Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මල නටුවෙන් ගිලිහී යාමට මත්තෙන්.....

Saturday, October 10, 2009 , at 9:48 PM


අහිමි ව ගොස් නටුව ගිලිහී ඇත නුඹේ දිවිය
පරව යාමට ද මත්තෙන්
පසක් කරමින් බුදු වදන

ගෙවා ආ අනන්ත සසර මග
ගිලිහෙන්නට ඇත අප
මිලින ව ගොස්..
මිලින ව යාමට මත්තෙන්..
විකසිත වූ සැණින්..
ඇතැම් විට විකසිත වන්නට ත් මත්තෙන්..
කවුරු නම් දකියි ද - කවුරැ නම් කිය යි ද
ඒ සැගවුනු සැබෑ තතු
බුදු වරයෙකු ම හැරෙන්නට...

පිනෙන් විකසිත වූ..
පිනෙන් පැවතියා වූ..
ජීවිත පුෂ්පය...
පින අවසන් ව දැන් ගිලිහී වැටු‍නොත්....?

-අප්පමාදේන සම්පාදේථ-

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails