පෙරුම් පුරාගෙන ආ සංසාරේ........
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
නැත කිසි හර හුදු භව පැතුමේ
කර්මය රැස්වේ පින් පව් පලදේ
කොතැන ද භව දුක නතර වුනේ.....
තණගට වන් දිය බිඳක් වගේ
ජීවිතයම කෙටි අනියත වේ
දියෙන් උඩට වන් පියුම වගේ
ජීවිතයේ තතු දත යුතු වේ.....
අනන්ත වර කඳුළැලි සැලුවාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
සසර මොන තරම් බියකරුදෝ
අද මැරුණොත් අප කොහි යාදෝ….
හුදෙකලාව සුන්දර යි...! (1 කොටස)

හුදෙකලාව සුන්දර යි...! (1 කොටස)
...ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි...
දයාබර පින්වත් යාලුවේ...
මං ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්, හැබැයි හොඳට හිතල උත්තර දෙන්න ඕනි. ජීවිතේ යම් කිසි දවසක දි ඔයාට කාත් කවුරුවත් නැති ව හුදෙකලා වෙන්න සිද්ද වුනොත්, එතකොට ඔයාට මොකක් හිතේ වි ද?
සමහර විට ඔයාට දුක හිතේවි.... ලොකු අසරණ කමකුත් දැනේවි.... එහෙම නේ ද? ඔයාට විතරක් නෙමේ, අපි අතර ජීවත් වෙන හුඟක් දෙනෙකුට එහෙම යි.
නෑ හිත මිතුරන් අහිමි වුන හින්ද, තමන් ආදරය කරන අය අහිමි වුන හින්ද හුදෙකලා වුන හිත් වලට දැනුන දුක, කවි පද වෙලා කොයි තරම් නම් ලියවිලා තියෙනව ද? ඒ පදවැල් ම ගීත බවට පත් වෙලා කොයි තරම් නම් ගායනා වෙලා තියෙනව ද?
එත් දයාබර යාලුවේ,
හුදෙකලා භාවය සුන්දර ම සුන්දර ම අත්දැකීමක් කර ගත්තු මහා ශ්‍රේෂ්ඨ පිරිසකුත් මේ මිහිතලය මත ම වැඩ සිටියා. අන්න ඒ උත්තමයන් වහන්සේලා හුදෙකලා භාවයේ තියෙන උත්තරීතර සුන්දරත්වය හදවතේ රුවාගෙන ගම් දනව් සිසාරා වැඩම කළා.
සමහර විට ඔයා කියයි, “අප්පෝ... හුදෙකලාවෙ ඉන්න එක කොහොම ද සුන්දර අත්දැකීමක් වෙන්නේ” කියල.
ඇත්තට ම හුදෙකලා භාවය අපිට දුකක් කැන්ඳගෙන එන්නේ අපේ හිතේ කෙළෙස් තියෙන නිස යි. නමුත් වීතරාගී නිකෙළෙස් උත්තමයන්ට නම් හුදෙකලාව කියන්නේ පුදුම සුන්දර දෙයක්. ඉතින් ඔයා දන්නව ද සොඳුරු හුදෙකලාවේ අසිරිය වින්ඳ ඒ නිකෙළෙස් උත්තමයන් වහ්නසේලාට කියන නම මොකක් ද කියල? උන්වහන්සේලාට තමයි පසේ බුදු රජාණන්
වහන්සේලා කියල කියන්නේ.
ධර්මය ඉගෙන ගන්න ඔයා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගැන ත් රහතන් වහන්සේලා ගැන ත් කරුණු කාරණා ගොඩක් අහල තිබුණට සමහර විට පසේ බුදු රජාණන් වහන්සේලා ගැන එච්චර විස්තර ඉගෙන ගෙන නැතුව ඇති.
මේ හදන්නේ ඒ උත්තමයන් වහ්නසේලා ගැන කරුණු ටිකක් ඔයාට කියල දෙන්න යි. මේ කරුණු ඇතුළත් වෙලා තියෙන්නෙ සුත්ත නිපාතය කියන පරම ගම්භීර දහම් ග්‍රන්ථයේ ඛග්ගවිසාණ කියන සූත්‍ර දේශනාවෙ. ඇත්තට ම කියනව නම් සුත්ත නිපාතය කියල කියන්නේ ගොඩාක් ගැඹුරු දහම් කරුණු ඇතුළත් වෙන උතුම් ග්‍රන්ථ රත්නයක්. සුත්ත නිපාතයේ තියෙන
එක ම එක ගාථාවක්ින් වුනත් නුවණැති කෙනෙකුට සදහම් සාගරයේ පතුලට ම කිමිදෙන්න පුලුවන්.
ඉතින් අන්න ඒ සදහම් මංජුසාවේ අඩංගුවෙන ඛග්ගවිසාණ කියන මේ සූත්‍රය හුදෙකලාවේ අනුසස් ප්‍රකාශ වන ලස්සන දේශනාවක්. මේ දේශනාව ගොඩාක් දිග යි. ගාථා හැට ගණනක් මේ දේශනාවට ඇතුළත් වෙනවා. එක එක ගාථාව ප්‍රකාශ කරපු පසේ බුදු රජාණන් වහන්සේට අදාළව සුන්දර නිදාන කථාවකුත් තියෙනවා. ඒ නිසා එක වතාවකට එක ගාථාව ගානේ නිදාන කථාවත් එක්ක ම ඔයාට කියල දෙන්න යි මේ හදන්නේ. මේ ටික එකතු කරල පුංචි පොතක්
හදා ගත්තොත් හුදෙකලා වෙච්ච වෙලාවකට ඒ හුදෙකලාවේ මිහිර විඳින්න ඔයාට ත් පුලුවන් වේවි. එය එසේ ම වේවා !
ඛග්ගවිසාණ සූත්‍රය
සූත්‍රයට කෙටි හැඳින්වීමක්
පාළි භාෂාවෙන් ඛග්ග කියලා කියන්නේ කඩුවට. විසාණ කියලා කියන්නේ අඟට. කඩුවක් වැනි අඟක් තිබෙන නිසා කඟවේණාට ඛග්ගවිසාණ කියල කියනවා. කඟවේණා කියන්නේ හුදෙකලාවේ හැසිරෙන සතෙක්. කඟවේණෙක් වගේ හුදෙකලාවේ හැසිරීම ගැන තමයි මේ ඛග්ගවිසාණ සූත්‍රයෙන් බුදු සමිඳුන් අපිට කියලා දෙන්නේ.
ඒ දවස්වල මගේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන අසපුවේ. එදා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ හුදෙකලාවේ භාවනා කරමින් ඉන්න කොට උන්වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇතිවුණා.
“අපේ බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ ජීවිත ගැනත්, තථාගත ශ්‍රාවකයින් වහන්සේලා ගේ ජීවිත ගැනත් ගොඩක් දහම් කරුණු කියා දීල තිබෙනවා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේලා ගේ ජීවිත ගැන කරුණු අසන්නට ලැබෙනවා අඩුයි. ඒ නිසා මම භාග්‍යවතුන් වහන්සේගෙන් පසේ බුදු රජාණන් වහන්සේලා ගැන විමසන්ට ඕනෙ”
මෙහෙම හිතපු ආනන්ද ස්වාමීන් වහන්සේ භාවනාවෙන් අනතුරුව බුදු රජාණන් වහන්සේ වෙත වැඩම කළා. ඉන්පස්සේ තමන් වහන්සේට ඇතිවුනු ප්‍රශ්නය භාග්‍යවතුන් වහ්නසේ ගෙන් විමසා සිටියා. අන්න ඒ වෙලාවේ තමයි කාලයෙන් වැසී තිබුණු පසේ බුදු රජාණන් වහන්සේලා ගැන මේ විස්තර බුදු මුවින් අපිට අසන්ට ලැබුනේ.
පළමු වැනි ගාථාව.
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්තමිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ.
හැම සතෙක් කෙරෙහි ම දඬු බැහැර කරනවා. ඒ සතුන් අතරින් කිසිවෙක් වත් වෙහෙසට පත් කරන්නෙත් නෑ. තමන් ගේ ම පුතෙකුට හෝ කැමතිවෙන්නෙත් නෑ. ඉතින් යහළුවෙකුට කැමති වෙනවා කියන එක ගැන කවර කථා ද, එක් අඟක් ඇති කඟ වේණෙක් වගේ හුදෙකලාවේ ම දිවි ගෙවනවා.
පළමුවෙනි ගාථාවේ අතීත සිදු වීම.
මේ සිදු වීම සිදු වුනේ බොහෝ ම ඈත අතීතයේ. ඒ දවස්වල මේ ලෝකයට දහම් අමා වැසි වස්වමින් දෙමින් සිටියේ කාශ්‍යප කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. ඉතින් එක්තරා තරුණයෙක් කාශ්‍යප බුදු රජාණන් වහන්සේ ගේ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ආරඤ්ඤිකාංගය කියන දුතාංගය සමාදන් වුනා. ඈත හුදෙකලා වනන්තර වල අවුරුදු විසි දහසක් සිල් ගුණදම් රකිමින් වාසය කරල කලුරිය කළා. කලුරිය කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉපදුනේ කාමාවචර දිව්‍ය ලෝකයක. පසු කාලයක ඒ දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බරණැස් රජතුමා ගේ අග මෙහෙසිය ගේ කුසේ පිළිසිඳ ගත්තා.
තමන් ගේ දේවිය ගැබ් ගත් බව දැනගත් බරණැස් රජතුමා ඇයට හැම සැප පහසුකමක් ම සළසා දුන්නා. ගැබ් පෙරහරකුත් පැවැත්වුවා. ඇය දසමසක් ඇවෑමෙන් රන් රුවක් වැනි සුන්දර රූපයක් ඇති පුංචි පුත් කුමරෙක් බිහිකළා. ඉතින් මේ පුංචි කුමාරයා රාජ සම්පත් භුක්ති විඳිමින් ක්‍රමයෙන් වැඩිවියට පැමිණුනා. කුමාරයාට අවුරුදු දාසයක් වෙනකොට පිය රජ තුමා මේ කුමාරයාව රජකමට පත් කළා. ඉතින් දැන් මේ කුමාරයා තමයි බරණැස් නුවර රජතුමා.
මේ රජතුමා යටතේ නගර විසිදහසක් තිබුණා. ඒ වගේ ම ඉතා විශාල ඇත් අස් සේනා, පිරිවර සේනා මේ රජකුමාරයාට උරුම වුණා. ඔහුගේ අන්තඃපුරයේ පමණක් ස්ත්‍රීන් විසිදහසක් සිටියා. මේ කුමාරයාට සැප සම්පත් වලින් අංශුමාත්‍රයක වත් අඩුවක් තිබුණේ නැහැ. නමුත් සංසාර පුරුද්දක් වශයෙන් ම මේ රජකුමරා ගේ සිත ඒ කාම සැප සම්පත්වල තදින්
ඇලුණේ නැහැ. මේ පින්වත් රජකුමාරයා රජකම කරන අතරතුර දීම සමථ භාවනාවන් දියුණු කිරීම තුළින් පංච අභිඤ්ඤාවන් (ඉද්ධිවිධඥාන, දිබ්බසෝත, පරචිත්තවිජානන, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත) වගේ ම අෂ්ඨ සමාපත්තිත් (රූප ධ්‍යාන හතර හා අරූප ධ්‍යාන හතර) උපදවා ගත්තා.
ඉතින් රජකෙනෙක් වුනාම නඩුවිසඳන්නත් ඕනි නෙ. දවසක් මේ රජතුමා නඩු විසඳන්න කියලා අධිකරණ ශාලාවට ගිහිල්ලා් රාජාසනයේ ඉඳගත්තා. නඬු විසඳගන්න ඇවිල්ලා හිටපු මිනිස්සු එතැන මහ ගෝෂාවක් ඇති කළා. ශබ්දය කියන්නේ ධ්‍යාන සමාපත්ති වලට කටුවක් වගේ කියල යි බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ රජතුමා ත් ශබ්දය සමාපත්ති වලට බාධාවක් කියල දැනගෙන අධිකරණ ශාලාවෙන් නැගිටලා මතුමහල් තලයට ගියා. ගිහිල්ලා
සමාපත්තිවලට සමවදින්නට උත්සාහ කළත් පුලුවන් වුනේ නැහැ. රාජ්‍ය කටයුතු නිසා සිත විසිරිල යි තිබුනේ.
ඉතින් මේ නුවණැති රජතුමා මෙහෙම කල්පනා කළා. “රජකම ද උතුම් වෙන්නේ නැත්නම් ශ්‍රමණ ධර්ම උතුම් වෙන්නේ?”
එතකොට රජතුමාට තේරුණා රජකම කියන්නේ බොහෝ ආදීනව තිබෙන ළාමක දෙයක් කියල. නමුත් ශ්‍රමණ ධර්ම කියන්නේ බොහෝ ආනිසංස තිබෙන, මහා සැපතක් ලබා දෙන, උත්තම පුරුෂයින් ම සේවනය කරන උතුම් දෙයක් බවත් එතුමාට පැහැදිලි වුනා.
ඉතින් ඊට පස්සෙ රජතුමා ඇමතිවරුන්ට කතා කරලා දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලන කටයුතු සිදු කරන ලෙස ත් අධාර්මික කටයුතු කිසිවක් සිදු නො කරන ලෙසත් අණ කළා. එහෙම අණ කරලා තමන් ගේ මාලිගාවට ගිහිල්ලා සමාපත්ති සැපයෙන් ම කල් ගෙවන්නට පටන් ගත්තා. ආහාර පාන ආදී අවශ්‍ය දේවල් රැගෙන එන අයෙකුට මිසක් වෙන කෙනෙකුට රජතුමා ව
මුණ ගැසෙන්නට ඉඩ ලබා දුන්නෙත් නැහැ. ඉතින් මේ විදියට සති දෙකක කාලයක් ගත වුනා. ඉතින් මේ රජතුමාට අග මෙහෙසියකුත් හිටියනේ. අන්න ඒ අග බිසවට මෙහෙම හිතුන.
“මොකද මේ අපේ රජතුමා පේනෙන්න නැත්තේ. වෙනද නම්, උයනට යනව. සේනා බලන්ටත් යනව. නාට්‍ය බලන්නත් යනව. රජතුමා කොහෙ හරි ගිහිල්ලවත් ද?”
ඒ විදිවට හිතපු දේවිය ඒ ගැන විමසල බැලුව. එතකොට දැනගන්ට ලැබුණා රජතුමා එක දිගට භාවනා කරන බව. ඉතින් ඇය මොක ද දන්නව ද කළේ, එක්තරා ඇමතියෙකුට පණිවිඩයක් යැව්වා. ඒ පණිවිඩයෙන් කියවුනේ, “රජතුමා රජකම ප්‍රතික්ෂේප කළා නම්, මාවත් ප්‍රතික්ෂේප කළා වගේ තමයි. ඇවිල්ලා මාත් එක්ක වාසය කරන්න,” කියල යි.
ඉතින් මේ පණිවිඩේ අහපු ඇමතියා හොඳට ම භය වුනා. “නො ඇසිය යුතු දෙයක් නෙ මට මේ අහන්න ලැබුනෙ” කියල කණ් දෙක වහගෙන පණිවිඩේ ප්‍රතික්ෂේප කළා. දේවියත් වැඩේ අත් හැරියේ නැහැ. තව දෙපාරක් ම පණිවිඩ යැව්වා. ඒ දෙපාරම ත් ප්‍රතික්ෂේප කළා ම මේ විදියට තර්ජනය කළා.
“ඉතින් මං කියන විදියට කළේ නැත්නම්, ඔබ ව ඇමති කමිනුත් නෙරපනවා. ඔබව මරණයට හරි පත්කරනවා.”
එතකොට ඇමතිතුමා තදින් ම භය වෙලා මෙහෙම හිතුවා, “මේ කාන්තාවො කියන්නේ නම් තද අදහස් තිබෙන උදවියක්. සමහර විට මේ දේ කරන්න වුනත් බැරි නෑ”
ඉතින් ඇමතිතුමා එක දවසක් හොරෙන් ම ගිහින් දේවියත් සමඟ කාලය ගත කළා. අග මෙහෙසිය පෙර ජීවිතයේ බොහොම පින් කරපු තැනැත්තියක්. ඒ නිසා ඇගේ ශරීර ස්ඵර්ෂය බොහොම සැප දායකයි. ඇමතිය ඒ ශරීර පහසට තදින් ම ඇලුණා. ඒ නිසා නිතර නිතර ඇය හමුවෙන්නට ගියා. කල් යනකොට තමන් ගේ ම ගෙදර වගේ බිය සැක නැතිව හැසිරෙන්නට පටන් ගත්තා. මේ සිදු වීම දැකපු රාජ පුරුෂයෝ ඒ බව රජතුමාට දැනුම් දුන්නා. රජතුමා පිළිගත්තේ නැහැ. දෙවෙනි තුන්වෙනි වතාවට ත් දැනුම් දුන්නා. එතකොට රජතුමා මොක ද කළේ සැඟ වී මේ සිදු වීම බලා සිටියා. ඉතින් එය ඇත්තක් බව ඔහුට තමන් ගේ දෑසින් දැක ගන්නට ලැබුණා.
16 Dreams of King Kosala (part 01)

කොසොල් රජු දුටු සිහින දහසය (පළමු කොටස)
ඒ දවස් වල දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ යි. එහි දී මහා සිහින දහසය මුල් කොටගෙන මේ ජාතක කථාව දේශනා කොට වදාළ සේක.
එක දවසක් කොසොල් රජතුමා රාත්‍රියේ නිදාගත් පසුව, පාන්දර ජාමයේ සිහින දහසයක් දැක්කා. ඒ සිහින දැකල භයින් තැති අරගෙන අවදි වුණා. 'මේ සිහින දැක්ක නිසා මට මොකක් වෙයි දෝ..?' කියල මරණ භයෙන් බයට පත්වෙලා, නිදා නො ගෙන ඇඳේ ඉඳගෙන ම එළිය වැටෙනතෙක් කාලය ගෙව්වා.
ඉර උදාවුනායින් පස්සේ ශාන්ති බ්‍රාහමණයා සහ පුරෝහිත බ්‍රාහමණයා රජ්ජුරුවන් ළගට ඇවිල්ලා, 'ස්වාමීනි රජ්ජුරුවන් වහන්ස, රාත්‍රියෙහි සැපසේ කායල ගත කළා ද?' කියා ඇහුවා.
එතකොට රජ්ජුරුවො කියනවා, 'ආචාර්යයෙනි, මට කොහෙන් ද සැපක්..? මම අද පාන්දර හීන දාසයක් දැක්කා. ඒව දැකපු වෙලේ ඉඳන් මම මේ බයෙන් ඉන්නෙ. ඒව ගෙ දෝෂය මට කියන්න..'
'එහෙනම් රජතුමනි අපට දැකපු හීන ගැන කියන්න', කියා ඒ බමුණෝ රජතුමාට කිව්වා. රජතුමා ත් ඉතින් තමන් දැකපු හීන ගැන බමුණන්ට කිව්වා. කියල ඇහුවා මේ වගේ හීන පේන්න හේතුව මොකක් ද කියලා.
ඒ වෙලාවේ ඒ බමුණෝ තමන් ගේ අත් එහාට මෙහාට වැනුවා. රජතුමා ඇහුවා ඒ මොකද කියලා. එතකොට බමුණෝ කියනවා, "මහරජතුමනි මේවා බොහෝම කර්කෂ හීන" කියලා. ඉතින් රජතුමා නැවත ඇහුවා ඒ හීන වල විපාක මොනවා ද කියා. ඉතින් බමුණෝ කිව්වා, 'රජතුමනි මේ හීන වලින් පෙන්වන්නේ ඔබ වහන්සේට රාජඅන්තරාය, භෝග අන්තරාය, ජීවිත අන්තරාය කියන මේ තුන් අන්තරායන් අතරින් එක්තරා අන්තරායයක් වෙනවා' කියන එක යි.
කොසොල් රජතුමා හොඳට ම භය වුණා. භය වෙලා ඇහුවා මේ විපත්ති වලින් ගැලවෙන්නට ක්‍රමයක් තිබෙනවා ද කියලා. ඒ වෙලාවේ ඒ පුරෝහිත බමුණන් කියනවා 'රජතුමනි මේ හීන ඉතා ම තද බල ඒවා. ඒ නිසා පිළියම් කරන්නට බැහැ, නමුත් අපි ඒවා පිළියම් කළ හැකි ස්වභාවයට පත් කරන්නම්, ඒ වගේ දෙයක් කරන්නට බැරි නම් අපි ඉගෙන ගත්ත දේවල් වලින් ඇති ප්‍රයොජනේ මොකක් ද?'
"එහෙනම් ආචාර්ය වරුනි මොකක් ද ඒ සදහා කළ යුත්තේ..?"
"මහරජතුමනි ඒ සඳහා හැම දේකින් ම හතර ගානෙ අරගෙන කරන සර්ව චතුස්ක කියන යාගය කරන්ට ඕන."
මේ වෙනකොට කොසොල් රජතුමා හොඳට ම භය වෙලයි හිටියෙ, ඉතින් රජතුමා කිව්වා, 'අනේ ආචාරීනි, දැන් ඉතින් මගේ ජීවිතය තිබෙන්නේ ඔබලා අතෙයි. ඉක්මණට ම මට යහපත වෙන දෙයක් කරන්න.'
ඉතින් රජතුමා කියපු මේ වචනය අහල ඒ බමුණො ටික, 'දැන් අපිට බොහෝ වස්තුව ත් ලබා ගන්නට පුලුවන්, කන බොන දේවලුත් ගෙන්වා ගන්ට පුලුවන්' කියල හරි ම සතුටෙන් රජතුමා ව සනසල මාලිගාවෙන් පිටත් වෙලා ගියා. ගිහින් නුවරින් පිටත යාග ආවාටයක් හැදුවා. ඊ ළගට, හරක්, එලුවො, බැටලුවො වගේ ගොඩාක් සිව් පා සත්තු ගෙනල්ලා යාග කනුවේ බැන්ඳා. ඊට පස්සේ විවිධ කුරුල්ලො ජාතිත් ගෙනල්ලා ගැටගැහුවා. දැන් 'මේක ගෙන්න.. මේක ගේන්න' කිය කියා එහාට මෙහාට ඇවිදිනවා.
මේ බමුණො කෑ කොස්සන් ගසමින් එහාට මෙහාට යනව මල්ලිකා දේවිය දැක්කා. දැකල රජතුමා ගාවට ගිහිල්ලා අහනවා, 'මහ රජතුමනි මේ බමුණෝ නැවත නැවත එහාට මෙහාට ඇවිදින්නේ ඇයි...?'
"අනේ හැබෑට ම මල්ලිකා.. ඔයා නම් හොඳ සැපෙන් ඉන්නවා.. ඒත් මගේ කම්මුලේ සර්පයෝ ඇවිද්දත් ඔහේ දන්නෙ නැහැ නෙව.."
"මහ රජ්ජුරුවන් වහන්ස ඇයි එහෙම දෙයක් කියන්නේ...?" මල්ලිකා දේවිය ඇසුවා.
එතකොට රජතුමා සිදු වූ දේ කියා සිටියා. දැන් මේ බමුණන් යාගයකට ලක ලෑස්ති වෙන බවත් පැවසුවා.
මල්ලිකා දේවිය හරි ශ්‍රද්ධාවන්ත යි . ඒ වගේ ම බුද්ධිමත්. ඉතින් මල්ලිකා දේවිය රජතුමාට මෙහෙම කිව්වා..
"මහ රජ්ජුරුවන් වහන්ස, මේ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ අග්‍රබ්‍රාහ්මණයාණන් වහන්සේ ගෙන් ඔබ මේ සිහින වලට කළ යුතු දේ ගැන ඇහුව ද?"
"සොඳුර ඒ දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ අග්‍රබ්‍රාහමණ වුණ කෙනා කවුද..?"
"අහෝ ස්වාමීනි දෙවියන් මිනිසුන් සහිත වූ ලෝකයේ අග්‍රපුද්ගලයන් වහන්සේ වූ, හැම ධර්මයක් ම හැම ආකාරයෙන් ම විශේෂයෙන් දන්නා වූ, පරම පිරිසිදු චිත්ත සන්තානයක් ඇති, නික්ලේශී වූ මහාබ්‍රහමයාණන් වහන්සේව ඔබ අඳුනනේ නැති ද? ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ මේ සිහින වල තොරතුරු ඒකාන්තයෙන් ම දන්නවා. වඩින්න මහරජ්ජුරුවන් වහන්ස ඒ සර්‍වඥයන් වහන්සේ අතින් මේ කාරණය අසා දැනගන්න."
මල්ලිකා දේවිය මෙහෙම කිව්වා ම රජතුමා ත් 'හොඳයි දේවිනි'කියල විහාරයට ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරල එකත් පසෙකින් ඉඳ ගත්තා. සර්‍වඥයන්වහන්සේ තමන් වහන්සේ ගේ මිහිරි ස්වරය විහිදුවලා, "මහරජ්ජතුමනි මොකද මේ උදෑසන ම පැමිණියේ..?" කියා අසා වදාළා.
එතකොට රජතුමා කියනවා, "ස්වාමීනි මම අද පාන්දර සිහින දහසයක් දැක්කා. දැකල හොඳට ම භය වුනා. ඒ ගැන බමුණන්ට කිවවා. ඒ බමුණෝ ඒක අහල 'මහරජ්ජුරුවන් වහන්ස, ඒ හීන නම් ඉතාම දරුණු යි, ඉතා රූක්‍ෂ යි, ඒ හීන වල විපාක විනාශ කිරීමට අපි චතුෂ්කයෙන් යාගයක් කරමු', කියලා යාගය සරසනවා. ඒක නිසා ගොඩාක් සත්තු මරණභයින් බයවෙලයි ඉන්නෙ.
ඔබවහන්සේ මේ දෙව්මිනිසන් සහිත ලෝකයේ අග්‍රපුද්ගලයාණන් වහන්සේ. ඔබවහන්සේ ගේ ඥානයට අසු නො වන කිසි ම දෙයක් අතීත අනාගත වර්‍තමානයේ කොහෙත් ම නැහැ. ඒ නිසා ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මේ හීන වල විපාක දේශනා කරන සේක්වා.."
"මහ රජ්ජුරුවනි, එය එසේ ම යි. දෙව් මිනිසුන් සහිත වූ ලෝකයෙහි මේ සිහින වල තොරතුරු විපාක දකින්නට හැකියාව ඇති කෙනෙක්, මා හැරුනු විට ඇත්තේ නැහැ. ඒ නිසා මම ඔබට දේශනා කරන්නම්.. එසේ වුවත් ඔබ දුටු ආකාරයෙන් ම එම හීන ප්‍රකාශ කරන්න."
"එහෙම යි, ස්වාමීනි" කියල රජ්ජුරුවෝ තමන් දැකපු පළවෙනි හීනය ගැන ගාථාවකින් මෙහෙම කිව්වා.
‘‘උසභා රුක්‌ඛා ගාවියො ගවා ච,
අස්‌සො කංසො සිඞ්‌ගාලී ච කුම්‌භො;
පොක්‌ඛරණී ච අපාකචන්‌දනං.
ලාබූනි සීදන්‌ති සිලා ප්‌ලවන්‌ති, මණ්‌ඩූකියො කණ්‌හසප්‌පෙ ගිලන්‌ති;
කාකං සුවණ්‌ණා පරිවාරයන්‌ති, තසා වකා එළකානං භයා හී’’ති.
ස්වාමීනී, මම පළවෙනි හීනෙ දැක්කෙ මෙන්න මේ විදියට යි.
ස්වාමීනි, අඤ්ජන වර්ණයෙන් යුක්ත කළු පාට ගොන්නු හතර දෙනෙක් යුද්ධ කරන්නට කියල හතර දිශාවෙන් රාජාංගනයට ආවා. මහජනයා ත් 'මේ වෘසභ යුද්ධය බලමු'කියල එක් රැස් වුණා. ඒ විදියට එක් රැස් වුනා ම ඒ ගොනුන් හතර දෙනා යුද්ධ කරනවා වගේ ස්වභාවයක් පෙන්වලා, ගර්ජනා කරල ඒ ඒ පැත්තට පැනල ගියා. මේක තමයි මම දැකපු පළමුවෙනි හීනය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මේ සිහිනයේ විපාක ය මොකක් ද?"
"මහ රජතුමනි, මේ සිහිනයේ කරුණු සිද්ද වෙන්නේ ඔබ ගේ කාලයේ වත් අප ගේ කාලයෙන් වත් නො වෙයි. අනාගයේ අධර්මිෂ්ඨ වූ අයහපත් වූ රජවරුන් හා මිනිසුන් ලෝකයේ බිහි වෙනවා. ඒ කාලයේ තමයි මෙහි විපාක සිදු වන්නේ. ඒ කාලයේ මිනිසුන් ලෝකයේ යහපත පෙරලන්ට පටන් ගන්නවා. කුසලය පසුබැස යනවා. අකුසලය උත්සන්නව යනවා. කුසලය යට යනවා. අකුසලය මතුව එනවා. ලෝකය පිරිහෙන ඒ කාලයේ වර්‍ෂාව යහපත් විදියට හොඳින් වසින්නේ නැහැ. වැසි ඇතිකරන කරුණු සිඳී යනවා. භව භෝග මලානික වී යනවා. ඒ නිසා දුර්භික්‍ෂ ඇතිවෙනවා. වැසි වසින්නට මෙන් කලු වළාකුළු සතර දිගින් නැගී එනවා. ස්ත්‍රීන් අව්වෙහි වැනූ වී ආදිය තෙමෙයි යන භයෙන් ගෙවල් ඇතුළට ගන්නවා. පුරුෂයන් උදළු ආදිය ගෙන අමුනු නියර බඳින්ට නික්මෙණවා. එවිට වසින ස්වභාවයක් දක්වා, ගර්ජනා කොට විදුලි කොටා, වර්ෂාව ඇති නො වීම වළාකුළු පහව යනවා. ඒක හරියට අඳුන් පැහැති කළු ගොන් හතර දෙනා ගොන් පොරයකට මෙන් රාජංගනයට පැමිණ, මිනිසුන් එය බලන්නට රැස් වූ විට, පොර කන ස්වභාවයක් දක්වා, ගර්ජනා කොට ඒ ඒ තැන පලා යනවා වගෙයි.
මේ සිහිනයෙන් කියවෙන්නේ එය යි. ඔබට මේ සිහියන දැකීමෙන් කිසි අන්තරායක් ඇති වන්නේ නැහැ. අනාගයේ සිදු වන දෙයක් පිළිබඳ ව යි මේ සිහිනයෙන් දැක්වෙන්නේ. ඔබ ගේ බමුණෝ තමන් ගේ ජීවිකාව නිසා, යාග කිරීමෙන් සංසිඳී යන බව පැවසුවා."
මේ විදියට බුදු රජාණන් වහන්සේ පළමු වැනි සිහිනයේ කරුණු විස්තර කොට කොසොල් රජතුමාට දෙවැනි සිහිනය පවසන ලෙස වදාළා.
(මතු සම්බන්ධ යි -)
(This article is written with the assistance of jathakakatha.org and tipitaka.org )
බුද්ධ භූමි වන්දනා.......
මගේ දිවිය තිබෙනා තුරු සිහියට ගන්නම් මේ පින්බිම සිහිකර කර මම නමඳින්නම්
බුදු සිරිපා සිපගත් බිම මම සිපගන්නම්
මගෙ බුදු සමිඳුගෙ සසුනෙම නිවන් දකින්නම්
දඹදිව වන්දනා කවි
AUDIO - - TEXT
දඹදිව වන්දනා ගමන ගැන බොහෝ පොත් ලියා ඇත. ඒ සියළු පොත් වල වන්දනා ගමනට අදාල වැදගත් උපදෙස් සටහන් වී ඇත. එසේ තිබියදී ත් මා විසින් මෙම වන්දනා පොත ලියන ලද්දේ ගෞතම බුදුරජණාන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ම ලත් ශ්රද්ධාවක් ඇතිව, තනිව ම වුවත් වන්දනා කළ හැකි මාර්ගෝපදේශකත්වයක් ලබා දීම පිණිස ය. එය මෙම වන්දනා පොත පරිහරණය කිරීමෙන් ඔබට ප්රත්යක්ෂ කරගත හැකිවනු ඇත.
Advices given to Vishaka

සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද
01 - අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න.
තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.
02 - බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ - පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.
තේරුම (- තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.
03 - යේ දදන්ති තේසං යේව දාතබ්බං - දෙන අයට ම දෙන්න.
තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.
04 - යේ න දෙන්ති, තේසං න දාතබ්බං - නො දෙන අයට නො දෙන්න.
තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.
05 - දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං - දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.
තේරුම (- දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.
06 - සුඛං නිසීදිතබ්බං - සුවසේ හිඳගන්න..
තේරුම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය ±ක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.
07 - සුඛං භුඤ්ජිතබ්බං - සුවසේ අනුභව කරන්න.
තේරු ම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.
08 - සුඛං නිපජ්ජිතබ්බං - සුවසේ සැතපෙන්න.
තේරුම (- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට පරථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.
09 - අග්ගි පරිචරිතබ්බෝ - ගිනි පුදන්න
තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.
10 - අන්තෝ දේවතා නමස්සිතබ්බා - ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.
තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.
(ධම්මපදට්ඨකථා)
'නිර්මාංශ ප්රශ්නය'

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'නිර්මාංශ ප්රශ්නය' නම් කෘතියෙන්......










45