Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

වන්දේ සිරි දළඳා මාගම් පුරයේ...

Monday, March 8, 2010 , at 2:52 PM


ඔයාලා අහලා ඇතිනේ පැරණි මාගම්පුර නගරය ගැන. මාගම්පුරය කියන්නේ ලංකාවේ දකුණු ප්‍ර‍දේශයේ පිහිටා තිබුණු, රෝහණ උප රාජධානියේ අගනුවරයි. රෝහණයෙන් පහළ වූ ලක්දෙරණ එක්සේසත් කළ​ විශිෂ්ට පාලකයෙක් වූ දුටුගැමුණු රජතුමාගේ තරුණ කාලය ගෙවුනෙත් මෙන්න මේ මාගම්පුරයේ. තිස්සමහාරාමය කියන්නේ පැරණි මාගම්පුර රාජධානියේ ප්‍රධානම සිද්ධස්ථානයයි.

අප​ සම්බුදු පියාණන් වහන්සේ තෙවැනිවර වෙසක් පුන් පොහෝ දින ලක්දිව වැඩි අවස්ථාවේ මේ ඓතිහාසික තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටි බිමෙහි සමවත් සුවයෙන් කල් ගත කරල තියෙන බව තමයි පුරාවෘත වල සඳහන් වෙන්නේ.. උන්වහන්සේගේ පිරිනිවීමෙන් අනතුරුව වම් දළදා වහන්සේ සහ ළලාට ධාතුන් වහන්සේ නිධන් කොට තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ බවට සෙල්ලිපි සහ වංශ කතා සාක්ෂි දරනවා. බුද්ධ වර්ෂයෙන් සිව්වන සියවසෙහි කාවන්තිස්ස (කාක වණ්න තිස්ස​) රජතුමා රුහුණෙහි රජකම් කරද්දී තමයි තිස්සමහාරාමය කරවූයේ. ටික කළකට පසු මෙහි නිධන් කළ ළලාට ධාතුන් වහන්සේ, කාවන්තිස්ස රජතුමා විසින්ම මහවැලි මිටියාවතේ සේරුනුවර සිව්මහා බුදුවරුන්ගේ පහස ලද භූමියේ ඉදිකරන ලද සේරුවිල මංගල මහා සෑ රදුන් වෙත වඩම්මවා පුදපූජා සඳහා එහි තැන්පත් කොට තිබෙනවා. වත්මන් තිස්සමහාරාම සෑ රදුන් තුල වැඩ සිටින්නේ ශ්‍රී වම් දළදා වහන්සේ පමණයි. 362 ක් ආරාමයන්ගෙන් සමන්විත වූ මෙම ‘තිස්ස-මහා-ආරාමය​’ පුණ්‍ය භූමියෙහි අතීත රජ දවස 12000 ක් මහ රහතන් වහන්සේලා වැඩ වාසය කරල තියෙනවා. මේ නිසා ඓතිහාසික තිස්සමහාරාම මහා විහාරස්ථානය දිවයිනේ පිහිටි විහාරස්ථානයන් අතර අග්‍රගන්‍ය විහාරස්ථානයක් වන අතර රුහුණේ ග්‍රාමවාසි මූලස්ථානය ද වෙනවා.

දියබුබුලක හැඩයගත් (බුබ්බුලාකාර) මේ චෛත්‍යයරාජයා ලෝකයා මවිතයට පත්කරන රුවන්වැලි මහාසෑය හා හැඩයෙන් සමානයි. පසු කාලවල ඉලනාග, වෝහාරතිස්ස ආදී රජවරුන් විසින් චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් වල්බිහි වී අප්‍රසිද්ධව සැඟව ගිය​ තිස්සමහාරාමය ක්‍රි. ව. 1853 දී වේපතඉර සුමන සාමණේරයන්වහන්සේ ගේ මූලිකත්වයෙන් නැවතත් පිළිසකර කිරීම ඇරඹුනා. අඩි 86 ක් උසට ඉදිකර ඇති ප්‍රතිසංස්කරණයට ලක් වූ ඒ උතුම් සෑ රදුන් සැදැහැති බෞද්ධයන් ගේ සුවිශේෂ සිද්ධස්ථානයක්.

ශ්‍රී වාම දන්ත ධාතුන්වහන්සේ වැඩ සිටින තිස්සමහාරාම චෛත්‍යරාජයාණන්වහන්සේට අපගේ හදපිරි, බැතිබර නමස්කාරය වේවා!!!


Bookmark and Share

Currently have 5 comments:

  1. Ethakota Mahanuwara Dalada maligawe saha Somawathi Dageba thulath Dalada wahansela weda sitina bawa dakwala thiyenawane. Naga lokayeth eka daladawak weda sitina bawa kiyanawa neda ??? Meka gena hari pehedili kirimak karanawada ????

  1. Unknown says:

    ඔව්.... ඔබ සඳහන් කළ පරිදි මේ සෑම ස්ථානයකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දත් 40ක් තිබුනා. උඩු සහ යටි ඇඳි වල 20 බැගින්. අපේ වගේ 32ක් නෙවේ.
    සෝමාවතියේ වැඩ ඉන්නේ දකුණු දළදා වහන්සේ යි. ඔබට මේ ගැන ඉතාමත් පැහැදිලිව​, නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවනි ගයාන් චානුක විදානපතිරණ විසින් ලියන ලද 'ධාතු විස්තරය' පොත කියවීමෙන්.
    http://dhammamedicine.blogspot.com/2010/02/blog-post_10.html
    තෙරුචන් සරණයි!!!

  1. Anonymous says:

    maithree budurajanan wahanse ipadena witadee gauthama budurajanan wahansege siyaluma dathun wahansela Ekathanakata ekathu wee darama desanawak pawathwana karuna niweradida??budu saranai

  1. Unknown says:

    මෙතන යම් විදියකින් කරුණු විකෘති වීමක් සිද්ධවෙලා තියෙනවා. මේ කාරණාව සිද්ධ වෙන්නේ මේ විදියට​.
    බුදුවරයකු හට පරිනිර්වාණයන් තුනක් තියෙනවා.
    1.ක්ලේෂ පරිනිර්වාණය (මෙය සිදුවුනේ ගයාවේ බෝ මැඩ මුල බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ)
    2. ස්කන්ධ පරිනිර්වාණය (මෙය සිදුවුනේ කුසිනාරාවේ උපවර්තන සල් උයනේ දී)
    3. ධාතු පරිනිර්වාණය (මෙය සිදුවන්නේත් ගයාවේ බෝ මැඩ අසලදී ම යි)

    ඔබ කතා කරන්නේ මේ ධාතු පරිනිර්වාණය ගැන​. ස්කන්ධ පරිනිර්වාණයෙන් වසර 5000 කට පසුයි මේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒ තමයි ගෞතම බුද්ධ ශාසනයේ නිමාව​. ඊට පස්සේ එළඹෙන්නේ අබුද්ධෝත්පාද කාලයක්. එහෙම නැතුව මේක සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් මේ ලෝකෙට පහල වන අවස්ථාවේ නෙවෙයි.
    ඒක සිද්ධ වෙන්නේ මේ ආකාරයට​.
    මුලින්ම තුන්ලෝකයේම තියෙන සියළුම ධාතුන් වහන්සේලා එකම තැනකට වැඩමකරනවා. ඉර්ධියෙන්. ඒ තැන තමයි ස්වර්ණමාලී මහා සෑ බිම​. මෙතැනදී සවණක් ඝන බුදුරැස් විහිදුවා මේ සියළුම ධාතුන් වහන්සේලා ගයාවේ බෝ මැඩ අසලට වඩිනවා. එහිදී මහා පෙළහර පා මේ ධාතුන් වහන්සේලා සියල්ල අතුරුදහන් වී යනවා. (ධර්ම දේශනාවක් පවත්වන බවක් සඳහන් වන්නේ නැහැ) ඒ තමයි ධාතු පරිනිර්වාණය​.
    මේ බුදු සසුන සැබැවින්ම අත්භූතයි!!! ආශ්චර්‍යයයි!!!

  1. Anonymous says:

    ee kiyanne thawa awurudu 2400 yi. Ithaamathma punchi kaalayak.. eeta passe gauthaba budurajaanan wahansege sadhdharmaya mee thun lokayen athurudhan wenawa...eeta kalin kohomahari adutharamin sowaan margaphalayawath labaaganna uthsaaha kalayuthui...

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails