Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සදා සැනසිල්ල වේවා!

On Friday, October 30, 2009



හුදෙකලාව සුන්දර යි...! (5 කොටස)

On Thursday, October 29, 2009




හුදෙකලාව සුන්දර යි...!
(3 කොටස )


ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි

දයාබර පින්වත් යාලුවේ,

ඔයාගෙ ත් මගෙ ත් ජීවිත වලට දුක-සැප, සිනහව-කඳුල කියන්නෙ ආගන්තුක දේවල් නෙමේ. හැම කෙනෙකු ගෙ ම ජීවිතේ ඒ දේවල් අතර දෝලනය වෙනව. ඉතින් අන්න ඒ ජීවිතේ ට දුක වගේ ම සැපත් සිනහව වගේ ම කඳුල ත් කැන්ඳගෙන එන්න පුලුවන් පිරිසක් මේ ලෝකෙ ඉන්නව. දන්නව ද කවුද කියල. ඒ තමයි අපි ඇසුරු කරන යාලුවො.

යාලුවො නිසා අපේ ජීවිත වලට සතුට ලැබෙනවා. ඒ වගේ ම දුක ලැබුණු අවස්ථාත් ඔයාට මතක ඇති. මේ ලෝකයේ විවිධාකාර යාලුවො ඉන්නවා. හැබැයි ඒ යාලු මිත්‍රයින් අතරින් බුදු රජාණන් වහන්සේ අනුමත කළේ කළ්‍යාණ මිත්‍ර ඇසුර විතර යි. කළ්‍යාණ මිත්‍රය කියන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඔයාටත් මටත් කියල දීල අපිව යහමගට යොමු කරන කෙනාට යි. ඒ කෙනා අපිට අනුකම්පා කරනවා.

හැබැයි ඉතින් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොන යාලුව ගැන උනත් කෙළෙස් සහගත බැඳීමක්, කෙළෙස් සහගත අනුකම්පාවක් ඇති කරගත්තොත් ඒ දේ මුල් කරගෙන අපිට උපදින්නේ දුක ම විතර යි. ඒක සනාතන ධර්මයක්. කෙළෙස් සහගත අනුකම්පාවෙන් යාලුවන්ට උදව් කරන්න යෑම නිසා දුක උපදින බව හොඳින් ම තේරුම් අරගෙන, තනි අඟක් ඇති කඟවේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවපු තවත් එක පසේ බුදු රජාණන් වහන්සේ නමක් ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. දැන් ඔයා දන්නව නෙ අපි මේ පසේ බුදු රජාණන් වහන්සේලා ගැන ඉගෙන ගන්නේ මොන සූත්‍ර දේශනාව ඇසුරින් ද කියල. ඒක මම ආයිමත් ඔයාට මතක් කරලා දෙන්නම්. ඒ සූත්‍ර දේශනාවේ නම ඛග්ගවිසාණ සූත්‍රය. අද අපි ඉගෙන ගන්නෙ ඒ සූත්‍රයේ තුන් වැනි ගාථාව.

තුන්වැනි ගාථාව
මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධචිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝචරේ ඛග්ගවිසාණකප්පෝ

මිත්‍රයින්ට ත් සුහෘදයින්ට ත් බැඳුනු සිතින් යුතු ව අනුකම්පා කරන කෙනා, යහපත විනාශ කරගන්නවා. මිතුරුකමේ තිබෙන මෙන්න මේ බිය දකිමින් තනි අඟක් ඇති කඟවේණෙකු සේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.



මේ ගාථාවේ අතීත සිදුවීම:-

දයාබර යාලුවේ,

අපි මේ ඉපදිලා ඉන්න කල්පයට කියන්නේ මහා භද්‍රකල්පය කියල යි. ඔයා ඒක දන්නව නෙ නේද? එහෙම කියන්න හේතුව තමයි මේ කල්පය අසිරිමත් බුදු රජාණන් වහන්සේලා පස් නමකගෙන් ම ශෝභමාන වීම. ඉතින් මේ කල්පයේ තෙවැනි සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැටියට ලොව්තුරා බුද්ධත්වයට පත් වී වදාළේ කාශ්‍යප නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. අපි කථා කරන මේ ඛග්ගවිසාණ සූත්‍ර දේශනාවට පදනම සැකසුනේ අන්න ඒ කාශ්‍යප නම් වූ බුදු රජාණන් වහන්සේ ගේ සම්බුදු සසුන ලෝකයේ බැබලුනු ඈත අතීතයේ දී යි.

ඉතින් කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ සම්බුදු සසුන තුළ තවත් එක්තරා පින්වත් දරුවෙක් පැවිදි බිමට පත් වුනා. පැවිදි බිමට පත්වෙලා බොහෝම හොඳින් ශීලාදී ගුණ ධර්ම පූර්ණය කරගනිමින් බොහෝ කාලයක් පැවිදි සුවයෙන් කල්ගත කළා. කලුරිය කළායින් පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තමන් සිදු කරගන්නට යෙදුනු කුසල කර්මයන් ගේ බලයෙන් සුගති ලෝකයක ඉපදුනා. ඒ ලෝකයේ ආයුෂ නිමා වුනායින් පස්සේ බරණැස් නුවර රජතුමා ගේ අග මෙහෙසිය ගේ කුසේ පිළිසිඳ ගත්තා. දස මාසයකට පස්සේ ලෝකය සුන්දර කරන්න පුංචි කුමාරයෙක් බිහි වුනා.

සමහර විට ඔයාට මෙතන දී පුංචි ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්.

මොකද අපි කලින් කථා කරපු පසේ බුදු රජාණන් වහන්සේලා ඉපදුනෙත් බරණැස් රජ පවුලෙ ම යි. හැබැයි ඒ එක ම බරණැස් රජතුමා නෙමෙයි. බරණැස් රජ පරපුරක්. දැන් ඔයාට තේරෙනව නෙ එක ම නම තියෙන පිය රජවරු ඇති ව උපදින්න හේතුව. ඉතින් අන්න ඒ කුමාරයා, ක්‍රමයෙන් වැඩි වියට පත් වෙලා බරණැස් නුවර රජතුමා හැටියට අභිෂේක ලැබුවා. රජකම් කළත් මේ රජතුමා හොඳින් බණ භාවනා කරලා පළමු වැනි ධ්‍යානය උපදවා ගත්තා. ශ්‍රමණ ගුණධර්ම රජකමට වඩා ඉතා උසස් බව නුවණින් තේරුම් ගත්ත මේ පින්වත් රජතුමා පසු කලෙක දී ඇමතිවරුන් හතර දෙනෙකුට තමන් ගේ රාජ්‍ය භාර දීල, මුලුමණින් ම භාවනා කරන්ට පටන් ගත්තා. හැබැයි ඇමතිවරුන්ට රාජ්‍ය භාරදුන්නේ එක පොරොන්දුවක් ඇතු ව යි. ඒ තමයි, දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය ගෙනියනවා කියන පොරොන්දුව.

නමුත් ඒ ඇමතිවරු පොරොන්දුව රැක්කේ නැහැ. නොයෙකුත් අධාර්මික කටයුතු කරන්ට පටන් ගත්තා. අල්ලස් අරගෙන හිමිකරුවන් ගේ හිමිකම් අහිමි කළා. අයිති නැති මිනිස්සුන්ට බඩු බාහිරාදිය පවරලා දුන්නා.

(මතු සම්බන්ධ යි..)

Just Before The Final Moment........

On



We believe that you have spent at least 10-15 years in your lives since birth. So guys, how is life……? That’s not to answer but for you to think about. But again age is not a real concern in understanding the topic we are going to discuss today. Alright, The Final Moment…….. Do you think it’s too early to talk a about a topic as such? We know it’s not one of the most interesting topics to talk about but……. on what basis do we postpone it? What kind of a guarantee you and we have to say that we are going to get another chance to talk on this? Right now you might be at your office sitting in front of your desktop reading this…... or relaxing on a couch looking at your laptop…… or on move staring at your palmtop or the mobile phone. Are you very sure that you’ll be able to finish reading this little article? People who are sitting on a chair or relaxing on a couch….. What’s the guarantee you have to say that you’ll be able to get up from your current posture? You may have a guarantee from the manufacturer of your chair or couch to repair or replace if broken…. but what about you as a person who is holding an extremely fragile life? Have your parents given you any such guarantee…..? Your siblings, relatives, colleagues, friends, spouse, children or at least your GP? No…. Nobody could prevent you from that fateful occurrence. Death is something that you should expect at anytime…… it could be the next moment. The purpose of this little effort is not at all to fill you up with any unwanted fear of death but to give you some sort of an idea or insight about the risk we all have in our lives that we are not really concerned of.


There was a person appeared on this earth about 2600 years ago in a land called ‘Dambadiwa’, known as ‘Shakyamuni Gautama’….. The greatest human being appeared ever on this earth ‘The Buddha’. He taught us…… What this life is….. How it begins….. How it continues….. How it ends…… and most importantly ‘Why’ all these happen…..? and finally how to get rid of this ‘curse’.


As we discussed earlier, none of us could predict on our final moment. Just because of that, we have to expect it at anytime. In the meantime one might raise his voice and say “I’m ready for that. I’m not afraid or worried of death at all”. Excellent…. but only if your mind is ready to accept those words when the time comes. That is the challenge you are going to face and that is for you to think about further. As long as we are young, energetic, healthy and capable in our lives we do not really feel the warmth of death. We are not even bothered to think of it because our minds are fully covered and get blinded with the reasons we just mentioned. It is a fact which was hidden from our wavy minds but was uncovered on his own and discoursed by the Lord Buddha. Further on he teaches us that real problem is not the death but what happens to this soul subsequently. Did you ever get a chance to think of that? There are millions of different ideas on the board about life, death and also of rebirth. A person who has never come across of Dhamma (the truth) will definitely get lost in that pool of ideas. That is because he or she doesn’t know what the truth is. For some reason, it might have been hidden from you so far.


This is an era that everybody tries to see everything in a laboratory before they believe, accept or confirm it. But before 2600 years, such artificial minds or environment did not exist. They saw the utmost truth through their developed minds. Not through test tubes or microscopes. They got connected with other worlds through their super powers, gained with developed minds. The current set up we find around us along with extreme negativity and covertness of our minds prevent us from grasping this utmost truth..…… The Buddha shows us that this life is just another segment of this unending Sansara (the wheel of suffering) where we can neither find a beginning nor end. Today luckily we are here as human beings but tomorrow……? You could be a pig eating shit or a crow eating garbage and you are not limited to. This is the risk we have been discussing right from the beginning and the darkest side that most of us are not aware of. The above is just a single example. The Buddha teaches us that there are few more worlds where a birth could take place such as Devà -deities, Manussa -humans, Bhuto -goblins, Peto -ghosts, Tiraccàna -animals and the Niraya -infernal world or the hell. This birth could happen from an egg, from a mothers’ womb, in wet environment or even spontaneously. Most importantly all these things happen for a reason. Without a reason nothing could happen….. Nothing at all.


So today we are here with a human life for a reason. The reason is the consequences of Karma (good & bad deeds in previous lives). Nobody else could decide your next destination other than what you did and what you do. That is the sole decider. If you have done ‘Good’…… you could be a bit relaxed. If you have done ‘Bad’…..??? Sorry. No comments.


Remember at the beginning the matter we had to discuss was the ‘Death’. But if you read this carefully and directed your mind in the right way, you should be thinking of one step ahead. What is the real problem…… death or the rebirth….?


That is for you to think about….. Until we meet up again.


16 Dreams of King Kosala (part 03)

On Wednesday, October 28, 2009




ඉතින් කොසොල් රජතුමා තමන් දුටු පස්වෙනි සිහිනය ගැන ත් බුදු රජාණන් වහන්සේ ට මේ විදියට ප්‍රකාශ කළා.

"සවාමීනි, මම දෙපැත්තෙන් ම කටවල් දෙකක් තියෙන අශ්වයෙක් ව දැක්කා. ඒ අශ්වයාට ඒ කටවල් දෙකෙන් ම කන්න පුලුවනි. ඉතින් ඒ අශ්වයා දෙ‍පැත්තෙන් ම කනවා. මේක තමයි මම දැක්ක පස්වෙනි හීනය. මේ හීනයේ විපාක මොනවා ද?"

"මහරජතුමනි, මේ හීන‍යේ කරුණු ත් අනාගතයේ අධර්මිෂ්ඨ වූ රජදරුවන් කාලයේ තමයි ඇති වන්නේ. අනාගතයෙහි අධාර්මිෂ්ඨවූ අඥාන වූ රජදරුවෝ තමනුත් අධර්මිෂ්ඨ වෙලා අධර්මිෂ්ඨ මිනිසුන් ව නඩු විසඳීම පිණිස, අධිකරණ වල යොදවනවා. ඒ මිනිස්සුන්ට කුසල් අකුසල් ගැන වැටහීමක් නැහැ. ඒ අය අධිකරණ ශාලාවේ විනිශ්චය කරන්නට ගිහින්, පැමිණිලි කරුවන් අතින් වගේ ම විත්ති කරුවන් අතිනුත් අල්ලස් ගන්නවා. හරියට කටවල් දෙකකින් කන අශ්වයා වගේ දෙපැත්තෙන් ම අල්ලස් කනවා. ‍මේ හීනය නිසා ඔබට භයක් ඇති වන්නේ නැහැ. හය වෙනි සිහිනය ත් කියන්න."

එතකොට කොසොල් රතුමා තමන් දැක්ක හය වෙනි සිහිනය මේ විදියට ප්‍රකාශ කළා.

"ස්වාමීනි, මහජනයා ලක්‍ෂයක් වටිනා රන්තලියක් අරගෙන මේක මැද මුත්‍රා කරන්ට යැ යි කියා, එක්තරා නාකි නරියෙක් අසල ඒ තලිය තැබුවා. ඒ නාකි කැනහිලා ත් ඒ ඝනරන් තලියේ මුත්‍රා කළා. මේක තමයි මම දැක්ක හය වෙනි හීනය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේකට විපාක මොනවා ද?"

"රජතුමනි, මේ සිහිනයට ත් විපාක අනාගතයේ ම යි සිදු වන්නේ. මහරජ අනාගතයෙහි ජාතිසමපන්න නො වන්නා වූ අධර්මිෂඨ රජදරුවෝ ජාති සමපන්න කුලපුත්‍රයන්ට 'මොවුන් අපට කිසියම් අනතුරක් කරයි දෝ..?' කියන සැකයෙන් යුතු ව යසස් ලබා දෙන්නේ නැහැ. ජාති සම්පන්න නො වන අයට යසස් ලබා දෙනවා. ඒ පිරිස් ම වර්ධනය කරනවා. මේ නිසා මහා සම්පත් ඇති ජාතිසම්පන්න මිනිසුන්ට ජීවත් වී ගන්නට නො හැකි වෙනවා. ඒ නිසා ඔවුන් ජීවත් වීම පිණිස, ජාති සම්පන්න නො වන අයට දූ දරුවන් පාවා දෙනවා. මේ විදියට ඒ ජාති සම්පන්න කුලදූවරුන්, ජාති සම්පන්න නො වන අය ත් සමග කරන සංවාසය හරියට නාකි හිවලෙක් රන්තලියක මූත්‍රා කරනවා වගෙ යි. මේ සිහිනයෙනු ත් ඔබට නම් භයක් ඇති වන්නේ නැහැ. එම නිසා හත් වැනි සිහිනය ත් ප්‍රකාශ කරන්න."


"සවාමීනි භාග්‍යවතුන් වහන්ස, එක මිනිහෙක් ලනුවක් අඹර අඹරා තමන් ගේ පාමුල තබනවා. ඒ පුරුෂයා ඉඳගෙන හිටපු පුටුව යට වැතිරිලා ඉන්න හැකිලුනු කුස ඇති හිවල් දේනුවක්, ඒ පුරුෂයාට නො දැනෙන විදියට ඒ ලනුව කනවා. මේක තමයි මම දැක්ක හත් වෙනි හීනය. ස්වාමීනි, මේ මගේ හත්වෙනි හීනයට විපාක මොනවා ද?

"මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ ම යි. මහරජතුමනි අනාගතයේ සත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වෙනවා. ලස්සනට සැරසෙන්නට ලොල් වෙනවා. පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න ලොල් වෙනවා. සැප සම්පත් වලට ලොල් වෙනවා. දුශ්ශීල වෙනවා. දුරාචාරයේ හැසිරෙනවා. ඒ විදියට කාමයන්ට ලොල් වුන ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයන් ගොවිතැනින්, වෙළඳාමෙන් ආදියෙන් බොහෝ වෙහෙස මහන්සි වී රැස් කරන ධන සම්පත් ආදිය හොර මිනිසුන් සමග එක් වී, මත් පැන් බොමින්, සැරසෙමින්, සුවඳ ගල්වමින්, මල් පළඳමින්, විනාශ කරනවා. නිවෙස් වල අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කටයුතු පවා මග හරිනවා. ඔවුන් විමසිලිමත් වන්නේ සොර සැමියන්‍ ‍ගේ යාම් ඊම් ආදිය කෙරෙහි යි. වැපිරීමට තිබෙන ධන ධාන්‍ය ආදිය පවා වැය කරමින් සොර සැමියන්ට කෑම් බීම් ආදිය සපයනවා. සිය ස්වාමියා වෙහෙස වී රැස් කරන ධනය සොර මිනිසුන් සමග එක් වී ඒ අයුරින් කා දමනවා. එය හරියට ලණුව අඹරන මිනිසා‍ ගේ පුටුව යට සිටින කැනහිල් දේනුව හොරෙන් ම ඒ වර මන්ද කා දමනවා වගෙයි. මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා අටවැනි සිහිනය ත් කියන්න."

(මතු සම්බන්ධ යි..)


(This article is written with the assistance of jathakakatha.org)

'ගෞතම සංදේශය'





ශාක්‍ය පුත්‍ර වූ, අංගීරස වූ, තුන්ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

පෙරවදන:

පුරා පන්සාළිස් වසක් දඹදිව් තළය සිසාරා දම් සුවඳ විහිදාළමින්, දම්සක් හඬින් තුන්ලොව ඒකාත්මික කළ ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය තුළ කැටිවූ පරමෝත්තම, සත්‍යවාදී ලෝ දහම සියළු දෙව්-මිනිසුන්ගේ යහපත, හිතසුව පිණිස පැහැදිලි, සරළ, ප්‍රායෝගික සිංහලෙන් විවිධාකාර සමාජ පැතිකඩයන් හා කාලීන මාතෘකා ඔස්සේ මෙලෙස කොටස් වශයෙන් ඔබ අතට පත්වේ.

මේ සියළු වෑයම් එකම එක කරුණක් අරභයාම වන්නේම ය.

මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....


උතුම් ගෞතම සසුනේ සුවඳ විඳින පින්වත් මිතුරනේ,


අවබෝධය හා මුලාව කියන්නේ එකිනෙකට පරස්පර
, විරුද්ධ, අහසයි පොළොවයි වගේ වචන දෙකක් නෙ. නමුත් අද අපේ වෑයම මේ සුන්දර හෙළ බසත් එක්ක ගැටෙන්න නම් නෙවෙයි...... අපි හැමෝටම බලපාන, නමුත් බහුතරයකට නොතේරෙන, පිරිසක් නොදන්නා, තවත් පිරිසක් තමුන් නොදන්නා බවවත් නොදන්නා ඉසව්වක් වෙත ගෞතම සංදේශය තුළින් ඔබ කැන්දාගෙන යන්නයි. බයවෙන්න එපා...... අපි පාර පෙන්නන්නම්.


දියුණු යැයි උදම් අනන, නමුත් බිංදුවටම පිරිහී යන මේ ලෝකෙ විෂමකාරී සමාජ රටාවත් එක්ක සුන්දර මනුෂ්‍ය චිත්ත සන්තාන අදහාගන්න බැරි තරමට දරුණු වෙලා. හොඳ-නරක, හරි-වැරැද්ද...... නෑ නෑ ඒවාට නම් තැනක් ඇත්තේම නැති තරම්. කවුරු හරි කෙනෙක් කියන ඕනම දෙයක් හිස්මුදුනින් පිළිගන්න තරම් මේ මෝඩ හිත් නීච වෙලා. ඇයි අපට මෙහෙම වුනේ....? පොඩ්ඩක් ඉන්න. අතුරු ප්‍රශ්නයක්....... අපට ඇත්තටම එහෙම වෙලා ද?....... හ්ම්හ්.... බලාගෙන ගියාම ඒකත් හොඳ ප්‍රශ්නයක් තමා.


අපි මෙහෙම හිතමු..... ඔන්න ඇමරිකාවෙන් නිෂ්පාදනය කරනව බෙහෙතක්. සිරප් එකක්. බෝතලේ මෙහෙම ගහල තියෙනව. (හැබැයි සිංහලෙන් නම් නෙවේ)

වයසට යාම ඔබටත් ප්‍රශ්නයක් ද? හිසකෙස් සුදු වීම, කෙස් හැලී යාම, සම රැලි වැටීම, දත් හැලීම, හතලිස් ඇඳිරිය ආදී මෙකී නොකී සියළු වයසට යාම්, ජරා-ජීර්න වීම් සතියෙන් නවතාලන, ඔබේ නැති වී ගිය තරුණ පෙනුම, ජවය නැවත ලබාදෙන, ඔබ කිසිදා වයසට නොයන යුරෝපාකරයේ අති ජනප්‍රිය, විශ්වාසදායී අත්දුටු ප්‍රතිකාරය......

ප්‍රමාද වී පසු තැවෙන්න එපා!

අඩංගු දෑ: මිනිස් මළ, බලු මුත්‍රා, උක් පැණි, අනුමත සුවඳ වර්ග හා රසකාරක

…… මොකද හිතන්නේ? ට්‍රයි එක දීල බලමු ද? නැති වෙන්න දෙකුත් නැහැනෙ. මොනව දාල කොහොම හැදුව උනත් බිව්වොත් ගොඩනෙ. හැමදාම කොල්ලො-කෙල්ලො වගේ ඉන්න පුළුවන් වයසට නොයා... නිකමට හිතල බලන්න. ඔබ මොනව කරයි ද? හැබැයි ඔයාගෙ හැඟීම කාටවත් කියන්න යන්න එපා. මොකද ඒ අය හිනාවෙන්න පුළුවනි. අමතක කරන්න එපා....... ඒ හිනාවෙන බහුතරයක් කරන්නෙත් ඔය දේම තමයි. මේ ජීවිතේ යථා ස්වභාවය දන්නෙ නැති කෙනා, ලෝ දහමට අනුව උපන් සත්වයාට නිතැතින්ම උරුම වූ ජරා, මරණ ගැන නොදන්න, නොඅදහන කෙනා අර අසූචි සිරප් එක බොන්නෙ නැද්ද???? හොරෙන්, අමාරුවෙන්, නහයත් වහගෙන ලස්සන වෙන්න කියල වදකහ බීපු අපේ කට්ටිය (පස්සෙ වමනෙ ගිය එක වෙනම කතාවකි) ඔය හොඳ රහට-සුවඳට එන සිරප් එක නොබී ඉඳී ද???? ඕක තමා තිත්ත ඇත්ත. ඔන්න ඕක තමයි 'මුලාව'....


ඒ එක පුංචි උදාහරණයක් (ගැටෙන්න නෙවේ, හිතන්න)..... නමුත් මේ මුලාව විවිධාකාරයි. සමහර වෙලාවට අපට හඳුනගන්නත් බැරි තරමට. අපි මේ වැටිල ඉන්න මුලාව ගැන අපට ආදරයෙන් කරුණු කාරණා පෙන්නලා දීලා ඒ සොඳුරු වූත්, පරම ගම්භීර වූත් අවබෝධය කරා අපව යොමු කළේ, අප මුළු හදවතින් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේම යි.


උන්වහන්සේ 'ලෝක විදූ'.... සියළු ලෝක පිළිබඳ දන්නා, දක්නා ලද නුවණින් යුක්තයි. ඒ තරම් දැක්මක්, අවබෝධයක් මේ තුන් ලෝකයේ වෙන කිසිම පුද්ගලයකු සතු වුනේ නැහැ. සතු වෙන්නෙත් නැහැ. බුදුවරයකුම හැරෙන්නට....... උන්වහන්සේ පෙන්වා දෙනවා මේ මිනිස්සු මුලාවෙ වැටෙන ආකාරය. මුලාවෙ වැටිල දුක් විඳින ආකාරය. මොහොතක තාවකාලික සැපයට මුවාවෙලා, සැඟවිලා එන අනේකවිධ දුක්-දොම්නස් උන්වහන්සේ පෙන්වා දෙනවා. මේ මුලාවන් පස්සේ ගිහිල්ලා රැස්කරගන්න නානාප්‍රකාර කළු-සුදු කර්ම, සංසාරේ අපේ පිටිපස්සෙන් ඇවිල්ල පලදෙන ආකාරයත් මනාව පෙන්නල දෙනවා. අනන්ත වූත්, අනියත වූත්, බිහිසුනු, බියකරු සසර ගමනක හිරවෙලා ඉන්න මේ සත්වයාගෙ, ඒ කිව්වේ ඔබේ-මගේ, මේ දුක් පොදියක් කරගහගෙන යන සංසාර ගමනේ යම් නැවතීමක් වෙත් ද, අන්න ඒ විජයග්‍රහණයේ ප්‍රධානම නිර්ණායකය වෙන්නෙත් අපි අද මේ කතා කරන මුලාව සහ අවබෝධය අතර ඇති වෙනසම යි. අද ලෝකෙ කොයි තරම් නම් ආගම් තියෙනව ද? විවිධාකාර නම් වලින්. විවිධාකාර මතවාද දරන. නමුත් මේ සියල්ලම අතරින් මනුෂ්‍යයාගේ සැබෑ යහපත සලසන්නේ කවුද.... කොහේද.... කොහොමද.....? මේ ප්‍රශ්න ඔබේ බුද්ධිමත් මනස අභියස ඉතිරි කරල අපි ඉදිරියට ඇදෙනවා.


මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....


මතු සබැඳි....


අපි භාවනා කරමු 1 (page 01)

On Monday, October 26, 2009



අපි භාවනා කරමු 1 (page 02)

On



නෙත සනසන දසුන්....

On



සසුන් මග හොබවන, ගරුතර ස්වාමීන් වහන්සේලා ‍ගේ ත්, උන්වහන්සේලා බවුන් වඩන විහාර ආරාම ආදියේ ත් සුන්දර දසුන් දැක්වෙන, පින්තූර ඇල්බම් කිහිපයක් හමු වුනා..ඉතින් ඒ ලින්ක්ස් ඔබ ත් සමග බෙදා ගන්නට සිතුනා.

කැමති නම් පහත වෙබ් ලිපිනයන්ට ගොස් ඒ සොඳුරු දසුන් නරඹන්න..

තෙරුවන් සරණ යි..



Let's Meditate ( part -04)

On Sunday, October 25, 2009




මඟ දුටු අයගේ ස්වභාවය

නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ....

එතකොට යම් කෙනෙකුට මේ බුද්ධ වචනයට, බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධයට පහදින්න පුළුවන් නම් එයා තුළ කලබලයක් හට ගනියිද, එහෙම නැත්නම් ඉවසීම හට ගනියිද? ඒක ධර්මතාවයක්. එයාට කලබලයක් එන්න හේතු නෑ. ඇයි කලබලයක් එන්න හේතු නැත්තේ...? උවමනා දේ මුණ ගැහිලා. අපට යමක් ද උවමනා කරන්නේ ඒ උවමනා කරන දේ මුණ ගැහුණ නම්, එයාට කලබල වෙන්න හේතුවක් නෑ.

අපිට දුකින් නිදහස් වීම උවමනායි නම් ඒ උවමනා කරන මඟ ලැබුණ නම්, මඟ දැක්ක නම් එයාට කලබල වෙන්න දෙයක් තියෙනවද? එයාට ශෝක කරන ස්වභාවයෙන් නිදහස් වෙන්න උවමනායි නම්, ඒ උවමනාවට අදාළ මඟ ලැබුණ නම්, මුණ ගැහුණ නම්, කලබල වෙන්න දෙයක් තියෙනවද? නෑ... එයාට සිත පිරිසුදු කරගන්න උවමනයි නම්, ඒ උවමනා කරන මඟ ලැබුණ නම්, මුණ ගැහුණ නම්, දැන් එයාට කලබල වෙන්න දෙයක් තියෙනව ද? නෑ. එයාට මේ ඤාණය ඇති කරගන්න උවමනයි නම්, ඒ සඳහා උවමනා කරන මඟ මුණ ගැහුණ නම්, ලැබුණ නම්, දැන් එයාට කලබල වෙන්න දෙයක් තියෙනව ද? නෑ.

එයාට නිවන අවබෝධ කරන්න උවමනයි නම්, ඒ උවමනා කරන මඟ මුණ ගැහුණ නම්, දැන් එයාට කලබල වෙන්න දෙයක් තියෙනව ද?... නෑ. දැන් ඔබ පිළිගන්නව ද සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයට එන කෙනා, සතිපට්ඨානයට පහදින දෙනා කලබල වෙන්නෙ නෑ කියන කාරණාව....?

එහෙනම් අපිට කලබලයක් තියෙනවා නම් ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක්ද? සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් නැහැ කියන එකයි. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම්, ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහගත්තා කියන එකයි. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඒකෙන් ගම්‍ය වන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසයක් නැත කියන එක. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක්ද? ශ්‍රද්ධාව තියෙනවා කියන එක.

බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි විශ්වාසයක් නැත්නම්, ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? ශ්‍රද්ධාව නැත කියන එක. දැන් තමා, තමා කෙරෙහි තීන්දුවකට එන්න පුළුවන් නේ ද? යම් කෙනෙක් කලබල වෙනවා නම් (ධර්මය පුරුදු කිරීම සම්බන්ධ ව) ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? ශ්‍රද්ධාව නැත කියන එක. යම් කෙනෙකුට ඉවසීම තියෙනවා නම් (ධර්මය පුරුදු කිරීම සම්බන්ධ ව) ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකක් ද? ශ්‍රද්ධාව තියෙනවා කියන එක.

දැන් යම් කෙනක් හිතුවොත් ‘මෙහෙ නම් මේක බෑ. මං දුවන්න ඕන කැලේ’ කියලා, ඒකෙන් ගම්‍ය වන්නේ් කුමක් ද? ඉවසීම නැත කියන එක. ඉවසීම නැත්නම් එතන තියෙන්නේ් මොකක් ද? ශ්‍රද්ධාව නැතිකම. දැන් අපිට මේ අපි ගැන යම් නිගමනයකට එන්න හොඳ පණිවිඩයක් නේ ද මේක...? දැන් එතකොට අපි එහෙ මෙහෙ ගියා කියලා ශ්‍රද්ධාව උපදවා ගන්නවත් මඟ සොයාගන්නවත් අපට පුළුවන් ද? බෑ.

එහෙනම් අපි ශ්‍රද්ධාව ඇති කරගන්නටත් එහෙම නැත්නම් මග සොයාගන්ටත් අප විසින් කළ යුත්තේ කුමක් ද?... සතිපට්ඨානය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීම යි. සතිපට්ඨානය කෙරෙහි පැහැදීම ඇති වන්නේ කුමක් මුල් කරගෙන ද? බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහාගැනීමෙන්. අන්න ඒ විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න පුළුවන් වන්නේ කුමක් මුල් කරගෙන ද? (අවබෝධය අදහාගැනීම නේ ශ්‍රද්ධාව කියන්නේ) ඉතින් ශ්‍රද්ධාවට එන්න පුළුවන් වන්නේ කුමක් මුල් කරගෙනද? නුවණින් කල්පනා කිරීමෙන්. යෝනිසෝමනසිකාරය උපදවා ගැනීමෙන්.

යෝනිසෝ මනසිකාරයට පැමිණීමෙන්. යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන්. යෝනිසෝ මනසිකාරයට එන්න පුළුවන් වන්නේ කුමක් මුල් කරගෙද? සද්ධර්ම ශ්‍රවණයෙන්. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කොහෙන් ද? කල්‍යාණ මිත්‍ර ඇසුරෙන්.

කල්‍යාණ මිත්‍රයා ඇසුරු කරනවා කියන්නේ මොකක් ද? කල්‍යාණ මිත්‍රයා යමක් ද කියන්නේ ඒක ඇත්ත යි, සත්‍යයි කියලා පිළිගන්නවා. ධර්මයට අනුව ගලපා බලනවා. ධර්මයේ තියෙන දේ තමයි කල්‍යාණ මිත්‍රයා කියන්නේ. ඒක පිළිගන්නවා. ඊට පස්සේ ඒ පිළිගත් දේ කියා දුන් දේ පුරුදු කරනවා. අන්න ඒ විදියට තමයි කළ්‍යාණ මිත්‍රයා ගේ ඇසුරට යන්නේ.

කල්‍යාණ මිත්‍රයා අප කෙරෙහි අනුකම්පා සහගත යි කියන අදහස අපට තියෙන්න ඕන. ඒ කල්‍යාණ මිත්‍රයා මගේ දියුණුවට කැමැති යි කියන අදහස අපි ළග තියෙන්න ඕන. එයා අපට කරන්නේ අනුශාසනාවක්. අවවාදයක් කියල අපි පිළිගන්න ඕන. කල්‍යාණ මිත්‍රයාගේ වචන ටිකක් සැර වුනත් එය හොඳ අවවාදයක් නම් ඒ සමඟ ගැටෙන්න හොඳ නැහැ. කල්‍යාන මිත්‍රයා අපට අනුකම්පා සහගතයි. අපේ දියුණුවට කැමැති යි. අපට අවවාද අනුශාසනා කරන්නේ’ කියලා අපි පිළිගත්තොත් අපි එයා ඇසුරු කරනව. ඒ ඇසුරේදී අපට සද්ධර්මශ්‍රවනය ලැබෙනවා.

ඒ ධර්මයට අනුව කල්පනා කරනකොට යෝනිසෝමනසිකාරය උපදිනවා අපට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කෙරෙහි විශ්වාසය ඇතිකරන්න. ශ්‍රද්ධාව උපදවා ගන්න අවස්ථාව අපට උපදිනවා. එමගින් අපට අවස්ථාව උදාවෙනවා සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. දැන් ඔබලාට සතිපට්ඨාන දේශනාව මුණ ගැහුණ ද නැද්ද? කොච්චර කලකට කලින් ද? බොහෝ කලකට කලින් නේ ද? අපට තාමත් මේ ඉවසීමේ ගුණය කියන එක තියෙනව ද? එහෙමනම් අපි විසින් සකසාගත යුතු දේ මොකක් ද? කල්‍යාණ මිත්‍ර ඇසුර. කල්‍යාණ මිත්‍ර ඇසුර අප විසින් දියුණු කරගත යුතු යි. අන්න එතකොට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා.

මේ කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක අතිශයින් ම දුෂ්කර ව ගොඩනගාගත යුතු එකක්. දුෂ්කර යි කියන්නේ, හරි ම කලාතුරකින් කෙනෙකුගේ ජීවිතයට බද්ධ වන දෙයක්. මං හිතන්නේ එක තමයි ලෝකයේ තිබෙන විරල ම කාරණාව. කලාතුරකින් සිදුවන දේ මොකක් ද? කල්‍යාණ මිත්‍ර ඇසුර ජීවිතයට සම්බන්ධ වීම. ලෝකයේ කලාතුරකින් සිද්ධවන දෙයක්.

ඒ නිසා ම තමයි නියපොත්තේ පස් ටික වගේ ටික දෙනෙක් මේ ධර්මය අවබෝධ කරන්නේ. විශාල පිරිසක් ධර්මය අහයි. විශාල පිරිසක් ධර්මය පාඩම් කරයි. විශාල පිරිසක් ධර්මය කියයි. ඒ දහම අවබෝධ කරන්නේ නියපොත්තේ පස් ටික වගේ ටික දෙනයි. හේතුව මොකක්ද? කල්‍යාණ මිත්‍ර ඇසුර කියන එක අතිශයින් සියුම් කාරණාවක් වීම. ඒක ලෝකයේ විරල ව සිදුවන කාරණාවක්. ලෝකයේ සුලභ නෑ ඒ සිද්ධිය. කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙනවා කියන කාරණාව, කළ්‍යාණ මිත්‍රයා ගේ ඇසුරට පත් වෙනවා. කියන කාරණාව, ලෝකයේ සුලභ ව සිදු වන්නේ නෑ. අතිශයින් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අන්න ඒ කලාතුරකින් සිද්ධ වෙන දේ සිද්ධ කරගන්ට කල්පනා කරන්න වෑයම් කරන්න.

අන්න එතෙන්ට අපට පිවිසෙන්න පුළුවන්කම ලැබුණොත් මේ ජීවිතේ කවදා හරි දවසක ඒක විශාල ලාභයක්. ඒක මේ ජීවිතෙන් පස්සේ කරන්න කල්පනා කරන්න එපා. ඒ නිසා අපි කල්පනා කළ යුතු යි මේ ජීවිතේ ඇතුළත කොහොම හරි කල්‍යාණ මිත්‍ර ඇසුරට එන්න ඕනෑ කියලා. අන්න එතකොට එයාට සද්ධර්මය ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය කියන මේ කාරණා තමන් ගේ ජීවිතය තුළ දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා.

එයාට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීමට අවකාශය උපදිනවා. පෑදෙනවා. අන්න එයාට සතිපට්ඨානය කෙරෙහි පහදින්න පුළුවන්කම තියෙනවා. අවස්ථාවක් උදාවෙනවා. අන්න එයා නිතැතින් ම ඉවසීම තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉවසීම තියෙන කෙනා ගේ ස්වභාවය තමයි සකසලා බණ භාවනා පුරුදු කිරීම ඉවසීම නැති කෙනා අර වේල්හතකින් බඩගින්නේ හිටපු කෙනාට කෑමක් ලැබුණ වගේ.

අත් දෙකෙන් ම පුළුවන් නම් කකුල් දෙකත් ළං කරල ඒ කෑම එක කටේ ඔබා ගන්න බලනවා. අන්න ඒ වගේ් තමයි ඉවසීම නැති කෙනා ගේ ස්වභාවය ‘දැං ඉතින් මං කරන්නං’ කියල පටන් ගන්නවා. අන්තිමට ටික දවසකින් අතහරිනවා. ‘මේක හරියන්නේ නෑ. කියන දේ නෑනේ... කියල අන්තිමට කියනවා.

ඉවසීම තියෙන කෙනා සකසලා කටයුතු කරනවා. පිළිවෙළකට කරනවා. තෝර බේරාගෙන කරන්න උත්සාහ කරනවා. අසා දැන ගනිමින් ඒ ගැටලු නිරාකරණය කරගෙන ඒක පුරුදු කරන්න වෑයම් කරනවා. ඒක ඉවසීම තියෙන කෙනා ගේ ස්වභාවය. ඇයි ඉවසීම තියෙන කෙනාගේ සිතේ ප්‍රසාදයක් තියෙනවා.

එයා තුළ ප්‍රමුදිත බවක් තියෙනවා. එයා තුළ නැවුම් බවක් තියෙනවා. එයා කණස්සල්ලෙන් වාසය කරන්නේ නෑ. ඇයි ඒ...? එයාට විශ්වාසයක් තියෙනවා කුමක් පිළිබඳව ද? එයාට ආරක්ෂාවක් තියෙන බව, ආරක්ෂිත තැනක් මුණ ගැහුණ බව එයා දන්නවා. ආරක්ෂිත දෙයක් මුණ ගැහුණ බව දන්න නිසා ම එයා තුළ බය සැක දුරු වෙනවා. ශ්‍රද්ධාවත් එක්ක යි එහෙම වෙන්නේ. පැහැදීමත් එක්ක ඒක යි වෙන්නේ.
(පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන් දහම් දෙසුමක් ඇසුරින් සකසක් කළ මෙම ලිපිය බුදු සරණ පුවත් පතින් උපුටා ගන්නා ලදි)
http://www.lakehouse.lk/budusarana/2009/10/17

16 Dreams of King Kosala (part 02)





ඉතින් කොසොල් රජතුමා තමන් දුටු දෙවනි සිහිනය ගැන මේ විදියට ප්‍රකාශ කළා.

දෙවෙනි සිහිනය...

"සවාමීනි, මම දෙවෙනි හීනේ දැක්කෙ මේ විදියට යි. කුඩාරුක් සහ ගස් පොළොව පලාගෙන උඩට ඇවිල්ලා, වියතක් විතර වත් රියනක් විතර වත් උසට හැදෙන්නෙ නැතිව තිබෙද්දි ම ඒවායේ මලු ත් පිපෙනවා. ගෙඩි ත් හැදෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේක තමයි මම දැක්ක දෙවෙනි හීනය. මේකේ විපාක මොනවා ද?"

"මහ රජතුමනි, මේ සිහිනයෙන් පෙනුන කරුණ ත් ලෝකය පිරිහෙන කාලයේ, මිනිසුන් ගේ ආයුෂ අඩුවුන කාලයේ තමයි සිදු වෙන්නේ. එම කාලයේ සත්වයින් අධික රාගයෙන් යුක්ත අය බවට පත් වෙනවා. නිසි වයසට පත් නො වූ කුඩා ගැහැණු ළමයි පිරිමින් සමග වාසය කරනවා. ඔවුන් ගර්භනී වී දරුවන් ලැබෙනවා. කුඩා ගස් වල මල් මෙන් ඔවුන් ගේ සෘතුමතී බව සිදු වෙනවා. එම ගස් වල ගෙඩි මෙන් දූ දරුවන් ලැබීම සිදු වෙනවා. මහරජතුමනි, මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා තුන්වෙනි සිහිනය කියන්න.

තුන්වෙනි සිහිනය...

"සවාමීනි භාග්‍යවතුන් වහන්ස, මම එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොනවා දැක්කා. ඒක තමයි මම දැක්ක තුන් වෙනි හීනය. මේකේ විපාක මොනවා ද?"

"ම හ රජතුමනි මේ සිහිනයේ කාරණා ත් සිදු වන්නේ අනාගත කාලයේ යි. ඒ අනාගත කාලයේ මිනිසුන් අතර පවතින වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය විනාශ වෙලා යනවා. දරුවෝ, මව් පියන්කෙරෙහි සහ නැදිමයිලන් කෙරෙහි ලැජ්ජාභයක් නො මැතිව තමන් ට ම කැමැති කැමති අය ත් සමග අවාහ විවාහ ආදිය කර ගන්නවා. ගෙවල් දොරවල් හදා ගන්නවා. ගෙවල් දොරවල් වල පාලනය තමන් අතට ගන්නවා. කැමති අය විතරක්

වැඩිහිටියන්ට කන්ට බොන්ට අදින්ට පලදින්ට දෙනවා. අකමැති අය නො දී ඉන්නවා. ඒ වැඩිහිටියන්, ගුරු දෙමව්පියන් අනාථ වෙනවා. අසරණ වෙනවා. තමන් ට ස්වාදීනව ජීවත් වෙන්නට නො හැකි තත්වයට පත් වෙනවා. එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොන්නාක් වගේ දරුවන් ගේ සිත් දිනාගෙන ඔවුන් කියන කියන විදියට ජීවත් වෙන්නට සිදු වෙනවා.‍ මේ කාරණයෙනුත් මහරජතුමනි ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා දැන් හතර වෙනි සිහිනය කියන්න."

හතර වෙනි සිහිනය....

" ස්වාමීනී, ආරෝප පරිණාහ සම්පන්න, මහ ගොනුන් අගට යොදා තරුණ වූ ගොන් නාම්ඹන් කරත්තවල, බර ඇදීම සඳහා මුලට යොදනවා. ඒ ගොන් නාම්ඹන්, මුලට දැම්මට පස්සේ බර ඇද ගන්නට බැරිව කරෙන් විය ගහ පැත්තකට දමා සිටිනවා මම දැක්කා. ඒ නිසා ගැල් කරුවන්ට කැමති තැනකට ගිහින් වෙළහෙළඳාම් කටයුතු ආදිය සාර්ථක කර ගන්නට පුලුවන් වුණේ නැහැ. මේක තමයි මම දැක්ක හතර වෙනි හීනය. ස්වාමීනී, මේකේ විපාක කොහොම ද?"

" මහරජතුමනි, මේ සිහිනයේ කාරණා ත් අනාග‍යේ අධාර්මිෂ්ඨ වූ රජදරුවන් ගේ කාලයේ තමයි ඇති වෙන්නේ. අනාගතයේ පහළ වෙන අධාර්මිෂ්ඨ වූ කුසලයෙන් තොර වූ රජදරුවෝ, නුවණැති වූ පරම්පරාවන් ගෙන් පැවැත එන, ඒ ඒ කටයුත්ත සාර්ථක ව කරන්නට දක්ෂ වූ මහා අමාත්‍ය වරුවන්ට යස පිරිවර දෙන්නේ නැහැ. රාජ කාර්යයන් විචාරණ, ස්ථානෝචිත ප්‍රඥා ඇති, නඩු විස‍ඳන්නට දක්ෂ වූ, පුරාණ පරම්පරාවලින් පැවත එන, වයෝවෘද්ධ අමාත්‍යයන් අධිකරණය කටයුතු වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධ වූ බාල අමාත්‍යයින්ට යස පිරිවර ලබා දෙනවා. ඒ වගේ ම බාල වූ පිරිස් අධිකරණයන් ගේ යොදවනවා. ඒ තරුණ අමාත්‍යවරු රාජකාරි කටයුතු දන්නෙ ත් නැහැ. යුක්තිය අයුක්තිය

දන්නෙත් නැහැ. තමන්ට දුන් යසස දරා ගන්නට ත් ඔවුන්ට බැහැ.

මහලු නුවණැති අමාත්‍යවරු ත්, තමන්ට යසස් නො ලැබීම නිසා, රාජකාරි කටයුතු කරන්නට හැකියාව තිබුණ ත්, "දැන් අපිට මේ රාජකාරි වලින් මොන වැඩක් ද? අපි දැන් යන්ට යමු, මේ බාල ඇමතිවරු ම ඒ රාජකාරි කරාවි" කියලා කළ යුතු රාජකාර්යයන් කරන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් ගැල් බර උහුලන්ට අසමත් ගොන් නාම්බන් ගැල් හිසෙහි යෙදුවා වගේ, ගැල් බර උහුලන්ට සමත් වූ මහ ගොනුන් අගට යෙදුවා වගේ ඒ රජ දරුවන්ට පරිහාණියක් ම යි සිද්ධ වෙන්නේ. මේ කාරණයෙන් ඔබට බයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා පස් වෙනි සිහිනය ත් කියන්න."

(මතු සම්බන්ධ යි -)

(This article is written with the assistance of jathakakatha.org and tipitaka.org )

Related Posts with Thumbnails