Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'වස්සානේ බුදු ගුණ සුවඳ​' :: 01

Wednesday, July 28, 2010 , at 2:40 PM

පිපෙනා මලකට - ගලනා දොලකට - දැනෙනා බුදු ගුණ​
කළුගල් කුලකට - බොල් මැටි පිඬකට - දැනෙනා බුදු ගුණ​
ඉර හඳ දෙපලට - මේ මහ පොළොවට - දැනෙනා බුදු ගුණ​.....
1. ශාක්‍ය කුලේ සම්බුදු සමිඳාණෙනි වන්දේ
2. ලුම්බිණි සල් උයනේ කුමරාණෙනි වන්දේ
3. සත් පියුමින් වැඩි පුණ්‍යවතාණෙනි වන්දේ
4. මායා දේවී පුත් කුමරාණෙනි වන්දේ
5. රන්වන් වූ පින් පිරි සිරුරාණෙනි වන්දේ
6. සන්සුන් වූ සිත්මල් ඇතියාණෙනි වන්දේ
7. දෙව් මිනිසුන්ගේ සිළුමිණයාණෙනි වන්දේ
8. පාරමිතා පිරු වීරනරාණෙනි වන්දේ
9. දිව්‍ය සුපූජිත මුණිවරයාණෙනි වන්දේ
10. රැස් විහිදෙන සුන්දර සිරුරාණෙනි වන්දේ
11. ලොව සිඹිනා සිරිපායුගයාණෙනි වන්දේ
12. නිවන සොයා වැඩි වීර්‍යවතාණෙනි වන්දේc
13. ලෝක විනායක බුද්ධ රජාණෙනි වන්දේ
14. රහසින්වත් පව් නැති උතුමාණෙනි වන්දේ
15 සම්මා සම්බුදු භාග්‍යවතාණෙනි වන්දේ
16. තුන්ලොව අග වූ සීලවතාණෙනි වන්දේ
17. බබළන නැණඇති බුද්ධිමතාණෙනි වන්දේ
18. අමා සුවය රැඳි පුණ්‍යවතාණෙනි වන්දේ
19. හිමවත් පියසේ ඍෂිවරයාණෙනි වන්දේ
20. ගිජුකුළු පව්වේ සිංහ රජාණෙනි වන්දේ
21. සුන්දර පිවිතුරු හදමඬලාණෙනි වන්දේ
22. මනුලොව වැඩි උත්තම මුණිඳාණෙනි වන්දේ
23. තිලොවට සෙත වූ ඉසිවරයාණෙනි වන්දේ
24. දෙව්රම් වෙහෙරේ මුණිවරයාණෙනි වන්දේ
25. සදහම් විදුධර බුදුසමිඳාණෙනි වන්දේ
26. නිවනේ අමගුණ සුවරැඳියාණෙනි වන්දේ
27. දෙරණේ භගවත් බුදු සමිඳාණෙනි වන්දේ
28. අමතදුන්දූහී වාදකයාණෙනි වන්දේ
29. වෙසඟේ ලොව ඉපදුන මුනිඳාණෙනි වන්දේ
30. වෙසඟේ ලොව ජයගත් මුනිඳාණෙනි වන්දේ
31. වෙසඟේ නිවනට වැඩි මුනිඳාණෙනි වන්දේ

සාදූ..! සාදූ.!! සාදූ!!!

Bookmark and Share

Currently have 1 comments:

  1. Attatama mewani website ekak tiyana eka gana lankawa adambara wenna ona meya hondin karagena yana ayata pin BUDU SARANAY

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails