Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිඅට වන කොටස)

Tuesday, December 22, 2009 , at 1:05 PM


541. සෝ භගවා ඉතිපි කල්‍යාණජ්ඣාසයෝ:- සැමවිට ම යහපත් අදහස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාල්‍යාණජ්ඣාසය’ වන සේක.

542. සෝ භගවා ඉතිපි කල්‍යාණකාරී:- තුන් ලොවට යහපත සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණකාරී’ වන සේක.

543. සෝ භගවා ඉතිපි කල්‍යාණකාමෝ:- තුන් ලොවෙහි ම යහපත කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණකාම’ වන සේක.

544. සෝ භගවා ඉතිපි කතවේදී:- කළ ගුණ දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතවේදී’ වන සේක.

545. සෝ භගවා ඉතිපි කාමභවපරික්ඛීණෝ:- කාම භවය ක්ෂය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාමභවපරික්ඛීණ’ වන සේක.

546. සෝ භගවා ඉතිපි කාමබන්ධෝඝතාරී:- කාමබන්ධනය නම් වූ සැඩ වතුර තරණය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කමබන්ධෝඝතාරී’ වන සේක.

547. සෝ භගවා ඉතිපි කාමසඤ්ඤෝජනාතිගෝ:- කාම සංයෝජන ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාමසඤ්ඤෝජනාතිග’ වන සේක.

548. සෝ භගවා ඉතිපි කත්තා:- නිර්වාණ මාර්ගයෙහි කතෘන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කත්තා’ වන සේක.

549. සෝ භගවා ඉතිපි කරවීකමස්සරෝ:- අතිශයින් මිහිරි ස්වර ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරවීකමස්සර’ වන සේක.

550. සෝ භගවා ඉතිපි කාලඤ්ඤූ:- සුදුසු කාලය දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාලඤ්ඤූ’ වන සේක.

551. සෝ භගවා ඉතිපි කාලවාදී:- සුදුසු කාලයෙහි පමණක් කතා බස් කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාලවාදී’ වන සේක.

552. සෝ භගවා ඉතිපි කායසුචී:- සුපිරිසිදු කාය කර්ම ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කායසුචී’ වන සේක.

553. සෝ භගවා ඉතිපි කායමුනී:- කායික මුනි ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කායමුනි’ වන සේක.

554. සෝ භගවා ඉතිපි කායගුත්තෝ:- සුරකින ලද කායික ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කායගුත්ත’ වන සේක.

555. සෝ භගවා ඉතිපි කාසායවාසී:- කසාය වස්ත්‍ර හඳිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාසායවාසී’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails