Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුද්ධ භූමි වන්දනා.......

Friday, October 16, 2009 , at 3:16 AM


...... දඹදිව වන්දනාවේ යෑම ඉතා ශ්රද්ධාවෙන් කළ යුතු දෙයකි. එමෙන්ම අවබෝධයෙන් යුක්තව කළ යුතු දෙයකි. එය සාර්ථක කර ගත හැක්කේ එවිට යි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු සහිතව ඇති කරගත් අවබෝධය තුළින් පිහිටි ශ්රද්ධාවක් අපට අවශ් යි. එවිට යි දඹදිව සිද්ධස්ථානයන් ගැනත් යම් කිසි තේරුම් ගැනීමකින් යුතුව වන්දනා කළ හැක්කේ.


අපේ
ඇතැම් මව්-පියවරුන් ගේ පින්බර සිහිනය වන්නේ දඹදිව වන්දනා කිරීම යි. එහෙත් එහි එක අඩු පාඩුවක් මට පෙනේ. බොහෝ මව්වරුන් පියවරුන් දඹදිවට පිය නගන්නේ අත පය වාරු නැති වූ කල්හි . කල්පනාව දුර්වල වූ කල්හි . මෙය දඹදිව වන්දනා ගමනට ලාභයක් නොවේ. පාඩුවකි. එනිසා දඹදිව වන්දනාවේ යා යුත්තේ හොඳට ඇවිදගෙන යා හැකි, හොඳින් ඇස් පෙනෙන, ශරීර සුවතාව ඇති, සිහි නුවණ තිබෙන කාලයේ දී බව සැලකුව මැනව. එය සාර්ථක වන්දනා ගමනකට බොහෝ සේ උපකාරී වේ.


එමෙන්ම
තමන් වඳින්නේ කවර සිද්ධස්ථාන කියා දැනීමක් තිබිය යුතුය. සිද්ධස්ථාන වලදී වන්දනාව කළ යුතු වන්නේ කෙසේ දැ යි කියා දැනීමක් තිබිය යුතුම . එවිට තමන් අතරමං වූ කෙනෙකු ලෙස නොව හොඳි මඟ තොට දන්නා කෙනෙකු මෙන් ඉතා හොඳ අවබෝධයකින් යුතුව වන්දනා ගමන සම්පූර්ණ කරගත හැකිය. වන්දනා ගමනේ සාර්ථකත්වය යනු එය යි.


දඹදිව
වන්දනා ගමන ගැන බොහෝ පොත් ලියා ඇත. සියළු පොත් වල වන්දනා ගමනට අදාල වැදගත් උපදෙස් සටහන් වී ඇත. එසේ තිබියදී ත් මා විසින් මෙම වන්දනා පොත ලියන ලද්දේ ගෞතම බුදුරජණාන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ලත් ශ්රද්ධාවක් ඇතිව, තනිව වුවත් වන්දනා කළ හැකි මාර්ගෝපදේශකත්වයක් ලබා දීම පිණිස . එය මෙම වන්දනා පොත පරිහරණය කිරීමෙන් ඔබට ප්රත්යක්ෂ කරගත හැකිවනු ඇත.


මෙම
වන්දනා පොත ලිවීමෙහි එකම පැතුම ඔබට ඉතාමත් ශාන්ත වූත්, සැනසිලිදායක වූත්, ප්රීතිමත් වූත්, ශ්රද්ධාවන්ත වූත්, ඥාණවන්ත වූත් වන්දනා ගමනක් පිළියෙල කර දීම යි. එවිට එය ඔබට බොහෝ කල් හිත සුව පිණිස පවතිනු ඇත.....



Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails