Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'වස්සානේ බුදු ගුණ සුවඳ​' :: 06

Friday, August 27, 2010 , at 10:15 PM

පිපෙනා මලකට - ගලනා දොලකට - දැනෙනා බුදු ගුණ​
කළුගල් කුලකට - බොල් මැටි පිඬකට - දැනෙනා බුදු ගුණ​
ඉර හඳ දෙපලට - මේ මහ පොළොවට - දැනෙනා බුදු ගුණ​
151. පූජනීය අභි පූජිතයාණෙනි වන්දේ
152. ආශ්චර්ය වූ මුණිවරයාණෙනි වන්දේ
153. සදහම් මග ගත් බුදු රජිඳාණෙනි වන්දේ
154. බිය සැක නැති සිහ කේසරයාණෙනි වන්දේ
155. රළු ගති නැති මුදු කෝමළයාණෙනි වන්දේ
156. භව දුක දුරු කළ භාග්‍යවතාණෙනි වන්දේ
157. ලොව අතහැර සිටි පුණ්‍යවතාණෙනි වන්දේ
158. තිලොවින් අග වූ බුදු සමිඳාණෙනි වන්දේ
159. තිලොවට සැනසිලි දායකයාණෙනි වන්දේ
160. ලොවේ සොඳුරු පින්බර මිතුරාණෙනි වන්දේ
161. සසරේ දුක දුටු මුනිරජිඳාණෙනි වන්දේ
162. සසරක දුක් කෙළවර කළ මුනිඳුණි වන්දේ
163. නිවනට මග පෑදු මුනිඳාණෙනි වන්දේ
164. දිළිඳුන්ගේ දුක දුටු මුනිඳාණෙනි වන්දේ
165. ගුණ ධන අසිරිය දුන් මුනිඳාණෙනි වන්දේ
166. සදාතනික සුවදායකයාණෙනි වන්දේ
167. අහසේ පෙළහර පෑ මුනිඳාණෙනි වන්දේ
168. පොළොවේ පෙළහර පෑ මුනිඳාණෙනි වන්දේ
169. ජලයේ පෙළහර පෑ මුනිඳාණෙනි වන්දේ
170. තිලොවේ පෙළහර පෑ මුනිඳාණෙනි වන්දේ
171. ලෝ දහසක් දුටු නෙත් යුගයාණෙනි වන්දේ
172. තුන්කල් දුටු දිව ඉසිවරයාණෙනි වන්දේ
173. කුලමල සෝදා හළ මුනිඳාණෙනි වන්දේ
174. ජාති භේද දුරු කළ මුනිඳාණෙනි වන්දේ
175. සත්‍යවාදී වූ බුද්ධිමතාණෙනි වන්දේ
176. ධනයට නොනැමෙන වීරනරාණෙනි වන්දේ
177. බලයට නොනැමෙන දස බලයාණෙනි වන්දේ
178. ධර්ම විශාරද පුණ්‍යවතාණෙනි වන්දේ
179. ශාන්ති නායක කරුණා මුනිඳුණි වන්දේ
180. මහියංගනයට වැඩි මුනිඳාණෙනි වන්දේ
181. නාගදීපයට වැඩි මුනිඳාණෙනි වන්දේ
182. සමනොළ ගිර සිරිපා තැබුවාණෙනි වන්දේ
183. තෙවරක් සිරිලක වැඩි මුනිඳාණෙනි වන්දේ
184. සිරිලක සුරකින බුදුසමිඳාණෙනි වන්දේ
185. සැමදා අප සුරකින මුනිඳාණෙනි වන්දේ
සාදූ..! සාදූ.!! සාදූ!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails