Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (නවවැනි කොටස)

Sunday, November 15, 2009 , at 9:58 AM

131. සෝ භගවා ඉතිපි අනධිමුත්තෝ:- අකුසලයන් හි නො යෙදුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිමුත්ත’ වන සේක.

132. සෝ භගවා ඉතිපි අනධිවරෝ:- තමන් වහන්සේට වඩා උසස් කෙනෙකුන් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිවර’ වන සේක.

133. සෝ භගවා ඉතිපි අනලසෝ:- අලසබව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනලස’ වන සේක.

134. සෝ භගවා ඉතිපි අනතිමානෝ:- අතිමාන නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනතිමාන’ වන සේක.

135. සෝ භගවා ඉතිපි අනභිනතෝ:- සංස්කාර කෙරෙහි රාගයෙන් නැඹුරු නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිනත’ වන සේක.

136. සෝ භගවා ඉතිපි අනපනතෝ:- සංස්කාර කෙරෙහි ද්වේශයෙන් නො ගැටුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපනත’ වන සේක.

137. සෝ භගවා ඉතිපි අනනුගතන්තරෝ:- කෙළෙසුන්ට අනුව ගිය සිතක් නො පැවැත්වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනනුගතන්තර’ වන සේක.

138. සෝ භගවා ඉතිපි අනත්තුක්කංසිකෝ:- තමන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනත්තුක්කංසික’ වන සේක.

139. සෝ භගවා ඉතිපි අනවස්සුතෝ:- කෙළෙස් නො වැගිරෙන ජීවිතයක් ගතකළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුත’ වන සේක.

140. සෝ භගවා ඉතිපි අනවක්කන්තදේහවා:- කිසිවෙකු විසිනුදු නො මැඩලිය හැකි සිරි සිරුරු දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවක්කන්ත දේහවා’ වන සේක.

141. සෝ භගවා ඉතිපි අනජ්ඣෝසිතෝ:- කෙළෙසුන් තුළ නො ම ගිලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනජ්ඣෝසිත’ වන සේක.

142. සෝ භගවා ඉතිපි අනායාසෝ:- නො වෙහෙසෙන සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනායාස’ වන සේක.

143. සෝ භගවා ඉතිපි අනාසවෝ:- ආශ්‍රව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාසව’ වන සේක.

144. සෝ භගවා ඉතිපි අනානාකථිකෝ:- දහම් කථාවෙන් බැහැර වූ වෙනත් කථා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනානාකථික’ වන සේක.

145. සෝ භගවා ඉතිපි අනායූහෝ:- කිසිවක් රැස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනායූහ’ වන සේක.

146. සෝ භගවා ඉතිපි අනාගු:- නො නිසි කිසිවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාගූ’ වන සේක.

147. සෝ භගවා ඉතිපි අනානුගිද්ධෝ:- කිසිවකට ගිජු නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනානුගිද්ධ’ වන සේක.

148. සෝ භගවා ඉතිපි අනාවරණදස්සී:- ආවරණ විනිවිද සියලු දේ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවරණදස්සී’ වන සේක.

149. සෝ භගවා ඉතිපි අනාවත්තිධම්මෝ:- පෙරලා කිසි කලෙක සසරට නො එනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවත්තිධම්ම’ වන සේක.

150. සෝ භගවා ඉතිපි අනාවිලසංකප්පෝ:- නොකැළඹුණු සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවිලසංකප්ප’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails