බුදු ගුණ අනන්ත යි...!!! -- (විසි එක්වන කොටස)
418. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියගුත්තෝ:- ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියගුත්ත’ වන සේක.
419. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවුතෝ:- ඉන්ද්‍රියයන් සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවුත’ වන සේක.
420. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසම්පන්නෝ:- ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසම්පන්න’ වන සේක.
421. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියකුසලෝ:- සියලු ඉන්ද්‍රියයන් පිළිබඳ දක්ෂ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියකුසල’ වන සේක.
422. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවරසම්පන්නෝ:- ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවරසම්පන්න’ වන සේක.
423. සෝ භගවා ඉතිපි ඉන්දීවරෝ:- නිලුපුල් මලක් මෙන් ඉතා ශෝභමාන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්දීවර’ වන සේක.
424. සෝ භගවා ඉතිපි ඉන්දඛීලූපමෝ:- ඉන්ද්‍රඛීලයක් මෙන් නො සැලෙස හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්දඛීලූපම’ වන සේක.
425. සෝ භගවා ඉතිපි ඉද්ධිප්පත්තෝ:- ඉර්ධි බලයන්ට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිප්පත්ත’ වන සේක.
426. සෝ භගවා ඉතිපි ඉද්ධිපාදකුසලෝ:- ඉර්ධිපාද පිළිබඳ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිපාදකුසල’ වන සේක.
427. සෝ භගවා ඉතිපි ඉද්ධිපාදසම්පන්නෝ:- සතර සෘද්ධිපාදයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිපාදසම්පන්න’ වන සේක.
428. සෝ භගවා ඉතිපි ඉද්ධිඤාණපරිභාවිතෝ:- ඉද්ධිබල උපදවන ඤාණ වඩන ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිඤාණපරිභාවිත’ වන සේක.
429. සෝ භගවා ඉතිපි ඉරියාපථසම්පන්නෝ:- සොඳුරු ඉරියව් පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉරියාපථසම්පන්න’ වන සේක.
430. සෝ භගවා ඉතිපි ඉසි:- සෘෂි ගුණ දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉසි’ වන සේක.
431. සෝ භගවා ඉතිපි ඉසිසත්තමෝ:- සත් බුදු රජාණන් වහන්සේලා අතරින් සත්වැනි මහා සෘෂින් වහන්සේ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ ඉසිසත්තම’ වන සේක.
432. සෝ භගවා ඉතිපි ඉසිනිසභෝ:- අති ශ්‍රේෂ්ඨ සෘෂීන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉසිනිසභ’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිවන කොටස)
402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක.
403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක.
404. සෝ භගවා ඉතිපි ආරක්ඛසති:- සුරකින ලද සිහියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරක්ඛසති’ වන සේක.
405. සෝ භගවා ඉතිපි ආරාචාරී:- ලෝකයෙන් වෙන් වී හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරාචාරී’ වන සේක.
406. සෝ භගවා ඉතිපි ආරෝගගතෝ:- පරම නිරෝගී භාවය නම් වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝගගත’ වන සේක.
407. සෝ භගවා ඉතිපි ආරෝහපරිණාහසම්පන්නෝ:- ආරෝහපරිණාහසම්පන්න හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝහපරිණාහසම්පන්න’ වන සේක.
408. සෝ භගවා ඉතිපි ආලෝකකරෝ:- ප්‍රඥා ආලෝකය ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකකර’ වන සේක.
409. සෝ භගවා ඉතිපි ආලෝකදදෝ:- ප්‍රඥා ආලෝකය ලබා දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකදද’ වන සේක.
410. සෝ භගවා ඉතිපි ආලෝකබහුලෝ:- ප්‍රඳා ආලෝකයෙන් ගැවසී ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකබහුල’ වන සේක.
411. සෝ භගවා ඉතිපි ආසවඛීණෝ:- සියලු ආශ්‍රව ක්ෂය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආසවඛීණ’ වන සේක.
412. සෝ භගවා ඉතිපි අනිමිත්තරතෝ:- නිමිති රහිත සමවත් කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තරත’ වන සේක.
413. සෝ භගවා ඉතිපි අත්ථකාරේතා:- තුන් ලොවට යහපත සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකාරේතා’ වන සේක.
414. සෝ භගවා ඉතිපි අජාතප්පත්තෝ:- නො ඉපදෙන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජාතප්පත්ත’ වන සේක.
415. සෝ භගවා ඉතිපි අභූතප්පත්තෝ:- හට නො ගත් ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභූතප්පත්ත’ වන සේක.
416. සෝ භගවා ඉතිපි අකතප්පත්තෝ:- කිසිවකින් සකස් නො කළ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතප්පත්ත’ වන සේක.
අපි හැබෑම ශ්‍රද්ධාවන්තයින් ද......? (ගෞතම සංදේශය 04)
උතුම් ගෞතම බුදු සසුනේ සුවඳ විඳින සුපින්වත් මිතුරනේ,
දුර්ලභව ලැබෙන බුදු සසුනක් සමඟ එකට යා වුන සුන්දර වචනයක් තමයි 'ශ්‍රද්ධාව'. මේ අකාලික දහම තුළ 'ශ්‍රද්ධාව' හි විවිධ ස්වරූප අවස්ථානෝචිතව ඉස්මතු වෙනවා. උතුම් බුද්ධ දේශනා තුළින්ම අපට ඒ ගැන අහන්නට, දැනගන්නට ලැබෙනවා. නමුත් පිරිසිදු බුදු සසුනක් තුළ 'ශ්‍රද්ධාව' කියල මූලිකව හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සද්ධර්මය පිළිබඳ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ උතුම් පැවිදි දම් පුරන ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ඇතිවුන නොසැලෙන පැහැදීමට. අද අපි 'ගෞතම සංදේශය' තුළින් මේ ශ්‍රද්ධාව හා ශ්‍රද්ධාවන්තයින් ගැන මොහොතක් දොඩමළු වෙන්නයි අදහස් කළේ.
මිතුරනේ, ශ්‍රද්ධාව කියන වචනය පවා හමු වෙන්නේ බුදු සසුනක් තුළම පමණයි. හැබැයි මේ ශ්‍රද්ධාවෙ ප්‍රභේද දෙකක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙනවලා දීලා තියෙනවා. ඒ 'අමූලිකා' හා 'ආකාරවතී' වශයෙන්. (ඔබ දරු සම්පතක් හෙම අපේක්ෂාවෙන් ඉන්නවනම් දැරිවියකට දාන්න ලස්සන නම් දෙකක්). අමූලිකා ශ්‍රද්ධාව තියෙන අය නම් අපට අද ඕන තරම් දකින්නට ලැබෙනවා. දුටු දුටු බෝධියට වඳිනවා. කපුටු බෝ පැලයක්වත් මඟ හරින්නේ නෑ. බුදු පිළිම ඉස්සරහ පෙරලි පෙරලි වඳිනවා. භික්ෂූන් වහන්සේලාට අත දිගඇරලා දන් පැනුත් පූජා කරනවා. බණ අහනකොට ඇස් දෙක බාගෙට පියවිලා ශ්‍රද්ධාව වැඩි කමට. සමහරවිට ගමේ පන්සලේ ප්‍රධාන දායක දායිකාවො. හැබැයි කවුරුහරි භික්ෂූන් වහන්සේලාට බනිනකොට මෙයත් එකතු වෙලා බනිනවා. හැකි තරම් කුහක කම් කරනවා. ඉරිසියාවෙන් පැලෙනවා. දහ අතේ කේළම් කියනවා. ලෝකෙට පෙන්නන්නේ තමන් සත්පුරුෂයෙක් විදියට. ඒත් හිත මහා කුණු ගොඩක්. ධර්ම මාත්‍රයක් පිහිටලා නෑ. පාරට බැස්සහම සුදනා. සත්ගුණවත් මහා ශ්‍රද්ධාවන්තයා...... හැබැයි තිසරණය ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැහැ.... ඒ එක කොටසක්.
ඒ වගේම අපි අතරෙ ඉන්නවා බුදුන්, දහම්, සඟුන් ගැන ඇති වුන පැහැදිලි අවබෝධයෙන්ම තිසරණ සරණ ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මැනවින් ජීවිතයට ගලපාගෙන, ඒ තුළ ජීවත් වන, අප්‍රමාදී ව ධර්ම මාර්ගය ප්‍රගුණ කරන පිරිසක්. ඒ අයගේ ශ්‍රද්ධාව කිසිම විදියකින්, කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. ඒ දුලභ ශ්‍රද්ධාව ඇති වුන සිත් හරිම ආශ්චර්යමත්.
"පින්වත් මහණෙනි, හිස ගිනි ගත් කෙනෙක් ඒ ගිනි නිවන්න හදිසි වී වීරියෙන් ක්‍රියා කරන්නේ යම් සේ ද, සසරට වන් සත්වයා ඉන් මිදීම පිණිස ඊටත් වඩා හදිසියෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ වීරිය කළ යුතු වේ."......... කියලා.
ඒ වගේම උන් වහන්සේ තවත් අවස්ථාවක වදාරණවා....."පින්වත් ආනන්ද, මා විසින් දේශනා කරන ලද අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය එක් වචනයකට කැටි කොට ගන්න පුළුවන්. ඒ තමයි 'අප්‍රමාදය' ".........
‘ගෞතම සංදේශය’
- මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....
බුදු ගුණ අනන්ත යි...!!! -- (දහනවවන කොටස)
377. සෝ භගවා ඉතිපි අපලෝකිතප්පත්තෝ:- විනාශ නො වන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපලෝකිතප්පත්ත’ වන සේක.
378. සෝ භගවා ඉතිපි අඛෝභියෝ:- කිසි දිනෙක නො කැළඹෙන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛෝභිය’ වන සේක.
379. සෝ භගවා ඉතිපි අදෝසෝ:- කිසිඳු දොසකින් තොර සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදෝස’ වන සේක.
380. සෝ භගවා ඉතිපි අභිනීලනෙත්තෝ:- ඉතා නිල් පැහැති නෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනීලනෙත්ත’ වන සේක.
381. සෝ භගවා ඉතිපි අබ්භුතප්පත්තෝ:- ඉතා පුදුම සහගත ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්භුතප්පත්ත’ වන සේක.
382. සෝ භගවා ඉතිපි අභන්තචිත්තෝ:- කම්පිත නො වන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභන්තචිත්ත’ වන සේක.
383. සෝ භගවා ඉතිපි අදන්තදමකෝ:- දමනය නොවූ අය දමනය කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදන්තදමක’ වන සේක.
384. සෝ භගවා ඉතිපි ආකප්පසම්පන්නෝ:- සොඳුරු දිවි පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආකප්පසම්පන්න’ වන සේක.
385. සෝ භගවා ඉතිපි ආකාසසමචිත්තෝ:- අහස හා සම සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආකාසසමචිත්ත’ වන සේක.
386. සෝ භගවා ඉතිපි ආකාසසමමානසෝ:- නුඹ ගැබ සදිසි මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාසසමමානස’ වන සේක.
387. සෝ භගවා ඉතිපි ආකිණ්ණවරලක්ඛණෝ:- උතුම් ලක්ෂණයන් ගෙන් ගැවසී ගත් ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආකිණ්ණ වරලක්ඛණ’ වන සේක.
388. සෝ භගවා ඉතිපි ආගතඵලෝ:- සපැමිණි අර්හත් ඵල ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආගතඵල’ වන සේක.
389. සෝ භගවා ඉතිපි ආචාරකුසලෝ:- යහපත් දිවි පැවතුම් පෙන්වා දීමෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආචාරකුසල’ වන සේක.
390. සෝ භගවා ඉතිපි අචාරඋපචාරඤ්ඤූ:- ආචාර උපචාර මැනවින් දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආචාරඋපචාරඤ්ඤූ’ වන සේක.
391. සෝ භගවා ඉතිපි ආනෙඤ්ජප්පත්තෝ:- නොසැලෙන ස්වභාවයට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආනෙඤ්ජප්පත්ත’ වන සේක.
392. සෝ භගවා ඉතිපි ආචාරගෝචරසම්පන්නෝ:- ඉතා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආචාරගෝචරසම්පන්න’ වන සේක.
393. සෝ භගවා ඉතිපි ආදිත්තෝ:- ඇවිලගත් ප්‍රඥා ආලෝක ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදිත්ත’ වන සේක.
394. සෝ භගවා ඉතිපි ආදිච්චබන්ධූ:- සූර්ය වංශයෙහි ඉපදුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදිච්චබන්ධු’ වන සේක.
395. සෝ භගවා ඉතිපි ආදීනවදස්සී:- සසරේ ආදීනව දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදීනවදස්සී’ වන සේක.
396. සෝ භගවා ඉතිපි ආදෙය්‍යවචනෝ:- පිළිගත යුතු වචන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදෙය්‍යවචන’ වන සේක.
397. සෝ භගවා ඉතිපි ආතාපී:- කෙළෙස් තවනා වීරියෙන් යුතු වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආතාපී’ වන සේක.
398. සෝ භගවා ඉතිපි ආභාසකරෝ:- ප්‍රඥා රශ්මිය ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආභාසකර’ වන සේක.
399. සෝ භගවා ඉතිපි ආයකුසලෝ:- කුසල් දහම්හි දියුණුව පිළිබඳ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයකුසල’ වන සේක.
400. සෝ භගවා ඉතිපි ආයතපණ්හී:- දික් විලුඹ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතපණ්හී’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (දහඅටවන කොටස)
352. සෝ භගවා ඉතිපි අමමෝ:- මමත්වය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමම’ වන සේක.
353. සෝ භගවා ඉතිපි අමරෝ:- මරණය ජය ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමර’ වන සේක.
354. සෝ භගවා ඉතිපි අමක්ඛෝ:- ගුණමකු බව නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමක්ඛ’ වන සේක.
355. සෝ භගවා ඉතිපි අමච්ඡරී:- මසුරු බව නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමච්ඡරී’ වන සේක.
356. සෝ භගවා ඉතිපි අමායා:- මායා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමායා’ වන සේක.
357. සෝ භගවා ඉතිපි අමිතයසෝ:- ප්‍රමාණ රහිත යසසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමිතයස’ වන සේක.
358. සෝ භගවා ඉතිපි අමුඛරෝ:- මුඛරි භාවය රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමුඛර’ වන සේක.
359. සෝ භගවා ඉතිපි අමුච්ඡිතෝ:- කාමයන් තුළ මුර්ඡාවට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමුච්ඡිත’ වන සේක.
360. සෝ භගවා ඉතිපි අමෝඝෝ:- නොසිස් ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමෝඝ’ වන සේක.
361. සෝ භගවා ඉතිපි අමෝහෝ:- මෝහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමෝහ’ වන සේක.
362. සෝ භගවා ඉතිපි අහිංසකෝ:- කිසි ම හිංසාවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අහිංසක’ වන සේක.
363. සෝ භගවා ඉතිපි අහීනින්ද්‍රියෝ:- අඩු නො වූ ඉඳුරන් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අහීනින්ද්‍රිය’ වන සේක.
364. සෝ භගවා ඉතිපි අගථිතෝ:- කාමයන්ට නො බැඳුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අගථිත’ වන සේක.
365. සෝ භගවා ඉතිපි අගදූපමෝ:- කෙළෙස් ලෙඩ සුව කරන ඖෂධයක් වැනි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අගදූපම’ වන සේක.
366. සෝ භගවා ඉතිපි අගිද්ධෝ:- කිසිවකට ත් ගිජු නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අගිද්ධ’ වන සේක.
367. සෝ භගවා ඉතිපි අග්ගපුග්ගලෝ:- තුන් ලොවට ම අග්‍රපුද්ගලයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ගපුග්ගල’ වන සේක.
368. සෝ භගවා ඉතිපි අග්ගෝ:- සියලු සත්වයන්ට ම අග්‍රහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ග’ වන සේක.
369. සෝ භගවා ඉතිපි අග්ගප්පත්තෝ:- අග්‍ර නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ගප්පත්ත’ වන සේක.
370. සෝ භගවා ඉතිපි අග්ගඤ්ඤූ:- අග්‍ර නිවන දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ගඤ්ඤූ’ වන සේක.
371. සෝ භගවා ඉතිපි අඤ්ඤදත්ථුදසෝ:- ඒකාන්තයෙන් ම සියල්ල දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඤ්ඤදත්ථුදස’ වන සේක.
372. සෝ භගවා ඉතිපි අඤ්ඤාවිමුත්තෝ:- අරහත්ඵලයෙහි විමුක්තියට පත් වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඤ්ඤාවිමුත්ත’ වන සේක.
373. සෝ භගවා ඉතිපි අඩ්ඪෝ:- ලොව්තුරු ගුණයෙන් ආඪ්‍ය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඩ්ඪ’ වන සේක.
374. සෝ භගවා ඉතිපි අංගීරසෝ:- මුළු සිරුරෙන් ම විහිදෙන රශ්මිධාරා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අංගීරස’ වන සේක.
375. සෝ භගවා ඉතිපි අරෝගෝ:- කෙළෙස් ලෙඩ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරෝග’ වන සේක.
Let's Meditate ( part -07)
නිවන් සැපත සලසන අවබෝධයේ මාවත
නාවලපිටියේ අරියවංශ හිමි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
අපි අවසන් දවසේ දී කථා කළේ නිබ්බිදා සූත්‍රයේ තිබෙන කාරණා කිහිපයක්. බණ භාවනා දියුණු කර ගන්න කැමැති කෙනෙකු විසින් කල්පනා කළ යුතු කරුණු තමයි, අපි දිගට ම කතා කරමින් සිටින්නේ. ඒ සාකච්ඡාවේ අවසානයට අපි නිබ්බදා සූත්‍රය පිළිබඳ කාරණා කීපයක් කතා කළා.
මම මුලින් ප්‍රකාශ කළා බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන කෙනකු විසින් කළ යුතු කෙබඳු දේ ද කියන එක. අපි විශේෂයෙන් අවධාරණයට ලක් කළේ බණ භාවනා කරන කෙනකු විසින් මූලික වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිබඳ පැහැදීම ඇති කර ගත යුතුයි කියන කාරණය යි.
භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාස කිරීමෙන් ම තමයි අපි නිවන් මඟ ආරම්භ කරන්නෙත්, නිවන් මඟ අවසන් කරන්නෙත්, නිවන් මඟට පැමිණෙන්න පුළුවන් වන්නේ එතැනින් ම යි. එතකොට අපි භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිබඳ විශ්වාසය කුමක් පදනම් කර ගෙනද ගොඩනගා ගන්නේ?.... ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මුල්කරගෙන තමයි, ඒවා අනුසාරයෙන් තමයි, භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පිළිගන්නේ, විශ්වාස කරන්නේ ඒ අවබෝධය අපි දරා ගන්නේ.
එතකොට බුද්ධ දේශනාවක යම් ධර්ම කාරණයක් තියෙනවා නම් ඒ ධර්මය දරා ගැනීමෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්තා වෙනවා. දේශනාවක යමක්ද තියෙන්නේ, යම් ධර්මයක් ද තියෙන්නේ, ඒ ධර්මය ඒ ආකාරයෙන් අපි දරාගත්තොත්, අදහාගත්තොත් අපි අදහගෙන තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය යි. අන්න ඒ විදිහට අපි දේශනාවේ තියෙන කාරණා දරා ගත්තො ත් අදහාගත්තොත්, පිළිගත්තොත්, අන්න එයාට ‘නිසැක බව‘ ඇතිවනවා. එයා තුළ තිබෙන සැකය දුරුවන්න පටන් ගන්නවා. එයා තුළ විශ්වාසය ඇතිවනවා. එයා තුළ නිතැතින් ම ඉවසීමේ ගුණය ඇතිවනවා. එයාට නො ඉවසුම්බව නෑ. එයාට ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා.
ඒ නිසා තමයි අපි ඒ විදියට ආරම්භයේ දී ම ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බලවත් වූ පැහැදීම ඇති කර ගැනීම පිණිස සුදුසු වන්නා වූ දේශනා තෝරා බේරා ගෙන කතා කරන්න කල්පනා කළේ. මොකද දුබල හැකියාවක් සහිත ආධුනිකයන් විදියට කටයුතු කරන අපි, පහසු තැනකින් පහසු විදියට යමක් කරන්න කල්පනා කළ යුතු යි. තමා ගේ හැකියාව පිළිබඳව සැබෑ තක්සේරුවට ආපු කෙනා, පහසු විදියට කටයුතු කරනවා.
‘මුහුදට යෑමේ අවශ්‍යතාව තියෙන ආධුනික කෙනා වෙරළෙන් පටන්ගන්න ඕන. බෝට්ටුවෙන් ගිහින් මුහුද මැදට පනින්නේ නෑ’. එහෙම පනින කෙනාට වැනසීම තමයි අත්කර ගන්න වන්නේ. බෝට්ටුවෙන් මුහුද වටේ ගිහින් ඇවිදලා ආවත් වැඩක් නෑ. එයාට තියෙන්නේ මාන්නයත්, ආඩම්බරයත් පමණක් නම්, ඇත්තෙන්ම මුහුදට බහින්න ඕන කෙනා කළ යුත්තේ වෙරළෙන් බැහැලා රැල්ල පාගාගෙන යන්න පුරුදු වීම යි. එයාට මුහුද ගැන දන්න කෙනෙක් බවට පත් වෙන්න පහසු යි. එතන තමයි ක්‍රමය, එතන තමයි දොරටුව.
ඒ නිසා අපි කල්පනා කළ යුතු යි, පහසු තැනකින් ධර්මයට පිවිසෙන්නට. පහසුවෙන් අපට ධර්මයට පිවිසෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ‘මෙන්න මෙහෙම කළොත් මෙහෙම වනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් එක එල්ලේ කළ ප්‍රකාශ. අන්න ඒ මත පිහිටා ධර්මයෙන් කටයුතු කිරීම. අන්න ඒ වගේ දේශනාවක් ගැන තමයි, අපි එදා කතා කළේ.
ඒ දේශනාවේ තිබුණේ මෙහෙම යි. ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලීකතා එකන්ත නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානායත
‘පින්වන්ති, ‘එතකොට අපි ළඟ නැත්තේ මොකක් ද?.... අවබෝධයෙන් කළකිරීම. ඒක අපට නෑ. අන්න ඒ දහම අපි ළඟ තිබුණා නම් අපි නිවන් මගට පිවිසෙනවා ම යි නේ ද? යමක් කෙරෙහි අවබෝධයෙන් කළකිරීමක් ඇතිවුණොත් එයා ඒක පවත්වනව ද? නෑ, ඒක අත්හරිනවා.
ඇත්තට ම අත්හරිනවා නො වෙයි. අත්හැරෙන එක තමයි සිද්ධ වන්නේ. අතහැරෙන්නේ අවබෝධයෙන් කළකිරීම මත යි. මේ අවබෝධයෙන් කළකිරෙනවා කියන එක ලෝකයේ ලෙහෙසියන් කෙනකුට කරගන්න බැරි දෙයක්. ඇයි ඒ...? එතරම් ම ආශ්වාසයෙන් බැඳිලා ගිහිල්ලා තියෙන්නෙ. ආශ්වාදය ටික යි තියෙන්නේ. නමුත් අපිට ඒක ලොකු දෙයක්. කළකිරුනට පස්සේ තමයි තේරෙන්නේ පුංචි දේකට බැඳීලා හිටියේ කියලා.
ඉතින් කළකිරීම කියන එක අපට කෘත්‍රිමව ගොඩනගන්න බෑ. අපිට ඕන විදියට ගොඩ නගන්න බෑ. අවබෝධයෙන් කළකිරෙනවා කියන කාරණාව තමයි බුදු කෙනෙකු විසින් ඉස්මතු කරලා පෙන්වන්නේ. බුදු කෙනකු විසින් ලෝකයට හඳුන්වා දෙන්නේ අන්න ඒකයි. අවබෝධයෙන් කලකිරීම තමයි, සංසාරය කැඩෙන තැන. අවබෝධයෙන් කළකිරීම ඇතිවුණානම්, නිදහස් වනවා ම යි.
ඉතින් අපට තියෙන ගැටලුව තමයි අවබෝධයෙන් කළකිරීම ඇතිකර ගන්නේ කොහොම ද කියන එක? යම් කෙනකු ගේ ජීවිතයේ අවබෝධයෙන් කළකිරීම කියන ධර්මතාව ඇතිවුණොත් එයා නිදහස්වන්න පටන් ගන්නවා. ඇත්තෙන් ම නිදහස් වනවා ම යි. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා අපි අන්න එතෙන්ට එන්න කල්පනා කළ යුතුයි. නමුත් කරන්නං වාලේ කෙරුවට අවබෝධයෙන් කළකිරීම ඇතිවන්නේ නෑ.
දැන් ඔන්න කෙනෙක් භාවනා කරනවා. භාවනා කරලා සමාධිය ඇතිවනවා. සමාධිය ඇති වුණායින් පස්සේ, සමාධිමත් භික්ෂුවට මොකක් ද වන්න ඕන? සමාධිමත් භික්ෂුවට ධර්මයට අනුව නම් කුමක් ද විය යුත්තේ....? යථාභූත ඤාණය ඇති වන්න ඕන. යථාභූත ඤාණය ඇති වූ කෙනාට මොකද වන්නේ....? අන්න එයාට අවබෝධයෙන් කළකිරීම කියන ධර්මතාව ඇතිවනවා.
බොහෝ අය භාවනා කරනවා කියා කියනවා, ධර්මය ඉගෙන ගන්නවා කියා කියනවා. දැන් බලන්න ඒ කවුරුත් ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා ඔය හතර තමයි කරගෙන යන්නේ. ඔය හතර කරගෙන ගියා වුණත් බොහෝ අයට ආඩම්බරය, මාන්නය, තමන් හුවා දක්වන ගතිය, අනුන් හෙළා දක්වන ගතිය ආදිය මතුවනවා නේ ද?..එහෙම නම් අර කාරණා හතර කරනවා කිව්වට ඇත්තෙන්ම ඒ කරුණු හතර නෙමේ කරලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා කියන මේ කාරණා හතර හරියට කළා නම් මොකක්ද වන්නේ? අපි මුලදීම කිව්වා මතක ද මේ කරුණු හතර පුරුදු කරන කෙනාට අරහත්වය දක්වා ම ජීවිතය දියුණු කර ගන්න අවස්ථාව තියෙන බව? අරහත්වය දක්වා ම ජීවිතය දියුණු කර ගන්න නම්, අවබෝධයෙන් කළකිරීම කියන ධර්මතාව, ඒ කෙනා තුළ පිහිටවන්න ඕන, ගොඩනැඟෙන්න ඕන.
එහෙනම් යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය, සාකච්ඡා , සමථ විදර්ශනා කියන කාරණා හරියට පුරුදු කළා නම්, එයාට අවබෝධයෙන් කළකිරීමක් සිද්ධ වන්න ඕනෑ නේ ද?...සිද්ධ වෙන්න ඕන. නමුත් ඇතැම් අයට මොකද අවබෝධයෙන් කළකිරීම කියක ඒක සිද්ධ නො වී ආඩම්බරය මාන්නය එන්නෙ? න්‍යාය වරදින්න පුළුවන් ද?...න්‍යායට වැරදිලා නෙමෙයි. මොකක්ද වැරදුණේ ? හරි දේ කියලා වැරැදි දෙයක් කිරීම. එතනයි වැරදුණේ. ඒකට හේතුව තමයි දේශනාවේ තියෙන කාරණාවට පහදින්නේ නෑ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව නෙමෙයි කරන්නේ. වෙන දෙයක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ කළා නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රතිඵලයත් තියෙන්න ඕන නේ ද? ...ප්‍රතිඵලය තිබිය යුතුයි. එහෙනම් ප්‍රතිඵලය නො එන්නේ ඇයි? ..අදාළ දේ නොකරන නිසා ඒ නිසා තමයි, අර මාන්නය, ආඩම්බරය වගේ පැතිවලට හිත කැරකිලා යන්නේ.
බණ භාවනා කරලා සමාධිය ඇති කර ගන්න අයට මාන්නය, ආඩම්බරය වාගේ දේවල් හට ගන්නවා නම්, තමා හුවා දක්වන අනුන් හෙළා දකින ගතිය එනව නම්, ඒව ඇති වන්නේ එයා හරි දේ කරලා නැති නිසා. හරි දේ කළා නම් ඒක වන්නේ නෑ. දැන් මේ දේශනාවේ තියෙන ධර්ම පහ යම් කෙනෙක් පුරුදු කළොත්, එයාට ඒකාන්ත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම කියන දේ සිද්ධ වෙනවා. දැන් බලන්න එතනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන හැටි, “ නියත වශයෙන් “ සිද්ධ වෙනවා කියන එකයි කියන්නේ, ඒකාන්ත වශයෙන් සිද්ධ වෙනවා.
ඒක තමා අපි කරගත යුතු දේ. මේ ධර්මතා පුරුදු කළොත් ඒකාන්ත වශයෙන්ම අවබෝධයෙන් කළකිරීම කියන එක සිද්ධ වෙනවා. යම් කෙනෙකුගේ සිත තුළ අවබෝධයෙන් කළකිරීම කියන එක සිද්ධ වුවොත් එයාට විරාගය ඇති වනවා. රාගය දුරුවන්න පටන් ගන්නවා. ඇල්ම දුරු වනවා. ඇල්ම දුරු වුණ කෙනාට, ආශාව නිරුද්ධ වන්න පටන් ගන්නව. බැඳීම් කැඩිලා බිඳිලා යන්න පටන් ගන්නවා. අන්න එයා ගේ සිත සංසිඳෙන්න පටන් ගන්නවා. යම් කලක ඒ විදියට සංසිඳිලා නිශ්චල භාවයට පත්වනවා. ඒකට තමා ‘උපසමාය ‘ කියලා කියන්නේ. අන්න ඒ විදියට යම් දවසක සිත සංසිඳිලා නිශ්චලත්වයට පත් වුණා නම්, එබඳු හිතකින් විශේෂ ඤාණය උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. එසේ විශේෂ ඤාණය උපදවා ගැනීම තමයි, ‘අභිඤ්ඤාය’ කියල කියන්නේ. ඒ වගේම ඒ නිශ්චල වු සිතින් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම තමයි’සම්බෝධාය’ කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු කෙනා නිවන සාක්ෂාත් කරනවා. එතකොට අන්න ඒ භාග්‍යය උදා කරගන්න පුළුවන් කමක් තියෙන්නේ, මේ දහම ශ්‍රද්ධාවෙන් අදහගන්න කෙනාටයි.
http://www.lakehouse.lk/budusarana/2009/11/24
බුදු ගුණ අනන්ත යි...!!! -- (දහහත්වන කොටස)
327. සෝ භගවා ඉතිපි අජරප්පත්තෝ:- නො දිරන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජරප්පත්ත’ වන සේක.
328. සෝ භගවා ඉතිපි අජිතඤ්ජයෝ:- නො දිනූ මර යුදය ජය ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජිතඤ්ජය’ වන සේක.
329. සෝ භගවා ඉතිපි අජ්ඣත්තචින්තී:- සිය ආධ්‍යාත්මයට යොමුවූ සිතුවිළි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජ්ඣත්තචින්තී’ වන සේක.
330. සෝ භගවා ඉතිපි අජ්ඣත්තරතෝ:- සිය ආධ්‍යාත්මයෙහි පිහිටි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජ්ඣත්තරත’ වන සේක.
331. සෝ භගවා ඉතිපි අබද්ධෝ:- කිසිවකට නොබැඳුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබද්ධ’ වන සේක.
332. සෝ භගවා ඉතිපි අබන්ධනෝ:- කෙලෙස් බැමි දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබන්ධන’ වන සේක.
333. සෝ භගවා ඉතිපි අබ්භුතෝ:- පුදුම සහගත ගුණ දරණා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්භුත’ වන සේක.
334. සෝ භගවා ඉතිපි අබ්බූළ්හේසිකෝ:- තෘෂ්ණාව නම් වූ ස්ථම්භය මුලින් ම උදුරා දැමූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්බූළ්හේසික’ වන සේක.
335. සෝ භගවා ඉතිපි අබ්බූළ්හසල්ලෝ:- කෙළෙස් හුල් මුලින් උදුරා දැමූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්බූළ්හසල්ල’ වන සේක.
336. සෝ භගවා ඉතිපි අබ්‍යග්ගමානසෝ:- මැනවින් එකඟ වූ මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්‍යග්ගමානස’ වන සේක.
337. සෝ භගවා ඉතිපි අබ්‍යාපජ්ඣාධිමුත්තෝ:- ක්‍රෝධය ක්ෂය වී ගිය නිවන ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්‍යාපජ්ඣාධිමුත්ත’ වන සේක.
338. සෝ භගවා ඉතිපි අබ්‍යාපජ්ඣප්පත්තෝ:- ක්‍රෝධය දුරු වී ගිය නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්‍යාපජ්ඣප්පත්ත’ වන සේක.
339. සෝ භගවා ඉතිපි අමතෝ:- නොමියෙන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමත’ වන සේක.
340. සෝ භගවා ඉතිපි අමතෝගධෝ:- අමා නිවනේ බැස ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතෝගධ’ වන සේක.
341. සෝ භගවා ඉතිපි අමතප්පත්තෝ:- අමා නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතප්පත්ත’ වන සේක.
342. සෝ භගවා ඉතිපි අමතස්සදාතා:- ලොවට අමෘතය දන් දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතස්සදාතා’ වන සේක.
343. සෝ භගවා ඉතිපි අමතද්දසෝ:- අමා නිවන දුටු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතද්දස’ වන සේක.
344. සෝ භගවා ඉතිපි අමතපරියෝසානෝ:- අමා නිවන් සුව කෙළවර කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතපරියෝසාන’ වන සේක.
345. සෝ භගවා ඉතිපි අමතගතෝ:- අමා නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතගත’ වන සේක.
346. සෝ භගවා ඉතිපි අමතදස්සී:- අමා නිවන ප්‍රත්‍යක්ෂ ලෙස දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතදස්සී’ වන සේක.
347. සෝ භගවා ඉතිපි අමතරතෝ:- අමා නිවනට කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතරත’ වන සේක.
348. සෝ භගවා ඉතිපි අමතකුසලෝ:- අමා මහ නිවනට දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතකුසල’ වන සේක.
349. සෝ භගවා ඉතිපි අමතාවහෝ:- අමා නිවන් සුව ගෙන දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතාවහ’ වන සේක.
350. සෝ භගවා ඉතිපි අමතාධිගතෝ:- අමෘතය ලැබ ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතාධිගත’ වන සේක.
බුදු ගුණ අනන්ත යි...!!! -- (දහසයවන කොටස)
302. සෝ භගවා ඉතිපි අභිනිබ්බුතත්තෝ:- වෙසෙසින් නිවී ගිය ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනිබ්බුතත්ත’ වන සේක.
303. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසිතෝ:- විශිෂ්ඨ ඤාණයෙන් නිවන් මග සම්පූර්ණ කළ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤාවෝසිත’ වන සේක.
304. සෝ භගවා ඉතිපි අභිධම්මකුසලෝ:- ගම්භීර ධර්මයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිධම්මකුසල’ වන සේක.
305. සෝ භගවා ඉතිපි අභිවිනයකුසලෝ:- ගැඹුරු විනයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිවිනයකුසල’ වන සේක.
306. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තෝ:- විශේෂ ඤාණයන්ගෙන් යුතු ව බඹසර දිවි ගෙවා පරතෙරට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්ත’ වන සේක.
307. සෝ භගවා ඉතිපි අභීතෝ:- අභීත පුරුෂෝත්තමයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභීත’ වන සේක.
308. සෝ භගවා ඉතිපි අභීරු:- කිසිවකට බිය නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභීරු’ වන සේක.
309. සෝ භගවා ඉතිපි අරහං:- සියළු කෙලෙසුන් දුරු කොට ලොවේ සියළු පූජාවන්ට සුදුසු වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරහං’ වන සේක.
310. සෝ භගවා ඉතිපි අරසරූපෝ:- රූප රස, ශබ්ධ රස, ආදී පංච රසයන්ට ඇති තෘෂ්ණාවේ මුල් සුන් කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරසරූප’ වන සේක.
311. සෝ භගවා ඉතිපි අරණෝ:- ‛රණ’ නම් වූ කෙළෙසුන් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරණ’ වන සේක.
312. සෝ භගවා ඉතිපි අරත්තෝ:- කාමයන්ට නො ඇලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරත්ත’ වන සේක.
313. සෝ භගවා ඉතිපි අරියෝ:- තුන් ලොවෙහි පරම ආර්යයන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරිය’ වන සේක.
314. සෝ භගවා ඉතිපි අරියසීලෝ:- ආර්ය සීලයකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියසීල’ වන සේක.
315. සෝ භගවා ඉතිපි අරියප්පත්තෝ:- පරම උත්තමභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියප්පත්ත’ වන සේක.
316. සෝ භගවා ඉතිපි අරියද්දසෝ:- පරම උත්තමභාවය වූ නිවන දුටු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියද්දස’ වන සේක.
317. සෝ භගවා ඉතිපි අරියවංසෝ:- පුරාණ සම්බුදුවරුන් ගේ පරපුරට අයත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියවංස’ වන සේක.
318. සෝ භගවා අරඤ්ඤකෝ:- අරණ්‍යයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරඤ්ඤක’ වන සේක.
319. සෝ භගවා ඉතිපි අරෝසනෙය්‍යෝ:- කිසිවෙකු විසිනුදු නො පෙළිය යුතු වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරෝසනෙය්‍ය’ වන සේක.
320. සෝ භගවා ඉතිපි අඝවිනයෝ:- සියළු දුක් නැසූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඝවිනය’ වන සේක.
321. සෝ භගවා ඉතිපි අළාමකෝ:- අළාමක දිවි ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අළාමක’ වන සේක.
322. සෝ භගවා ඉතිපි අලිප්පමානෝ:- ලෝකයෙහි නො තැවරෙනසුලු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලිප්පමාන’ වන සේක.
323. සෝ භගවා ඉතිපි අලීනචිත්තෝ:- කිසි දිනෙක පසුබට නො වන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලීනචිත්ත’ වන සේක.
324. සෝ භගවා ඉතිපි අලෝලෝ:- ලෝල නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලෝල’ වන සේක.
325. සෝ භගවා ඉතිපි අලෝභෝ:- ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලෝභ’ වන සේක.


















45