Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

අපේ කාලයේ මූසිල දෙබෑයන්ගේ කතා වස්තුව ගුත්තිල පඬිතුම මුවින්......

Monday, June 28, 2010 , at 11:40 AM




සිළුමිණ යනු ඉතාමත් සාරගර්භ ලිපි සමුච්චයකින් සුසැදි බොහෝ කලක් ජනප්‍රසාදය දිනාගත් ජාතික පුවත්පතකි. එවන් උදාර මෙහෙවරක යෙදී සිටි සිළුමිණ වෙසක් කලාපයේ වෙසක් අතිරේකය කියැවූ මාහට මහත් පුදුමයක් ඇතිවිය. එනම් එහි ලිපි බොහෝ සෙයින් බුදු දහමින් බැහැරට ගොස් මඩ ප්‍රහාරයක ස්වරූපයක් ගෙන තිබීමයි. මෙහි ලිපි සැපයූ ඇතැම් ලේඛක භික්ෂූන්ගේ එකම අභිප්‍රාය වී තිබෙන්නේ මාගේ දහම් සේවාවට ගැරහීම පමණි. අප බුදුරජුන්ගේ තෙමඟුල සමරණ උතුම් වෙසඟෙහි දී ධර්මය අමතක වී එම අවස්ථාව මඩ ප්‍රහාරයකට යොදාගැනීම පැවිද්දන්ගේ පිරිහීම මැනැවින් කියාපාන්නක් නොවේද?

මාගේ දහම් සේවාවට ගැරහුම් ලැබෙන්නට පටන්ගෙන දැන් පස් වසරක් පමණ ගතවී ඇත. මේ පස් වසර පුරාවට එකම කරුණක් මතුකරමින් ගරහති. මෙනිසා මේ ගැරහීම්වලට පසුබිම් වූ කරුණුත්, මෙම ගැරහීම්වල ඇති නිසරු බවත්, පහදාදීම මගේ යුතුකමකි. මක්නිසාද යත්, නොවිමසා, අධ්‍යයනය නොකොට අනුන්ට නින්දා අපහාස ගැරහුම් කිරීම තුළින් බොහෝ දෙනෙක් පව් රැස්කරගන්නා බැවිනි.

මේ ගැරහීම්වල ඉතිහාසය මෙයයි. මා යටතේ පැවිදි වූ දෙනමක් සිටියහ. මා මේ දෙනමගෙන් එක් නමකට මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවත්, අනිත් නමට පිට්ටුගල අමාවතුර අසපුවත් භාර දෙන ලදී. ඒ ගෞතම බුදුරජුන්ගේ නිර්මල දහම පතුරා පින් රැස්කරගැනීම පිණිස ය. අසපු පරිපාලනය මා විසින් නොකළ බැවින් ඔවුන්ට නිදහසේ දායක පිරිස් සමඟ සම්බන්ධ වන්නටත්, එහි ආදායම් ලබන්නටත් නිදහස දී තිබුණි. මේ අවස්ථාවෙන් පින් රැස් නොකොට ඔවුහු ධර්මය වටා පැමිණි පිරිසටත්, ලාභ සත්කාරයටත් මත්වූහ.

මෙසේ පවිටු ආශාවෙන් මඬනා ලද සිතින් යුතු මේ දෙනම මාව මහමෙව්නා අසපුවෙන් පහකරන්නට කුමන්ත්‍රණයක් දියත් කළහ. මෙකී කුමන්ත්‍රණය නිසා එක්තරා මන්තරකාරියක වන යක්දෙස්සියකගෙන් සහය ගන්නා ලදී. මේ යක්දෙස්සිය සෝවාන් ඵලයට පත් කෙනෙක් වශයෙන් හුවා දක්වමින් මේ දෙනම මුලින් ම කරන ලද්දේ මගේ චරිතය ඝාතනය කිරීමයි.

එහෙත් එය මුළුමනින්ම අසාර්ථක විය. මෙයට මා මේ දෙනමට විනයානුකූලව පිළියම් කිරීමට සූදානම් වූ විට මේ දෙනම තවත් ඊර්ෂ්‍යාකාර පැවිද්දන්ගේ ද සහයෙන් විශාල අර්බුදයක් උපදවන ලදී. මෙයට කළකිරුණු මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ දායක පිරිසත්, මාළඹේ අමාවතුර අසපුවේ දායක පිරිසත් මේ දෙනමට විරුද්ධ වූහ. කෙළෙහි ගුණ නොදත්, ආචාර්ය ද්‍රෝහී පැවිද්දන්ට අපි අකමැති වෙමු’යි තරයේ කියා සිටියහ. මේ ගැන මේ දෙනම සිතුවේ එය මා විසින් කරන ලද බවයි.

ඉන්පසු මා කෙරෙහි තවත් වෛර බැඳගත් මේ දෙනම සංඝාධිකරණයක් අවශ්‍ය යැයි කියමින් එකල මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් කළහ. මෙය සංඝයාගේ ගැටලුවකි’යි කියමින් ඇතැම් මහානායක හිමිවරුන් රවටාගෙන මට විරුද්ධව නොයෙක් පෙළඹවීම් කරන්නට මේ දෙනම සමත් වූහ. එය ද අසාර්ථක විය. ඉන්පසු එක නමක් කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුව ඉල්ලා මට විරුද්ධව නඩු පවරන ලදී.

ඒ නඩුවෙන් ඒ නම පරාජයට පත්විය. අනිත් නම ද මාලඹේ අමාවතුර අසපුවේ අයිතිය ඉල්ලා නඩු පැවරූ අතර, එහි තිබූ ඉල්ලීම් අතර මහමෙව්නාව යන නම ඒ නමගේ මුල් නමට භාවිතයට ඉල්ලා තිබුණි. එමෙන්ම මාගේ ආචාර්යත්වය ද ඉල්ලා සිටියේය. ඒ සියලු නඩු වාර්තා මා ළඟ තිබේ. මෙතරම් ම නරක යැයි කියන භික්ෂුවක් තම ආචාර්යවරයා වශයෙන් පත් කරන්න යැයි ඉල්ලා නඩු පැවරීම සිහි නුවණ ඇති කෙනෙකුට කළ හැකිද? ඔවුන්ගේ සියලු කටයුතුවල ඉලක්කය වූයේ මට සියල්ල එපා කරවීමයි. මා වටා ඇති ජනප්‍රසාදය ඔවුන්ට අත්කර ගත නොහැකි වීම ගැන ඔවුන් තවමත් පසුවන්නේ කණස්සල්ලෙනි.

අන්තිමේදී ඔවුන්ට මහමෙව්නාවෙන් ඉවත් වෙන්නට සිදුවිය. දැන් වෛරයෙහි කෙළවරක් නැත. ඊළඟට කරන ලද්දේ රාවය පුවත්පත නොමඟ යවා මා හට මඩ ප්‍රචාරයක් දියත් කිරීමයි. කොටින්ම ධර්මය අසන්නට මහමෙව්නාව වටා රොක් වූ ඇතැම් තරුණ දරුවන් නොමඟ යවා තම ගුරුවරයාට විරුද්ධව මඩ පෝස්ටර් ගස්සවන්නට තරම් මේ දෙනම නිර්ලජ්ජි වූහ. එය ද අසාර්ථක විය.

ඉන්පසු ඔවුන් කරන ලද්දේ තමන් හට ගෞතම සසුනේ පැවිදි බව ලබාදුන්, ධර්මය ඉගැන්වූ, ආයතන භාර දුන්, සමාජයට හඳුන්වා දුන්, මාධ්‍යයට හඳුන්වා දුන් තම ගුරුවරයා වන මාව විනාශ කිරීමේ පවිටු චේතනාවෙන් ලක්ෂ ගණන් වියදම් කොට විවිධ චෝදනා සහිත කැලෑ පත්තර මුද්‍රණය කොට සියලු විහාරස්ථානවලට යැවීමයි. එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවලට ද සියලු මාධ්‍ය ආයතනවලට ද, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද යවන ලදී.

ඔවුන්ගේ කාලය ශ්‍රමය ධනය ආදී සියල්ල වැයකොට පෞද්ගලිකවත්, මහානායක, අනුනායක, මහා ස්ථවිර, නවක ආදී භික්ෂූන් වහන්සේලා මෙන්ම මාධ්‍ය ප්‍රධානීන් ද හමුවී ඔවුන්ගේ ගුරුවරයා වන මා හට අනේකප්‍රකාර නින්දා අපහාස කොට මේ කිසිවක් නොදත් මේ අහිංසක පිරිස නොමඟ යවන්නට ඔවුහු මහන්සි ගත්හ. මේ උත්සාහය නම් හරි ගියේය. ඔවුන්ගේ අදහස ඉටු විය. එනම් ඔවුන්ගේ එකම අදහස වූයේ භික්ෂූන් ලවා තම ගුරුවරයාට නින්දා අපහාස ගැරහුම් ලබාදී සතුටක් ලැබීමයි.

එහෙත් ඔවුන්ගේ වෛරය සංසිඳුනේ නැත. එක නමක් ඉතාම වෛර සහගත සිතින් යුතුව ‘බුදු සසුන අනතුරේ’ නමින් මා හට නින්දා කොට පොතක් ලියන ලදී. එමෙන් ම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ලෙස භික්ෂූන්ගෙන් වරින් වර ඉල්ලා සිටින ලදී. මෙය පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, ශාසනික ප්‍රශ්නයක් බවත් ඉස්මතු කොට කියන ලදී. මොවුන්ගේ් ගැටයට හසුවූ භික්ෂූන් වහන්සේලා තවමත් මා හට නින්දා අපහාස කිරීමට පාදක කරගන්නේ මේ පිළිකුල් සහගත පොතෙහි ඇති කරුණුයි.

මේ පොතේ ඇති චෝදනා අතුරින් එකකි, අසපුව යන්න විග්‍රහ කොට ඇති චෝදනාව. එනම් බෞද්ධ විහාරස්ථාන නැති කිරීමේ අරමුණින් මා අසපුව යන නම තැබුවේලු. මෙය මහා පිළිකුල් සහගත චෝදනාවකි. ආශ්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යව තිබූ නමුත් එවිට මහමෙව්නාව ආශ්‍රමය යන්න දැම්මොත් එය නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහාමේඝවන ආශ්‍රමය කියා ය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙළබසට මා දැක්වූ ඇල්ම නිසාවෙන් මහමෙව්නාව අසපුව යන නම තැබුවෙමි. එමෙන්ම නිර්මල ධර්මය වසර දහසකට වඩා රැකදුන් අනුරපුර මහමෙව්නාවට ගෞරවයක් වශයෙනි මා එම නම තැබුවේ. සාරිපුත්ත, මොග්ගල්ලාන යන වචන හෙලබසට නැඟූ විට සැරියුත්, මුගලන් නම් ය.

බුද්ධ යන්න හෙළ බසට බුදුන් ය. එමෙන්ම ආශ්‍රමය යන්න හෙළ බසට අසපුව ය. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංගයන්ගේ සිංහල මහා ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ අසපුව යනු සිල්වතුන් වසන තැන නමිනි. මෙහි අරුමය නම් මෙයයි. අසපුව යන වචනයට විරුද්ධ වන කිසිවෙකුත් ආශ්‍රම යන වචනයට විරුද්ධ නොවීමයි. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අර අසත්පුරුෂ පොඩිනමගේ පොත කියවා කරුණු නොවිමසා මෙයට ගරහන බවයි. ඒ පොතේ ඇති පිළිකුල් සහගත චෝදනා බොහෝ ගිහි පැවිදි අය ගිල තිබෙන්නේ මත්ස්‍යයින් ඇම ගිලින පරිද්දෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්, මඩුවන්තුඩාවේ පඩිතුමා හා එක්ව පරිවර්තිත සිංහල මහාවංශයෙහි සංඝමිත්තා මහරහත් ස්ථවිරීන් ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩසිටි භික්ඛුනූපස්සය යන පාළි වදන හෙළ බසට හරවා තිබෙන්නේ මෙහෙණ අසපුව කියා ය. එතකොට ඒ උතුමන්ගේ පරිවර්තනය වැරදිද? නින්දා ගැරහුම් කිරීමේ අවශ්‍යතාව ඇති පුද්ගලයා ඉඩ ලද සෑම විටම බලන්නේ ඒ තම අවශ්‍යතාවය ඉටු කරගැනීමයි.

අර අසත්පුරුෂ පොඩිනමගේ පොතෙහි මාගේ ත්‍රිපිටක පරිවර්තනවලට බලවත් ලෙස නින්දා කොට තිබේ. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඒ නින්දා හිස් මුදුනින් පිළිගෙන දායකයන් විසින් පූජා කරන ලද මා පරිවර්තනය කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා පිළිකන්නේ තබා ගිනිතැබූ බව මම දනිමි. කෙනෙක් කළ යුත්තේ නින්දා පිළිගැනීම නොව මෙය සත්‍යයක්දැයි විමසීමයි.

කාටවත් නොතේරෙන සංස්කෘත ගාථා ශෛලියෙන් යුතු බුද්ධ ජයන්ති පරිවර්තනවල අඩුපාඩු එමට ය. මේ නිසා සූත්‍ර දේශනා සංක්ෂේපයට පත් කරමින් එක්තරා ආයතනයකින් සරල සිංහල ත්‍රිපිටකයක් ද මුද්‍රණය කරන ලදී. මෙහි දොස් දකින්නට කවුරුත් නැත. නමුත් මා විසින් ලියන ලද ත්‍රිපිටක පරිවර්තනවල දොස් පෙනෙන්නේ මට නින්දා අපහාස කළ පොත ඔස්සේ ය. නමුත් මා භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මාගේ පරිවර්තන පොත් කියවා බලත්වා කියා ය. එවිට ඒ චෝදනාවන්හී ඇති පවිටු බව මැනැවින් දිස්වනු ඇත.

මා බුද්ධ ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කරන බවත්, බුදු පිළිමවලට ගරහන බවත්, ඔවුන්ගේ තව චෝදනාවකි. අඳෙීමැයි! ඒ පොත ලියූ කෙලෙහිගුණ නොදත් අසත්පුරුෂ පොඩි නම අනන්තවත් මහමෙව්නා භාවනා අසපුවේ දී එහි වැඩසිටින බුදුපිළිම වහන්සේ වන්දනා කොට තිබේ. අහස පොළොව නුහුලන මෙවැනි නින්දා අපහාස මිනිස් සිතක පහළ වන්නේ කෙසේදැයි සිතන විට මා පුදුමයට පත්කරවයි. එතරම් ම මේ නමගේ සිත පිරිහී ඇත.

මා අභිධර්මයට අපහාස කරන බවත්, ගරහන බවත් ඒ පොත කියයි. මා කිසිවකු සමඟවත් අභිධර්මයට ගරහා නැත. නමුත් මා සිත තුළ අභිධර්මය පිළිබඳව සැක උපන්නේ පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ අභිධර්ම පරීක්ෂණ පොත කියැවීමෙනි. බොහෝ තෙරුන් වහන්සේලා අභිධර්මය ගැන පිළිගන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ වූ දෙයක් වශයෙනි. එහි වරදක් තිබේ නම් කළ යුත්තේ අභිධර්මයට විරුද්ධව ලියන ලද ඒ පොත් පත් නිවැරදි කිරීමයි. නමුත් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් වී නැත.

අභිධර්මය පිටකය භාවිතා නොකරන නමුත් මහමෙව්නාවේ විනය පිටකයත්, සූත්‍ර පිටකයත් ප්‍රායෝගිකව භාවිතයට ගැනේ. මා අභිධර්මය නොපිළිගන්නා බව පවසමින් මට ගරහන ඒ භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිගන්නේ නම් මට ගරහන මොහොතේ පහළ වූ සිත් පරම්පරාව ගැන අභිධර්මයට අනුව විමසා ගනිත්වා! ත්‍රිපිටකය තබා විනය ශික්ෂාපද තඹදොයිතුවකටවත් ගණන් නොගන්නා මොන තරම් භික්ෂු පිරිසක් මේ රටේ සිටිත්ද? ඒ භික්ෂූන් ත්‍රිපිටකයෙන් එක පිටකයක්වත් විශ්වාස නොකරති.

එවන් භික්ෂූන් පවා මා අභිධර්මය පිළිගන්නේ නැතැයි චෝදනා කරන්නේ අර පවිටු පොත කියැවීමෙනි. අභිධර්මය කෙසේ වෙතත් මුළු සූත්‍ර පිටකයම කියවා ඇති භික්ෂූන් කොතරම් අල්ප ද? අනුන්ගේ ඇස්වල රොඩු සොයමින් ගෝරනාඩු කරන්නට පෙර තමාගේ ඇස්වල ඇති පොල්පරාල ඉවත් කරගත යුතුය.

මහමෙව්නාවෙන් නෙරපා දමන ලද මේ අසත්පුරුෂ දෙනමගේ පවිටු අදහස ඉටුවිය. එනම් සංඝභේදය කිරීමයි.

කෙලෙහිගුණ නොදත්, හිරිඔතප් රහිත, අසත්පුරුෂ දුෂ්ට දෙනමකගෙන් කැලෑ පත්තර හා මඩපොත් කියවන භික්ෂූන් වහන්සේලා එය අනුගමනය නොකරන සේක්වා. අතීතයේ වැඩසිටිය සඟරුවන මෙන් උතුම් සංඝයා වහන්සේ සිහිනුවණින් විමසත්වා. ඒ පවිටුන්ගේ අදහස ඉටු නොකරත්වා. මහමෙව්නාවට වැඩම කොට මා සමඟ සාකච්ඡා කරත්වා. මා කරන සේවය දෑස් විවර කොට නොවක් සිතින් දකිත්වා.

සංඝභේදය යහපත් දෙයක් නොවේ. මහමෙව්නාවේ පිරිසිදු සිල් සුරකින අහිංසක භික්ෂූන්වහන්සේලා පන්සිය නමක් වැඩසිටිති. මේ සිල්වතුන් හා භේද කොට බොහෝ දෙනාට පව් රැස්කරගන්නට මේ පවිටු දෙනම ගත් උත්සාහය ප්‍රහාණය කරත්වා. උතුම් සංඝයා වහන්සේ සමඟි වෙත්වා. ඊර්ෂ්‍යා පරවෂ සිතින් දුරුවී දැහැමි සිතින් පින් රැස් කරගනිත්වා. මේ දෙය බොහෝ දෙනාට හිත සුව පිණිස හේතුවනු ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි



Bookmark and Share

Currently have 13 comments:

  1. සාදු සාදු සාදු....!!!!! ඔබවහන්සේගේ සේවය අපට අස්වැසිල්ලකි....

  1. Anonymous says:

    මම නම් හිතන්නේ ඹ්වා ගනන් ගත යුතු දේවල් නොවේ කියාය.කොහොමත් හැමදේම විවේචන කරන අය ඉන්නවානේ. ඔබ වහන්සේ කරන සේවය දන්න අය ඹ්න තරම් ලංකාවේ ඉන්නවා.ඒ නිසා මේවාගේ ඒවා ගනන් නොගෙන ඉන්න එක ගොඩක් හොදයි. ධර්මය අදුනගන්න පුලුවන් අය මාර්ගය අනුගමනය කරයි.අනිත් අය විවේචන කර කර ඉදියි. ඒක ඒ අයගේ තීරණේ. අපි මොකද කරන්නේ ඒකට.ඔබ වහන්සේ යන මාර්ගය පස්සෙන් අපිත් එන්න උත්සහ කරනවා. තෙරුවන් සරණයි.

  1. Anonymous says:

    We wish long peaceful life for Ven. Kiribathgoda..Gods will protect him, for the service of humans in this world. sangha Bedha Karma will serve those evil robed people, in time. Dhamma will shine as our Bhddha said and heard from Venerable. We are eternally grateful to you for giving us gift of True Dhamma !!!

  1. hareendra says:

    සුඛා සංඝස්ස සාමග්ගි

  1. Anonymous says:

    සුඛා සංඝස්ස සාමග්ගි

  1. සුඛො බුද්ධානං උප්පාදෝ
    සුඛා සද්ධම්ම දේශනා
    සුඛා සංගස්ස සාමග්ගි
    සමග්ගානං තපො සුඛෝ

  1. Unknown says:

    theruwan saranai........!!! ma hithanne oba wahanse me pilibadawa mewani lipiyak liwimata sithimath oba wahansege kalaya nikarune nasthi kirimak washayeni.oba wahanse wata sitina pirisa oba wahanse gana alpa mathrayakin wath ahithak nosithana bawa wishwasai.ma hithana paridi SOMAWATHI maha sa wandanawedith niyamakarayen pin ras kara gaththe MAHAMEWNA pirisa pamanak bawaya...!!!kese wethath oba wahansege sitha mewani dewal walin nam kala nokirethwa...!!!oba wahanse wata darmaya awaboda kirimata pelagasi sitina aya gana anukampa karathwa...!!!theruwan gana gaurawayak apa sitha thula janitha kala oba wahanse apage darma piyanan wahanse lesma sithathwa...!!!oba wahanse dakimen pawa asata kadulak nagena THARUNA ,wadihiti piris oba wahanse wata sitina bawama sithethwa...!!!swamin wahansa oba wahanse thula yam heyakin kalakimak thibenawanam eya HETHU PALA dahamak lesama sithata danewa...!!!swamin wahansa, GURU thanathura DEWADATHTHAth ellu akaraya oba wahanseta amathaka wunada...?wagakiwa yuththange sith me desata yomu wewa...!!!siyalu sathwayo oba wahanse kerehi maithriyama wadathwa...!!!dewiyo oba wahasewa rakithwa...!!!THERUWAN SARANAI...!!!(ane api oba wahanseta harima adarei(gaurawa purwakawa)...!!!)

  1. Anonymous says:

    oba wahanseta thawa thawath diriya shakthiya labewa!!!dewirakawaranaya labewa!!!pawitu piris sasanaye noma radewa!an ayage yahapatha udesama.

  1. Unknown says:

    පින්වත් ලොකු හාමුදුරුවනේ, බල්ලන් බිරුවට කදු පාත් වෙන්නෙවත්, පිරුණු කලේ දිය සැලෙන්නේවත් නැත. එබැවින් අප කෙහෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ අනුපමය ශාසනික මෙහෙවර ඉදිරියටම ගෙන යන සේක්වා.

  1. Anonymous says:

    උතුම් පැවිදි බව ලබාගෙන මෙවැනි නොහොබිනා වැඩ කිරීම ගැන නම් පුදුමයි. නමුත් මෙවැනි පිරිස් අද මෙන්ම එදත් සිටිය බව අප දන්න කරුණක්. කවදා කෙසේ හෝ සත්‍යම ජයගනී. අප සියලු දෙනාගේ හිත සුව පිණිස ඔබ‍වහන්සේගේ කාර්ය්‍යභාරය දිගටම කරගන යන්න ඔබවහන්සේට ශක්තිය ලැබේවා.

  1. අනේ මෙවන් දෙව්දත් ලා!
    මේ අය ගැන හෙලි කල එකමයි හොඳ. මෙවන් දුර්ජනයන් හැරෙනකොටම හඳුනා ගැනීමට සැමට වාසනාව ලැබේවා!
    තෙරුවන් සරණයි!!!

  1. Anonymous says:

    Sangha bedaya ananthariya papa karmayaki. a kiyanne eelange bawaye owun aniwaryayen aveechiyata yanawa. oba wahanse kalabala wenna epa. oba wahanse lankawe sitina uthumma uthum bhikshuwak. eke seka na.

  1. Anonymous says:

    මගේ අදහස නම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදහස් විය යුතු කිසිදු කරුණක් සිළුමිණ වෙසක් අතිරේකයේ නොමැති බවයි. ඔබ වහන්සේ ධර්ම ප්‍රචාරයට ගන්න අපමණ වෑයම අසපුවට පැමිණෙන කෙනෙකුට පැහැදිලි වෙවි.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails