Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'නිර්මාංශ ප්‍රශ්නය'

Thursday, October 15, 2009 , at 4:46 AM


…… "දේවදත්තයෙනි, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම් (තමා උදෙසා මරණ ලද බව) නොදුටු, (තමා උදෙසා මරණ ලද බව) නොඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නොකළ මාළු මස් ."
(චුල්ලවග්ග පාළි - සංඝභේද්ඛන්ධඛය)
එම නිසා අප මේ තුළින් තේරුම් ගත යුත්තේ ඔබ හෝ මා හෝ ගොඩනගන ලද ධර්ම විනයක් නැත. ශාසනයක් නැත. බුද්ධ ශාසනයක් ගොඩනගන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසිනි. ධර්මය දේශනා කරනු ලබන්නේ ත්, විනය පණවනු ලබන්නේ ත් උන්වහන්සේ විසිනි. එහි හිමිකරුවා උන්වහන්සේ මිස ඔබ හෝ මා හෝ නොවේ. අපි වනාහී උන්වහන්සේ සරණ ගිය ශ්රාවකයෝ වෙමු.
එනිසා අපට රුචි අරුචි දේවල් වාද වශයෙන් ගොඩනගා ගෙන උන්වහන්සේ වදාළ ධර්ම විනය අවලංගු කරන්නට අපට අයිතියක් නැත. හැකියාවක් නැත. බව තේරුම් ගෙන තමන් ගන්නා ආහාර, ආගම වශයෙන් පත් නොකර ගත මැනව.
බොහෝ කලක් මුළුල්ලේ බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් මං මුලාවී වාද විවාද නගාගන්න නිර්මාංශාහාර පිළිබඳ ප්රශ්නයට පිළිතුරුය මෙහි විස්තර වන්නේ. බොහෝ දෙනෙක් මෙවැනි ප්රශ්නයන්ට පිළිතුරු නොදෙන්නේ නින්දා අපහාස වලට බිය වීමෙන් . මිථ්යා දෘෂ්ඨික සමාජයේ ස්වභාවය එය යි.
නමුත් එයට පවා මුහුණ දෙන්නට හිත හදාගෙන බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාවෙන් මෙම මස් මාළු ප්රශ්න විසඳන ලද්දේ.
මේ තුළින් එකක් අවබෝධ කරගත හොත් ප්රමාණවත් . එනම් බුදුරජාණන් වහන්සේ ලොව පහල වී දහම් දෙසන්නේ සත්වයන්ට සංසාර දුකින් එතෙර වීමට අදාළ චතුරාර්ය සත් ධර්මය අවබෝධ කරවීම සඳහා . එසේ නැතිව කෑම වට්ටෝරු ඉගැන්වීමට නොවේ.

අතිපූජ්
කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'නිර්මාංශ ප්රශ්නය' නම් කෘතියෙන්......
ඔබත් කියවන්න.... නිරවුල් වෙන්න..... නිර්මාංශ ප්රශ්නය

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails