න අපි ඉගෙනගෙන තියෙනවා. මේ ලෝකයේ දෙව් මිනිස් ඇතුළු සියළු සත්වයින්ට මේ පින එක සේ උපකාර වන බව අපි මුලිනුත් සඳහන් කලා නෙ. මේ නිසා බෞද්ධ අපි පුරුදු වෙලා ඉන්නවා අපි රැස් කරන ඒ උතුම් පින් අපගේ මළ ගිය ඥාතීන් ඇතුළු සියළු සත්ව ප්‍රජාවටම අනුමෝදන් කරන්න​. සක් දෙව් රජු, සතරවරම් දෙව්‍ රජ දරුවන් ඇතුළු සියළු ශාසනාරක්‍ෂක දෙවි වරුන්ට අපි ඒ පින් අනුමෝදන් කරනවා. මොකද ඒ අය තමයි මේ සිරිලක් ධරණී තලයේ තවදුරටත් මේ ගෞතම බුදු සසුන සුරක්‍ෂිතව පවත්වාගෙන යන්න නිරතුරුවම ඇප උපකාර කරන්නේ.  නමුත් ඒ පින් දෙන කටයුත්ත හරියාකාරව අවබෝධයෙන් කරන්න බොහෝදෙනා දන්න්නෙ නැහැ.

පින ගැන අවබෝධයක් තියෙන අය දන්නවා අපි කරන පින් කොයි තරම් බලසම්පන්න ද කියලා. අවබෝධයක් ලබා ගන්න කැමති අයට හුඟක් ප්‍රයෝජනවත් වේවි 'පින හා අවබෝධය' සහ 'විමාන වත්ථු' යන පොත් වහන්සේලා. ඉතින් මේ විදියට මහත්ඵල මහානිසංස පින් කරලා අපි සිදුකරන ධාර්මික ප්‍රාර්ථනා මල් පල නොගැනී තියෙන්නෙ නැහැ.

ඒ වගේම තමයි තෙරුවන් කමා කරගැනීම​. මෙයත් ඉතා වැදගත්. නමුත් බොහෝ දෙනා නොසලකා හරින දෙයක්. මෙය අප තුළ නිහතමානීත්වය වර්ධනය වීම පිණිසත්, අප එදිනෙදා ජීවිතය තුළ මනා සංවරයක් ඇතිකර ගැනීම පිණිසත් මහත් සේ ප්‍රයෝජනවත් වෙනවා.

අපි බොහෝ වෙලාවට පින්වත් ස්වාමින් වහන්සේලා විසින් පවත්වන දහම වැඩසටහන්, දේශනා, වන්දනා ආදියට සහභාගි වෙනවා. ඒ අය ළඟට යන්නට ලැබුනොත් දෙපා වන්දනා කරනවා. නමුත් එම අවස්ථාව බොහෝ අයට ලැබෙන්නේ නෑ. ඒ වැඩසටහන්, දේශනා, වන්දනා අවසායේදි අපට පුළුවනි ඒ උතුම් ස්වාමින් වහන්සේලා ගාථාවකින් වන්දනා කරන්න​. අපි කීයෙන් කීදෙනාද ඒ වන්දනා කරන ගාථාව  දන්නේ?

මේ කරුණු කාරණා ඔක්කොම සලකලා බලලා අපි හිතුවා හැමදාමත් වගේ අදත් ඔයාලට තවත් වටිනා යමක් දෙන්න​. දෙවියන්ට පින් දීම, මළගිය ඤාතීන්ට පින්දීම, පුණ්‍ය ප්‍රාර්ථනය, තෙරුවන් කමා කරවා ගැනීම, ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීම හා මහාසංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම කියන ගාථා කොටස් ඇතුළත් MP3 හඬ පටයක් අපි ඔබවෙත ලබා දෙනවා. එතකොට ඊළඟ වතාවෙ පිනක් දහමක් කරලා, බුද්ධ වන්දනාවක්, චෛත්‍ය වන්දනාවක්, සදහම් වැඩසටහනක් ඉවර වෙලා ඔයාලට පුළුවන් අපි ඉහත කතා කල දේවල් මඟ නොහැර​, නිසියාකාරයෙන්, අවබෝධයෙන් කරන්න​. එතකොට අපි කරන දේ අංග සම්පූර්ණයි. මේ ඔක්කොම කරන්න ගත වෙන්නේ මිනිත්තු පහකටත් වඩා අඩු බොහොම පුංචි කාලයක්. ගිහි පැවිදි දෙපාර්ශවයටම මේව එකසේ වැදගත් වේවි.

Bookmark and Share

Currently have 2 comments:

  1. Anonymous says:

    Sadu! Sadu!! Sadu!!!

    Siyaludenatama bohoma pin sidu vewa!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails