Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

16 Dreams of King Kosala (part 02)

Sunday, October 25, 2009 , at 1:08 PM


ඉතින් කොසොල් රජතුමා තමන් දුටු දෙවනි සිහිනය ගැන මේ විදියට ප්‍රකාශ කළා.

දෙවෙනි සිහිනය...

"සවාමීනි, මම දෙවෙනි හීනේ දැක්කෙ මේ විදියට යි. කුඩාරුක් සහ ගස් පොළොව පලාගෙන උඩට ඇවිල්ලා, වියතක් විතර වත් රියනක් විතර වත් උසට හැදෙන්නෙ නැතිව තිබෙද්දි ම ඒවායේ මලු ත් පිපෙනවා. ගෙඩි ත් හැදෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේක තමයි මම දැක්ක දෙවෙනි හීනය. මේකේ විපාක මොනවා ද?"

"මහ රජතුමනි, මේ සිහිනයෙන් පෙනුන කරුණ ත් ලෝකය පිරිහෙන කාලයේ, මිනිසුන් ගේ ආයුෂ අඩුවුන කාලයේ තමයි සිදු වෙන්නේ. එම කාලයේ සත්වයින් අධික රාගයෙන් යුක්ත අය බවට පත් වෙනවා. නිසි වයසට පත් නො වූ කුඩා ගැහැණු ළමයි පිරිමින් සමග වාසය කරනවා. ඔවුන් ගර්භනී වී දරුවන් ලැබෙනවා. කුඩා ගස් වල මල් මෙන් ඔවුන් ගේ සෘතුමතී බව සිදු වෙනවා. එම ගස් වල ගෙඩි මෙන් දූ දරුවන් ලැබීම සිදු වෙනවා. මහරජතුමනි, මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා තුන්වෙනි සිහිනය කියන්න.

තුන්වෙනි සිහිනය...

"සවාමීනි භාග්‍යවතුන් වහන්ස, මම එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොනවා දැක්කා. ඒක තමයි මම දැක්ක තුන් වෙනි හීනය. මේකේ විපාක මොනවා ද?"

"ම හ රජතුමනි මේ සිහිනයේ කාරණා ත් සිදු වන්නේ අනාගත කාලයේ යි. ඒ අනාගත කාලයේ මිනිසුන් අතර පවතින වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය විනාශ වෙලා යනවා. දරුවෝ, මව් පියන්කෙරෙහි සහ නැදිමයිලන් කෙරෙහි ලැජ්ජාභයක් නො මැතිව තමන් ට ම කැමැති කැමති අය ත් සමග අවාහ විවාහ ආදිය කර ගන්නවා. ගෙවල් දොරවල් හදා ගන්නවා. ගෙවල් දොරවල් වල පාලනය තමන් අතට ගන්නවා. කැමති අය විතරක්

වැඩිහිටියන්ට කන්ට බොන්ට අදින්ට පලදින්ට දෙනවා. අකමැති අය නො දී ඉන්නවා. ඒ වැඩිහිටියන්, ගුරු දෙමව්පියන් අනාථ වෙනවා. අසරණ වෙනවා. තමන් ට ස්වාදීනව ජීවත් වෙන්නට නො හැකි තත්වයට පත් වෙනවා. එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොන්නාක් වගේ දරුවන් ගේ සිත් දිනාගෙන ඔවුන් කියන කියන විදියට ජීවත් වෙන්නට සිදු වෙනවා.‍ මේ කාරණයෙනුත් මහරජතුමනි ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා දැන් හතර වෙනි සිහිනය කියන්න."

හතර වෙනි සිහිනය....

" ස්වාමීනී, ආරෝප පරිණාහ සම්පන්න, මහ ගොනුන් අගට යොදා තරුණ වූ ගොන් නාම්ඹන් කරත්තවල, බර ඇදීම සඳහා මුලට යොදනවා. ඒ ගොන් නාම්ඹන්, මුලට දැම්මට පස්සේ බර ඇද ගන්නට බැරිව කරෙන් විය ගහ පැත්තකට දමා සිටිනවා මම දැක්කා. ඒ නිසා ගැල් කරුවන්ට කැමති තැනකට ගිහින් වෙළහෙළඳාම් කටයුතු ආදිය සාර්ථක කර ගන්නට පුලුවන් වුණේ නැහැ. මේක තමයි මම දැක්ක හතර වෙනි හීනය. ස්වාමීනී, මේකේ විපාක කොහොම ද?"

" මහරජතුමනි, මේ සිහිනයේ කාරණා ත් අනාග‍යේ අධාර්මිෂ්ඨ වූ රජදරුවන් ගේ කාලයේ තමයි ඇති වෙන්නේ. අනාගතයේ පහළ වෙන අධාර්මිෂ්ඨ වූ කුසලයෙන් තොර වූ රජදරුවෝ, නුවණැති වූ පරම්පරාවන් ගෙන් පැවැත එන, ඒ ඒ කටයුත්ත සාර්ථක ව කරන්නට දක්ෂ වූ මහා අමාත්‍ය වරුවන්ට යස පිරිවර දෙන්නේ නැහැ. රාජ කාර්යයන් විචාරණ, ස්ථානෝචිත ප්‍රඥා ඇති, නඩු විස‍ඳන්නට දක්ෂ වූ, පුරාණ පරම්පරාවලින් පැවත එන, වයෝවෘද්ධ අමාත්‍යයන් අධිකරණය කටයුතු වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධ වූ බාල අමාත්‍යයින්ට යස පිරිවර ලබා දෙනවා. ඒ වගේ ම බාල වූ පිරිස් අධිකරණයන් ගේ යොදවනවා. ඒ තරුණ අමාත්‍යවරු රාජකාරි කටයුතු දන්නෙ ත් නැහැ. යුක්තිය අයුක්තිය

දන්නෙත් නැහැ. තමන්ට දුන් යසස දරා ගන්නට ත් ඔවුන්ට බැහැ.

මහලු නුවණැති අමාත්‍යවරු ත්, තමන්ට යසස් නො ලැබීම නිසා, රාජකාරි කටයුතු කරන්නට හැකියාව තිබුණ ත්, "දැන් අපිට මේ රාජකාරි වලින් මොන වැඩක් ද? අපි දැන් යන්ට යමු, මේ බාල ඇමතිවරු ම ඒ රාජකාරි කරාවි" කියලා කළ යුතු රාජකාර්යයන් කරන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් ගැල් බර උහුලන්ට අසමත් ගොන් නාම්බන් ගැල් හිසෙහි යෙදුවා වගේ, ගැල් බර උහුලන්ට සමත් වූ මහ ගොනුන් අගට යෙදුවා වගේ ඒ රජ දරුවන්ට පරිහාණියක් ම යි සිද්ධ වෙන්නේ. මේ කාරණයෙන් ඔබට බයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා පස් වෙනි සිහිනය ත් කියන්න."

(මතු සම්බන්ධ යි -)

(This article is written with the assistance of jathakakatha.org and tipitaka.org )

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails